
(නිමල් ජයරත්න )
අරලගංවිල දෙහිඅත්තකණ්ඩිය ප්‍රධාන මාර්ගයේ, සිරිපාලන විහාරස්ථානය ඉදිරිපිටදි යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරෙන් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනෙකු මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව අරලගංවිල පොලිසිය කියයි.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ, බෝගස් හන්දිය අරලගංවිල ලිපිනයේ පදිංචි 21 වියති තිළිණ බණ්ඩාර සහ වෙහෙරගල රුහුණුගම ලිපිනයේ පදිංචි අවුරුදු පනස් පහක් වයසති ඩී.එම් දිසානායක බණ්ඩාර යන අය බව පරීක්ෂණ සිදුකරන අරලගංවිල පොලිසිය සඳහන් කරයි.
ඔහුගේ යතුරු පැදියේ පැමිණි අවුරුදු 47ක් වයසති කාන්තාවක් තුවාල ලබා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ ආරක්ෂක ඇමති. බංකු අරගෙන එන්න මෝට බයිසිකල් ගැන ඉගෙනගන්න.
මාසයට මෝටර් සයිකල් 20000 ක් විතර අලුතින් පාරට එනවා ගොඩක් වේලාවට තරුණ අය අධික වේගයෙන් යනවා පොලිසියට විතරක් පාලනය කරන්න බෑ මිනිස්සු විනයක් හදා ගත්තේ නැත්නම් දවස ගානේ 10-15 පරලොව