කොටහේනේ වෙඩික්කරු අල්ලන්න මහජන සහාය ඉල්ලයි කොටහේන සුමිත්තාරාම ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයකුට සහ කාන්තාවකට වෙඩි තබා පලා ගිය වෙඩික්කරු හඳුනා ගැනීම සඳහා පොලිස් මූලස්ථානය මහජන සහාය ඉල්ලයි. 27 May 2025
ඔසප් වීම පිළිබඳ සමාජ අපවාද නිසා කාන්තාවන් දුක් විඳිනවා අතිශය ස්වභාවික සංසිද්ධියක් වන කාන්තා ඔසප් චක්‍රය පිළිබඳ සමාජයෙන් නැගෙන අපවාද හේතුවෙන් කාන්තාවන් දුක් විඳින බවත්, එයින් ඔවුන් මුදවා ගැනීම අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 27 May 2025
විමල්ගේ පුංචි මන්ත්‍රීවරු විමල් හමුවෙති පළාත් පාලන මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණෙන් පළාත් පාලන ආයතන වලට තේරී පත් වූ සභිකයෝ අද (27)බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ දී එහි නායක විමල් වීරවංශ මහතා හමුවූහ. 27 May 2025
වෛද්‍යවරු රටේ රඳවාගැනීමට ආර්ථික යුක්තිය ඉටුකරන්න විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු රට හැරයෑම යෑම වළක්වා රැකගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කාලරාමුවක් සහිත නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවත් සමාජ ආර්ථික අර්බුදය හමුවේ වෛද්‍යවරු විදෙස් ගතවීමේ ගැටළුව සඳහා වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය සහ සාධාරණය ඉටු කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 27 May 2025
හෙලේනා බාලිකාවෝ ජනපති කාර්යාලය පාර්ලිමේන්තුවක් කරති කැලණිය හෙලේනා විජයවර්ධන බාලිකා මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී අද (27) පැවැත්වීණි. 27 May 2025
’’රට ත්රස්තයන්ට’’ එරෙහි වෙන්න අලුත් නීතියක් එයි විදේශ ත්‍රස්තවාදී සටන්කරුවන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා ඵලදායී නීතිමය රාමුවක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 May 2025
සියලුම සභික ලයිස්තු 30ට පෙර ඉල්ලයි පළාත් පාලන මැතිවරණයේ සියලුම සභිකයන්ගේ නම් ලබන 30 වැනිදා රාත්‍රී 12.00ට පෙර දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට භාර දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් යළි ඉල්ලීමක් කරයි. 27 May 2025
රේගුව යන්නේ කොහෙද? මල්ලෙ පොල් උත්තරයක් දීලා පරීක්ෂාවකින් තොරව වරායෙන් නිදහස් කළ බහාලූම් 323 හි තිබුනේ මොනවාදැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ රේගුවෙන් විමසීමක් කළත් ලැබුණේ යන්නේ කොහෙද? මල්ලෙ පොල් උත්තරයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. 27 May 2025
කෙහෙල් බද්දර පද්මෙට පාස්පෝට් හැදූ සහකාර පාලක රිමාන්ඩ් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්හි සාමාජිකයකු යැයි කියන දැනට ඩුබායි රටේ සිටින කෙහෙල් බද්දර පද්මෙ යන අයට විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කළේ යැයි කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා ලබන 29 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා අද නියෝග කළේය. 27 May 2025
අධිකරණ ගොඩනැගිලි හයක වැඩ කඩිනම් කරන්න නියෝග අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රධාන ඉදි කිරීම් ව්‍යාපෘතීන් වන අධිකරණ පියස ව්‍යාපෘතියේ ගොඩනැගිලි දෙකක සහ අධිකරණ සංකීර්ණ හතරක ඉදි කිරීම් කටයුතු කඩිනම් කරන ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා අද ( 27) නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 27 May 2025
කොළඹ මහ නගර සභාවේ බලය ආණ්ඩුවට දෙන්නේ නෑ කොළඹ මහ නගර සභාවේ ඡන්ද ප්‍රතිඵලයට අනුව කොළඹ ජනතාව බහුතරයක් වර්තමාන ආණ්ඩුවට බලය දීම සුදුසු නැතැයි තීරණය කර ඇති බවත් ඒ හේතුවෙන් වර්තමාන ආණ්ඩුවට කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට පසුබිම සැකසීමට ඉඩනොතබන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා අද (27) පැවසීය. 27 May 2025
ජල ක්‍රීඩා මධ්‍යස්ථානයක් හදන්න යයි මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ජාතික ජල ක්‍රීඩා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට තීරණය වී තිබේ. 27 May 2025
මන්ත්‍රීවරුන්ගේ රැකවල් ආරක්ෂක කවුන්සලයට ආරක්ෂාව අවශ්‍ය යැයි ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන්ගේ එම ඉල්ලීම් සලකා බැලීම සඳහා ජාතික ආරක්ෂක කවුන්සලයට ඉදිරිපත් කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේය. 27 May 2025
ව්‍යාපෘති යෝජනා ගැන බලන්න ඇගැයුම් කමිටුවක් පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය වෙත ඉදිරිපත් කරනු ලබන ව්‍යාපෘති යෝජනා ඇගයීම සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 May 2025
’’ඩිජිටල් වැඩ’’ වේගවත් කරන්න රාජ්‍ය සමාගමක් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සංවර්ධනය සඳහා ආයතනික රාමුවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 May 2025
මර්වින්ට අධි චෝදනා කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයාව සිටියදී උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ රුපියල් කෝටි පහළොවකට අධික දේපළ සහ මුදල් ඉප වූයේ යැයි කියන හිටපු අමාත්‍යය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද නඩු පවරමින් අධි චෝදනා ගොනු කළේය. 27 May 2025
දුම්රියට හිතුමතේ බඩු අරන් දුම්රිය දෙපාර්තමේන්තුවට ඇතැම් උපකරණ ප්‍රමාණය ඉක්මවා මිලදී ගෙන ඇති බවටද තොරතුරු හෙළි වී යැයි කෝපා කමිටුව පවසයි. 27 May 2025
විදෙස් නඩු තීන්දු පිළිගන්න පනත පාර්ලිමේන්තුවට විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පනත යටතේ සාදන ලද නියමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 May 2025
ක්‍රීඩා උත්තේජක තහනම් නියෝග අලුත් කරයි ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 May 2025
මුහුද රළුයි යන්නේ බලාගෙනයි සක්‍රීයව පවතින නිරිතදිග මෝසම් කාලගුණ තත්වයේ බලපෑම හේතුවෙන් පුත්කල සහ මන්නාරම හාහා කන්කසත්තුරේ දක්ව සහ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබුවෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුද විටින් විට රළු ස්වභාවයග් ගන්නා බැවින් නැවත දැනුම්දෙන තුරු එහි යාත්‍රා නොකරන්නැයි ධීවර සහ නාවික ප්රජාවවටකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 27 May 2025
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ගංගාරාමයට නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා අද (27) පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයට පැමිණියේය. 27 May 2025
මැතිසබේ කෑම නව මිල ගණන් 1 වැනිදා සිට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන නව මිල ගණන් ලබන මස 1 වෙනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 27 May 2025
ළමා අපයෝජන වළක්වන්න අලුත් වැඩක් අරඹයි ළමා අපයෝජන සිද්ධීන් අවම කිරීම සඳහා ඒකාබද්ධ ප්රවේශයකින් යුත් බහු - ආංශික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 May 2025
දිස්ත්‍රික්ක 12ක කිරි ගොවිපොළ ගොඩනගන්න යයි කිරි ගොවීන් සංවිධානගත කර බලගැන්වීම මඟින් ඔවුන්ගේ නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීම් සහ කිරි අගය දාමය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 May 2025
යූරියා මෙට්‍රික්ටොන් 15,000 ක් ආනයනය කරයි ස්ටේට් සර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් මඟින් යූරියා මෙට්‍රික්ටොන් 15,000 ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 May 2025
බදු ප්‍රතිපත්ති සැලසුම් කරන්න අලුත් ඒකකයක් ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 May 2025
ආර්ථික මධ්‍යස්ථාන වල වැඩ බලන්න සමාගමක් හදයි විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය කිරීම පිණිස සීමිත වගකීම් සමාගමක් සංස්ථාගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 May 2025
ඔන්ලයින් පනත වෙනස් කරන්න කමිටුවක් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 May 2025
චීනය එක්ක ආර්ථික සහයෝගීතා ගිවිසුමක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය හා මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය අතර කාර්මික සැපයුම් දාම්වල ආර්ථික සහයෝගීතාව ශක්තිමක් කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 May 2025
රාජ්‍ය සේවයේ පුරප්පාඩු 15,073ක් පුරවයි රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සඳහා පත් කරනු ලැබ ඇති කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 May 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026