IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


දවස් හතට ණය තොගය බිලියන 300කින් වැඩි වෙලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දවස් හතට රටේ ණය තොගය බිලියන 300කින් වැඩි වී ඇතැයි පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා:- (න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කරුණානායක මහතා මේ බව කීවේ බලශක්ති අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමිනි.

"2025 වසර වන විට ගිගා වොට්16500ක් රටේ ජනනය වෙනවා.2030 වසරේදී මේ මට්ටමම 240000 දක්වා වැඩි කර ගැනීමට පුරෝකථනය කර තිබෙනවා.2050 වන විට ඒ අගය ගිගා වොට් 45000 මට්ටමකට පැමිණීමට නියමිතයි.

අප භයානක තත්ත්වයකට පිළිතුරු සෙවිය යුතුව තියෙනවා.අයවැය ඉදිරිපත් කරන දවසේ ඩොලරය රුපියල් 300 මට්ටමේ තිබුණා.මේ කතා කරන මොහොතේ එල් සී එකක් අරින්න නම් ඩොලරය 312 කට පමණ වැඩි වී තියෙනවා. මේ දවස් 7න් අප රටේ ණය තොගය බිලියන 300කින් වැඩි වී තියෙනවා. මේ තත්ත්වය අපේ ආයෝජනයට මොන අන්දමින් බලපානවාද කියා සිතිය යුතුයි.

විදුලි බල ඒකකයක් විකුණන මිල ඉතා වැදගත් කාරණයක්.ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය වැනි රටවල විදුලි ඒකකයක මිල රුපියල් 16-20 අතර අගයක තියෙනවා.තායිලන්තය මැලේසියාව වැනි රටක එම අගය 22ක්  පමණ වෙනවා.නමුත් ලංකාවේ විදුලි ඒකකයක මිල පවතින්නේ 24-25ක් මට්ටමකයි යනුවෙන් ද රවී කරුණානායක මහතා කීය.



අදහස් (6)

දවස් හතට ණය තොගය බිලියන 300කින් වැඩි වෙලා

Jayasekara Thursday, 20 November 2025 02:27 PM

අම්මෝ... හරි සුද්දවන්තයා...

:       0       1

mangala Thursday, 20 November 2025 03:34 PM

මහ බැංකුව කොල්ලකන්නේ නැතුව හිටියා නම් තමයි ඔය කතාව වැදගත් වෙන්නේ.

:       0       1

pradeep Thursday, 20 November 2025 04:00 PM

රට මේ තත්වයට ගෙනාවේ කවුද කියලා මතකද?

:       0       1

wedage Thursday, 20 November 2025 04:02 PM

පිස්සුද? මොහු තමයි මහ බැංකුව කැඩුවේ...

:       0       0

විපරමා Thursday, 20 November 2025 04:29 PM

තමුන් මුදල් ඇමතියා කාලේ කරපු දූෂිත වැඩ ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මහ බැන්කු බැන්දුම්කර වන්චාවලට තමුනුත් හවුල්....

:       0       1

Rata Perata Thursday, 20 November 2025 08:26 PM

ඔයා බය නැතිව ඉන්න. බඅංකු කඩපු අයගෙන් අදහස් පිළිගන්න තරම් ජනතාව මෝඩ නෑ. මේ රජය ගැන අපට විශ්වාසයක් තියෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 235 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site