බියර් ලොරිය මහ පාරේ පෙරලේ කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩ මින්නාන ප්‍රදේශයේ දී බියර් රැගෙන ගිය බහාලුම් රථයක් වංගුවක් ගනිද්දි එහි තිබූ බියර් බෝතල් සහිත පෙට්ටි එම මාර්ගයට වැටීමත් සමග එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අවහිර වූ බව පොලිසිය කියයි. 19 March 2025
’’අපිට අප විශ්වාසයි’’ විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කරන ආකාරයට ආණ්ඩුවේ අමාත්‍යවරුන් කටයුතු කර අසුවුවහොත් ඉදිරියට පැමිණ සමාව ගැනීමට සූදානම් බව මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී සුනිල් බියන්වල මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 March 2025
දේශබන්දුගේ ගෙදර රටබීම බෝතල් 1009ක් අනිවාර්ය නිවාඩු ගිය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිවසේ තිබී විදේශීය මත්පැන් බෝතල් 1009 ක්ද ඔහුගේ ගිනි අවියද ඇපල් වර්ගයේ ජංගම දුරකතන දෙකක්ද සොයාගත් බව අපරාධ පරීක්ෂණ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 19 March 2025
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත් නිවහන බලන්න ඇමති යයි කොළඹ කාසල් වීදියේ ඉදි කෙරෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ලේ වැඩ කඩිනමින් අවසන් කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා උපදෙස් දුන්නේය. 19 March 2025
මහින්දගේ අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරයි ත්‍රස්තවාදී තර්ජනවලට නිරන්තරයෙන් ලක්වී සිටින තමන්ගෙන් ඉවත් කළ ආරක්ෂක සංචිතය නැවත ලබාදීමට රජයට නියෝගයක් නිකුත් කරන්නේයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනුකොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළේය. 19 March 2025
පෑලියගොඩ - ඔරුගොඩවත හරිත කලාප කරයි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ “ආදර්ශ නාගරික හරිත කලාප” ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. 19 March 2025
අවුරුදු සහන මල්ල ගැන ඇමති කියයි අවුරුදු සමයේ බඩු මල්ල ලබාදීම සඳහා වෙන් කළ රුපියල් මිලියන 1000 ක මුදල රුපියල් මිලියන 1500 දක්වා වැඩි කරන්නට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 March 2025
GSP+ ගන්න විපක්ෂයේ සහාය දෙනවා ජීඑස්පී ප්ලස් දිනා ගැනීම සඳහා විපක්ෂයේ සහාය දීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය 19 March 2025
දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ් අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට(20) දිනය තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්දික බුද්ධදාස මහතා අද (19) නියෝග කළේය. 19 March 2025
සජබෙ සභාපති අස් වූ හේතුව කියයි සමගි ජන බලවේගයේ සභාපතිවරයා ඉවත් වූයේ නවකයන්ට අවස්ථාව දෙන්නට බව සජබ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 March 2025
කතුන් ආර්ථිකයට මීට වඩා හවුල් කරගන්න ඕන ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ආර්ථික ක්ෂේත්රයට කාන්තා සහභාගීත්වය වැඩි කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. 19 March 2025
ගාල්ල නගර සභාව රුපියල් කෝටියක් පැත්තකට දමලා ගාල්ල මහනගර සභා බල ප්‍රදේශය තුළ ප්‍රදර්ශනය කොට ඇති ස්ථිර දැන්විම් පුවරු 401ක් වෙනුවෙන් අයවිය යුතු රුපියල් 13,904,589 ක නගර සභාව අයකොට නොතිබු බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි. 19 March 2025
රිය අනතුරින් අයෙක් මරුට දඹුල්ල, වෑවලවැව ප්‍රධාන මාර්ගයේ කැප්ඇල ප්‍රදේශයේදී සංචාරක පිරිසක් ගමන් ගත් බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදිකරු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 19 March 2025
රියැලිටි ගායකයාගේ මෝටර් රියට ගිනි තියලා රියැලිටි ගායන තරඟයකින් පළමු ස්ථානය දිනු චමෝද් කවිශ්ක ප්‍රේමරත්න මහතා පදිංචි කුරුන්දන්කුලම ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට නවතා තිබු ඔහුගේ මෝටර් රථයට ඊයේ(18) ගිනි තබා අලාභ හානි සිදුකර ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇති බව පොලීසිය කියයි. 19 March 2025
කැලණි සරසවියේ මනෝ විද්‍යා අංශ ප්‍රධානී අනතුරින් මරුට මීරිගම - මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරින් කැලණිය විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය, ආචාර්ය එන්.ඩී. ගුණේන්ද්‍ර ගයන්ත මහතා මියගොස් ඔහුගේ බිරිය හා දරුවන් තිදෙනා ඇතුළු හය දෙනකු තුවාල ලබා ඇතැයි මීරිගම රෝහල් පොලිසිය කියයි. 19 March 2025
බුද්ධ රශ්මී වෙසක් කලාපය දින හතරක් වෙසක් උත්සවයට නිමිත්තෙන් පැවැත්වෙන ’’බුද්ධ රශ්මි වෙසක් කලාපය’’ මෙවරත් දින හතරක් පුරා පැවැත්වීමට අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදී තීරණය කෙරිණි. 19 March 2025
වසර එකහමාරක් හොරට විශ්‍රාම වැටුප අරන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි. 19 March 2025
දින අටක් මන්ත්‍රී අර්චුනාගේ කට වහයි යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පසුගිය කාලයේදී විවිධ කණ්ඩායම් ඉලක්ක කර අවමන් සහගත අශෝභන ප්‍රකාශ නිකුත් කර සමාජයේ කැළඹීමක් ඇති කිරීම සැලකිල්ලට ගෙන ඔහු පාර්ලිමේන්තුවේ කරන කතා දින අටක කාලයක් ශ්‍රව්‍ය දුෂ්‍ය හා සමාජ මාධ්‍යවල සජීවීව විකාශය කිරීම අත්හිටුවීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (19) නියෝග කළේය. 19 March 2025
මැතිවරණයට ඇප තැන්පත් කිරීම අදින් අවසන් පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ ඇප මුදල් තැන්පත් කිරීම අද (19) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණපළාතේත් මිෂන් සභාව පවසයි. 19 March 2025
දේශබන්ධු මාතර අධිකරණයට ? අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණි බව අප වාර්තතාකරුවෝ පවසති. 19 March 2025
වන අලියාගේ පහරින් තිදරු පියා මරුට අම්පාර, දමන නීත්ත අඩි 100 මාර්ගයේදි වන අලියකු පහරදීමෙන් ගල්ඔය වැවිලි සමාගමේ සේවකයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 19 March 2025
රන් බඩු කොල්ල කා අබාධිතයා මරා ගේට්ටුවේ ගැටගසලා පැල්මඩුල්ල, මීගහගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වු කිසියම් පුද්ගලයෙකු නිවසේ තිබූ රන් බඩු සහ මුදල් කොල්ලකා නිවසේ සිටි උපතින්ම ආබාධිත පුද්ගලයෙකු ඝාතනය කර නිවසේ ගේට්ටුව අසල ගැට ගසා පලා ගොස් ඇති බව පැල්මඩුල්ල පොලිසිය පවසයි. 19 March 2025
බස්නාහිරට සහ සබරගමුවට අද සවස තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 March 2025
මධ්‍යම අධිවේගයේ අනතුරක් මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එක් අයකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 19 March 2025
සුළං බලාගාරය ගැන අදානි තවමත් කැමැත්තෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1 වටිනාකමකින් යුත් මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නැවතත් ලබා ගැනීමට අදානි සමූහය උනන්දුවෙන් පසුවන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දියාවේ ’’ද හින්දු’’ පුවත්පත වාර්තා කළේය. 19 March 2025
දින 19යි දේශබන්දු ආගිය අතක් නෑ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සොයා ගැනීම සදහා රහස් පොලිස් විශේෂ කණ්ඩායමක් 15 ක් මේ වනවිට යොදා ඇති බව ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්ග පවසයි. 19 March 2025
ට්‍රම්ප්ගේ සටන් විරාමයට රුසියන් ජනපතිගේ අකැමැත්ත ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැති දුරකතන කතාබහෙන් පසු, රුසියනු යුක්රේන යුද්ධය නතර කිරීමේ අරමුණින් ට්‍රම්ප් පරිපාලනය යෝජනා කර ඇති දින 30 ක සටන් විරාමයට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කළේය. 19 March 2025
සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් යළි පෘථිවියට දින 8 ක මෙහෙයුමක් සඳහා පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස්, ආපසු පෘථිවියට පැමිණීමට නොහැකිව, මාස 9 ක් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටීමට සිදුවුණු නාසා ගගනගාමීන් දෙදෙනා සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් යළි පෘථිවියට පැමිණියහ. 19 March 2025
පෙම්වතාගේ පිහි පහරින් පෙම්වතිය මරුට සිය පෙම්වතියට පිහියකින් ඇණ ඝාතනය කළ බව කියන සැකකරුවකු වෙන්නප්පුව පොලීසියට පැමිණ බාර වීමෙන් පසුව එම පෙම්වතා අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසය කියයි. 18 March 2025
දුම්වැටි ගල් කළ පොලිසියේ දෙකකගේ වැඩ තහනම් කරයි වැටලීමකදී පොලිස් බාරයට ගත් විදේශීය දුම්වැටි තොගයකින් අඩක් බාහිර පාර්ශවයකට ලබා දි අසත්‍ය සටහන් තොරතුරු පොතේ ඇතුළත් කළැයි කියන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්ත වරාය උප ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ සහ කොස්තාපල්වරයකුගේ රාජකාරී වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය කියයි. 18 March 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025