බස්නාහිරට සහ සබරගමුවට අද සවස තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 March 2025
මධ්‍යම අධිවේගයේ අනතුරක් මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එක් අයකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 19 March 2025
සුළං බලාගාරය ගැන අදානි තවමත් කැමැත්තෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1 වටිනාකමකින් යුත් මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නැවතත් ලබා ගැනීමට අදානි සමූහය උනන්දුවෙන් පසුවන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දියාවේ ’’ද හින්දු’’ පුවත්පත වාර්තා කළේය. 19 March 2025
දින 19යි දේශබන්දු ආගිය අතක් නෑ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සොයා ගැනීම සදහා රහස් පොලිස් විශේෂ කණ්ඩායමක් 15 ක් මේ වනවිට යොදා ඇති බව ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්ග පවසයි. 19 March 2025
ට්‍රම්ප්ගේ සටන් විරාමයට රුසියන් ජනපතිගේ අකැමැත්ත ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැති දුරකතන කතාබහෙන් පසු, රුසියනු යුක්රේන යුද්ධය නතර කිරීමේ අරමුණින් ට්‍රම්ප් පරිපාලනය යෝජනා කර ඇති දින 30 ක සටන් විරාමයට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කළේය. 19 March 2025
සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් යළි පෘථිවියට දින 8 ක මෙහෙයුමක් සඳහා පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස්, ආපසු පෘථිවියට පැමිණීමට නොහැකිව, මාස 9 ක් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටීමට සිදුවුණු නාසා ගගනගාමීන් දෙදෙනා සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් යළි පෘථිවියට පැමිණියහ. 19 March 2025
පෙම්වතාගේ පිහි පහරින් පෙම්වතිය මරුට සිය පෙම්වතියට පිහියකින් ඇණ ඝාතනය කළ බව කියන සැකකරුවකු වෙන්නප්පුව පොලීසියට පැමිණ බාර වීමෙන් පසුව එම පෙම්වතා අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසය කියයි. 18 March 2025
දුම්වැටි ගල් කළ පොලිසියේ දෙකකගේ වැඩ තහනම් කරයි වැටලීමකදී පොලිස් බාරයට ගත් විදේශීය දුම්වැටි තොගයකින් අඩක් බාහිර පාර්ශවයකට ලබා දි අසත්‍ය සටහන් තොරතුරු පොතේ ඇතුළත් කළැයි කියන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්ත වරාය උප ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ සහ කොස්තාපල්වරයකුගේ රාජකාරී වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය කියයි. 18 March 2025
ලංකාදීපය 19 වැනි වරටත් මහජන කිරුළ පළදියි ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 19 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකර ගත්තේය. 18 March 2025
ලන්දේසීන් රැගෙන ගිය පුරාවස්තු 06ක් ආපසු දීමට සූදානම් ලන්දේසි පාලන සමයේ මෙරටින් රැගෙන ගිය පුරාවස්තු 06ක් නැවතත් මෙරටට ලබාදීමට නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය (Bonnie Horbach) ප්‍රකාශ කළ බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යංංශය පවසයි. 18 March 2025
ඊශ්‍රායලයේ ඉදිකිරීම් වැඩට ලාංකිකයෝ 54ක් ඊශ්‍රායල් රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගත වූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 1154 දෙනකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. 18 March 2025
වැඩ වර්ජන කැඳවූ අයත් රෝහල්වල වැඩ වැඩවර්ජනය කැඳවන ලද වෘත්තීය සමිති සාමාජිකයින් ද රෝහල්වලට ගොස් සිය සේවා සපයන බවට වාර්තා වන්නේ යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 18 March 2025
අධිකරණ නියෝගය කඩ කළ වැලිකන්ද හිටපු ඕ අයි සී අල්ලන්නැයි නියෝගයක් වැලිකන්ද පොලිසිය මීට මාස කීපයකට පෙර අත්අඩංගුවට ගත් එල ගවයන් විසිදෙනකු, සැකකරුවන් දෙදෙනකු සමඟ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම එළ ගවයන් රජයේ ගොවිපළකට භාරදීමට නියෝග කර තිබියදී, නැවත ජාවාරම්කරුවන් දෙදෙනාටම විකිණී යැයි කියන වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොළොන්නරුව අංක 02 මහේස්ත්‍රාත් එන්. අන්සර් සදාත් මහතා පොලිසියට අද(18) නියෝග කළේය. 18 March 2025
ගුවන් ගමනට බාධා කළ විදෙස් තරුණයන් තිදෙනකුට අවවාද ගුවන් ගමනකට බාධා කරමින් ශ්‍රී ලංකන් ගුවන් යානයක් තුළ කලහකාරී ලෙස හැසිරුනේ යැයි චෝදනා ලද පාකිස්තාන් ජාතික තරුණ සංචාරක මිතුරන් තිදෙනකුට දැඩිසේ අවවාද කර මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (18)නියෝග කළාය. 18 March 2025
බලපෑම්වලට යට නොවී රාජකාරිය කරන්න කිසිදු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දකුණු පළාත් උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 18 March 2025
රන් මාල කොල්ලකරුට පැන ගන්න බැරිවෙයි අකුරැස්ස පොදු වෙළෙඳපොළ භූමියේ පිහිටි රන් භාණ්ඩ වෙළෙදසැලකින් රන් මාල තුනක් කොල්ලකා පළා යමින් සිටි පුද්ගලයකු වෙළෙදසල් හිමියන් පිරිසක් එක්ව ලුහුබැඳ අල්ලාගෙන අද (18) දහවල් පොලීසියට භාර දීමට කටයුතු කළ බව අකුරැස්ස පොලීසිය කියයි. 18 March 2025
ගෝඨාගේ නියෝගය වැරදි බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් කාන්තාවක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ රැදවුම් නියෝගය නීති විරෝධී බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් කඩවු කාන්තාවට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයට අද නියම කළේය. 18 March 2025
ලලිත් - කුගන් සිද්ධියට අද දුන් නියෝගය මානව හිමිකම් ක්රියාකාරිකයන් දෙදෙනකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් නමැත්තන් 2011 වසරේදී අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නිකුත් කර තිබූ සිතාසිය බල රහිත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ගොනුකර ඇති පෙත්සම ජුලි 30 වැනිදා සලකා බැලීමට සඳහා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය. 18 March 2025
මියන්මාරයේ තවත් 14ක් මුදාගෙන මියන්මාරයේ සයිබර් කදවුරු තුළ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනකු එයින් මුදා ගෙන අද දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බව කටුනායක ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. 18 March 2025
දේශබන්දුගේ නිවෙසින් විස්කි බෝතල් 120ක් හමුවේ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ අතුරුගිරිය හෝකන්දර නිවෙසේ තිබී විස්කි බෝතල් 120ක් සොයාගත් බව අතුරුගිරිය පොලිසිය කියයි. 18 March 2025
වර්ජනයෙන් ලිපි -පාර්සල් ලක්ෂ 10ක් තැපෑලේ සිරවෙයි තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුලු අනෙකුත් තැපැල් කාර්යාල වල ලිපි සහ පාර්සල් ලක්ෂ දහයක් පමණ සිරවී ඇතැයි තැපැල් වෘත්තිය සමිති ප්‍රකාශ කරයි. 18 March 2025
හිටපු ප්‍රා:සභාපති නි.මැ.කො සමග වලියක් දාගෙන පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාර දීමට පැමිණි හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයකු කුරුණෑගල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත අද සවස අත් අඩංගුවට ගත් බව කුරුණැගල මූලස්ථාන පොලිසිය කියයි. 18 March 2025
අපරාද රැසක වෙඩික්කරුවෙක් අල්ලයි අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව භීතියට පත්කරමින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතන හතරක් සිදුකර දෙදෙනකුට බරපතල තුවාල සිදු කර ඉන්දියාවට පලා ගොස් සැඟව සිටි මෝල් කසුන් නැමැත්තා මෙරටට පැමිණ හොර රහසේ සැඟව සිටියදී හෝමාගම ගලවිල ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසය කියයි 18 March 2025
ක්‍රීඩා සංගම්-ආණ්ඩුව හැප්පුනොත් තැලෙන්නෙ ක්‍රීඩකයා ක්‍රීඩා සංගම් සහ ආණ්ඩුව හැප්පෙන කොට ඒකෙන් තැලෙන්නේ ක්‍රීඩකයා බවපත් කළ මන්ත්‍රී මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 March 2025
ජාතික ක්‍රීඩා පනත වෙනස් කරනවා ජාතික ක්‍රීඩා පනත වෙනස් කිරීමේ කාර්ය බොහෝ දුරට අවසන් කර තිබෙන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 March 2025
මේ ඇමතිටත් ඒ ලෙඩේම හැදිලද? වත්මන් ක්‍රිකට් පාලකයන් මේ රටේ ක්‍රිකට් නැත්තටම නැති කරලා.ජාවාරමක් බවට පත්කරලා තිබෙන බව ඕනෑ කෙනෙක් පිළිගන්නවා.ඇමතිවරයාට එක් පෑන් පහරින් මේ දූෂිතයන් ගෙදර යවන්න පුළුවන්කම තියෙද්දි ඔහු නිහඬව ඉන්නේ ඇයි? දැයි සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 March 2025
ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට ලංකාවේ ව්‍යවසායකත්ව උන්මාදයක් ඇති කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 March 2025
වැඩිම ඡන්ද දායකයන් ගම්පහින් මෙවර පළාත් පාලන මැතිවරණයේ දී වැඩිම ඡන්ද දායකයන් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව ගම්පහ නියෝජ්‍ය මැතිවණ කොමසාරිස් රවීන්ද්‍ර වික්‍රමසිංහ මහතා පවසයි. 18 March 2025
මැතිසබයට අලුත් ආංශික කමිටු 7ක් දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා හතක් ස්ථාපිත කිරීමට ගෙන ආ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය. 18 March 2025
රෝගීන් බිල්ලට තබා කරන වැඩ වර්ජන අන්ත අසාධාරණයි සාධාරණ වැටුප් වැඩිවීමක්දී තිබියදී පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා කණ්ඩායම් රෝගීන් බිල්ලට තබා කරන වැඩ වර්ජනය අන්ත අසාධාරණ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. 18 March 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025