
(ගයාන් සූරිය ආරච්චි)
ප්‍රේම සම්බන්ධතාවයට මවුපියන් විරුද්ධ වීම හේතුවෙන් මවගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබූ බව කියන 13 හැවිරිදි සිසුවියක අත්අඩංගුවට ගෙන පරිවාස භාරයේ රඳවා ඇති බව බදුල්ල පොලිසිය පවසයි.
මෙසේ පරිවාස භාරයට පත්කර ඇත්තේ බදුල්ල එගොඩ වෙල ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි සිසු වියකි.
එම ගිනි තැබීමෙන් බරපතල තුවාලැබූ මව බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16) මියගොස් ඇති බව පොලිසිය පවසයි.
එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ බදුල්ල එගොඩ වෙල ප්‍රදේශයේ පදිංචි දුලාංජලී කුමාරි 28 නැමැති කාන්තාවකි. එම සිදුවීම ඉකුත් 4 වැනි දින සිදුව තිබූ බව පොලිසිය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 14න් ද කසාද බැඳලා තියෙන්නේ...
අඩු වයස් විවාහ ගැන ඒ දරුවගේ අම්මාට හොඳටම අත් දැකීම් ඇති. මොකද මේ සඳහන් කර ඇති වයස් වලට අනුව ඒ අම්මාට අවුරුදු 15 දී මේ දරුවා ලැබෙන්න ඕනෑ, ඒ කියන්නේ අඩුම තරමින් අවු. 14 දී විවාහ වෙන්න හෝ ලිංගික සබඳතාවයක් පවත්වලා තියෙන්න ඕනෑ. කෙසේ වුවත් ඛේදනීය සිදුවීමක්...
ඒ අම්මා උත්සාහ කරන්න ඇත්තේ තමන් කරපු වරද දරුවාත් නොකරන්න උගන්වන්න...
බදුල්ලේ ළමා විවාහ ඉස්සර ඉදලාම සිද්ද වුණා. දෙමවුපියන්ව පොඩි වයසෙන් දුවලා බන්දලා දුන්නා. දුවට 13යි. අම්මට 28යි. දුව බඩට ඇවිල්ලා තියෙන්නේ අම්මට වයස අවුරුදු 14දී... අම්මව ආදර්ශයට අරන් දුවත් හදන්න.
දුව 13, මව 28...?
වයස දෙන්නගේ බැලුවම කරකැවෙනවා.
අම්මා විවාහ වෙලා තියෙන්නෙත් අවුරුදු 15 ට අඩුවෙන්නේ. ගෑණු දරුවන්ට ලිංගික අධ්‍යාපනය නොවෙයි දෙන්න ඕනෑ. මනෝවිද්‍යාව...
මෙහි සඳහන් කරලා තියෙන අම්මාගෙයි දුවගෙයි වයස බැලුවාම පේන්නේ අම්මත් ඉතා අඩු වයසින් මවක් වුනා කියලා.
28 තරුණියකට 13ක දියණියක් හිටියේ කොහොමද?
අම්මාට 28 යි නම් ඔය අපරාධකාරී දැරිය බිහි කරලා තියෙන්නේ වයස 15 දී නේද? ආදර්ශේ නරකයි වගේ...
මවට විසි අටයි. දුවට දහතුනයි. බාල වයස්කාර විවාහ නීති විරෝධී නැතිද? සමාජ ව්‍යසනයක්.
අනේ අපේ රටකට ගිය කලක්. කෝ ඔය ලොකුවට සද්දෙ දාන ආගමික නායකයින්, ගුරු භවතුන්, සමාජ ශෝධකයින්. අපේ කාලේ නම් ඔහොම දේවල් අහන්නවත් තිබුනෙ නෑ.
මට නම් හිතාගන්නවත් බෑ. අවුරුදු 13ක දරුවෙක්.... මවක් ගිනිතබා විනාශ කරන්න තරම් දරුණු වෙලා. නරක මිතුරු ඇසුරවත්ද? හොද නරක තේරෙන්නේ නැතිද? එක්කෝ මන්ද බුද්ධික දරුවෙක් වත්ද?
අම්මට 28යි. ගිනි තියපු දුවට 13යි. ඒ කියන්නේ දුව ලැබෙන කොට අම්මාට 15යි. ලොකු කථාවක් සහ ඛේදවාචකයක්.. දැක දැකත්, දැන දැනත් නිහඩව බලන් හිටපු අය මේ අය වටේ කොච්චර ඇතිද?