(යොහාන් භාසුර)
රජයේ සේවයෙන් විශ්‍රාම ගොස් තවමත් විශ්‍රාම වැටුප නොලැබුණු 20 - 24 විශ්‍රාමික එකමුතුව බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී අද (19) විරෝධතාවක් පැවැත්වීය.
මෙම විරෝධතාවට මාතලේ, නුවරඑළිය, හම්බන්තොට ආදි රටපුරා විසිරී සිටින විශ්‍රාමිකයන් පැමිණ සිටි අතර ‘පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් 2020 - 2024 විශ්‍රාමික අපට අහිමිද?’ ආදි පුවරු අතැතිව ඔවුහු විරෝධය දැක්වූහ.
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම විරෝධය පැවැත්වෙන ස්ථානයට ගොස් එම ගැටලුව පිළිබඳව ආණ්ඩුව දැනුත් කරන බව විරෝධතාකරුවන්ට දැනුම් දුන්නේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd