ත්‍රිරෝද රථ සොරා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ත්‍රී රෝද රථ සොරාගෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ යෙදුණු කොළඹ පෞද්ගලික බැංකුවක ගිණුම් විගණන නිලධාරියෙකු ලෙස කටයුතු කළ අයෙකු හෙරොයින් සහ සොරා ගත් ත්‍රී රෝද පහක් සමඟ හෝමගම කටුවාන ප්‍රදේශයේදී අද (20) දින අත් අඩංගුවට ගත් බව හෝමගම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 21 April 2026
සාම පා ගමනේ පිරිස අත්තනගල්ල රජමහාවිහාරයට අවිහිංසාවාදය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පාගමන වියට්නාම භික්ෂූන් වහන්සේ නමක් වන පඤ්ඤාකර හිමියන් ප්රමුඛ භික්ෂූන්වහන්සේලා සහ‘ ආලෝක‘ සුනඛයාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර හිමිවරුන් අද(21) උදෑසන අත්තනගල්ල රාජ මහා විහාරස්ථානයට වැඩම කළහ. 21 April 2026
සාම පාගමනට පඤ්ඤාකර හිමි ඇතුළු පිරිස මෙරටට ශ්‍රී ලංකාවේ ’’ ඒහිපස්සිකෝ ’’ ලෙස නම් කර ඇති ’’ ලෝක සාමය සදහා ඇවිදින්න නැමති සාම පා ගමන සදහා සහභාගී වීම සදහා ඇමෙරිකාවේ වාසය කරන වියට්නාම් ජාතික පඤ්ඤාකර සහ රතනගුණ ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් සමඟ ’’ආලෝකා ’’ නැමති සුනඛයා ද , තවත් ගිහි පිරිසක් ද අද (21) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 21 April 2026
විදුලි ගාස්තු ඉහළ දැමීම තාම තීරණයක් ලැබුනේ නෑ විදුලි ගාස්තු නැවතත් ඉහළ දැමීමට ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම ඉදිරිපත් කර ඇති නව යෝජනාව සළකා බැලීමට හෝ තීරණය කර නොමැති බවත් මෙම මස (අප්‍රේල්) 1 වැනිදා සිට විදුලි ගාස්තුව සියයට 10 කින් ඉහළ දැමීම නිසා නැවත ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ගැටලුවක් මතුවන බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද (20) පැවසීය. 21 April 2026
දීප චෙල්වන්ගේ පොත් භාරදෙන්න බෑ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති ප්‍රකට දෙමළ කවියකු සහ නවකතාකරුවකු වන දීප චෙල්වන් ප්‍රදීපන් මහතා රචනා කළ කෘතිවල පිටපත් තොගය නිදහස් කිරීමට රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ අනුමැතිය අනිවාර්ය බවත් සාහිත්‍ය අනුමණ්ඩලයේ අනුමැතිය ප්‍රකාශ කරන ලිපිය ලැබුණු පසු රේගු පනතට අනුව කෘති පිටපත් තොගය නිදහස් කිරීමට කිසිඳු බාධාවක් නොමැති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා මහතා ‘ලංකාදීප’යට අද (20) පැවසීය. 21 April 2026
විශ්වාසභංගය ජය ගත්තත් මහජනයා ඉදිරියේ ආණ්ඩුව පරාදයි විශ්වාසභංගය ආණ්ඩුවේ බහුතරයෙන් ජය ගත්තත් දූෂිත ගල් අගුරු ක්‍රියාදාමය හෙළා දකිමින් ඉදිරිපත් වූ මහජන විරෝධය ඉදිරියේ ආණ්ඩුව පරාජයට පත්ව අවසානයේ අමාත්‍යවරයාට සහ ලේකම්වරයාට ඉල්ලා අස්වීමට සිදුවූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 20 April 2026
ගල් අගුරු - ඉන්ධන සිද්ධි ගැන පරීක්ෂණ අරඹන්න ගල් අගුරු වංචාව සහ වැඩි මිලට ඉන්ධන ආනයනය කිරීම සම්බන්ධයෙන් වාහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බවත් ජනාධිපති විමර්ශන කොමිසම් හරහා අපරාධ වැසීමේ උපක්‍රමයක් ආණ්ඩුව ක්‍රියාත්මක කරන බවත් එක්සත් ජනරජ පෙරරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අද (20) පැවසීය. 20 April 2026
රාජ්‍ය බැංකු තුන වාර්තාගත ලාභ උපයයි මහජන බැංකුව සිය ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ලාභය 2025 වසරේ වාර්තා කළ බවත්, ලංකා බැංකුව වසර 87ක ඉතිහාසයේ වැඩිම ලාභය 2025 වසරේ ලබා ගැනීමට සමත් වු බවත්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සියලු බදුවලට පෙර බිලියන 59ක ඉහළම ලාභයක් 2025 වසරේ වාර්තා කර ඇති බවත් එම බැංකු සභාපතිවරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පෙන්වා දුන්හ. 20 April 2026
වෙසක් නිසා එජාප කම්කරු සැමරුමටත් තිතක් මෙවර කම්කරු දිනය මැයි පළමු වැනිදාට යෙදී තිබෙන බැවින් මැයි දින සැමරුමක් පැවැත්වීම ගැන තීරණයක් ගෙන නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. 20 April 2026
මවුලවි තුමාගේ හිමි නමට ගමන් පහසුකම් බස් රථයක් එනතුරු මහමග බලා සිටි හිමි නමක් දුටු වැලිගම පරණ කඩේ මීරා සාහිබ් සිද්ධස්ථානයේ ප්‍රධාන මවුලවී නාජිහ් මවුලවිතුමා එම භික්ෂූන් වහන්සේ සිය යතුරු පැදියේ නංවාගෙන වැලිගම නගරයට යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසූ අයුරුයි මේ. 20 April 2026
රාගම කොන්ඩ කැපීමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ් රාගම ප්‍රදේශයේ වෙළෙඳ සැලක් තුළ දී කාන්තාවකගේ හිසකෙස් කපා අඩන්තේට්ටම් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධව රාගම පොලිසිය මගින් අත් අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනකු මේ මස 24 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස වත්තල මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද පස්වරුවේ නියම කළාය. 20 April 2026
ඉන්දීය උප ජනාධිපති පිටත්ව යයි ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (20) පස්වරුවේ යළි ඉන්දියාව බලා දිවයිනෙන් පිටත් විය. 20 April 2026
බලශක්ති ඇමති අනුර කරුණාතිලක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක මහතා පත් කරනු ලැබ තිබේ. ඒ අනුව අනුර කරුණාතිලක මහතා අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ බලශක්ති අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබීය. 20 April 2026
සාම පා ගමනේ කාල සටහන මෙන්න ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’සාමය සඳහා ඇවිදින්න’’ (Walk For Peace) සාම පාගමන වැඩසටහන හෙට (21) ඇරැඹෙයි. 20 April 2026
ඉන්දීය උප ජනපති නුවරඑළියට යයි දෙදින නිළ සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින ඉන්දීයානු නියෝජ්‍ය ජනාධිපති ශ්‍රී.ඩී.සී. රාධා ක්‍රිෂ්ණන් මහතා අද පෙරවරුවේ නුවරළිය ඇතුළු ප්‍රදේශ කීපයක නිල සංචාරයක නිරත විය. 20 April 2026
මෝටර් රථ කොමසාරිස් ජනරාල්ට ඇප කැබ් රථයක චැසි අංකය වෙනස් කර ලියාපදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි පිලැස්ස මහෙස්ත්‍රාත් එම්. එම්. අයි වාසල මහත්මිය අද (20) දින නියම කළාය. 20 April 2026
ජපානයට ප්‍රබල භූමිකම්පාවක් රික්ටර් පරිමාණයේ ඒකක 7.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ ප්‍රබල භූමිකම්පාවකින් වයඹදිග ජපන් වෙරළ තීරය කැලැඹිණි. 20 April 2026
අත්අඩංගුවට ගත් හිටපු ඇමති පියසේන ගමගේට ඇප අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පියසේන ගමගේ ඇප මතු මුදා හරියේය. 20 April 2026
වේදිකා වල මයික් පලන්නේ නැතුව කොමිසමේ සාක්කි දෙන්න ගල් අඟුරු වංචාව ගැන දැන් වේදිකා වල මයික් පලන්නේ නැතිව විශේෂ ජනාධිපති කොමිසමට ඇවිත් කරුණු කියන්න හැකියාව තිබෙන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවැසීය. 20 April 2026
පාස්කු ප්‍රහාරය සිහිකර තැන තැන සැමරුම් ශ්‍රී ලංකාවේ සිදුවූ දරුණතම ත්‍රස්තවාදී ප්‍රහාරයක් වන ‘පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය’ට වසර 7 ක් සම්පූර්ණවීම වෙනුවෙන් සංවිධානය කරන සැමරුම් වැඩසටහන හෙට (21) පැවැත්වෙන බව ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පැවසූහ. 20 April 2026
කුමාර ජයකොඩි රකින්න ජනාධිපති උත්සහ කළා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට තෙවරක් පැමිණ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා රැක්ක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (20) පැවසීය. 20 April 2026
මහ බැංකු හොරකමට පත්කරපු කොමිසමට වෙච්ච දෙයක් නෑ තමා ජනාධිපති ධූරය දැරූ කාලයේදී මහා බැංකු වංචාව සම්බන්ධයෙන් පත් කරපු කොමිෂන් සභාවට වෙච්ච දෙයක් නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 20 April 2026
’’ බලය ගන්න ලොකු සැලැස්මක් තියෙනවා’’ මේ වසරේ බලය ගැනීම සඳහා ලොකු සැලැස්මක් තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 20 April 2026
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් දරුවෝ 8 ක් මරුට ඇමෙරිකාවේ සිදුවුණු බිහිසුණු වෙඩි තැබීමකින් පොඩි දරුවෝ 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීම කළේ ෂමාර් එල්කින්ස් නමැත්තා බව පොලිසිය පසුව පැවැසීය. මියගිය දරුවන් 8 දෙනාගෙන් දරුවන් 7 දෙනකුගේ පියා වෙඩි තැබීම සිදු කළ ෂමාර් එල්කින්ස් බව ද වාර්තා වේ. 20 April 2026
‘කුෂ්‘ සමඟ විදෙස් ජාතිකයින් දෙන්නෙක් මාට්ටු රුපියල් හය කෝටි හතලිස් ලක්ෂ දස දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය සමාජ මාධ්‍යවේදීන් දෙදෙනෙකු අද(20) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 20 April 2026
සරසවි සිසුවා මුහුදට බිලි මිතුරන් පිරිසක් සමඟ බෙන්තොට මුහුදු තීරයේ දිය නාමින් සිටි මොරටු විශ්වවිද්‍යාලයේ තුන්වෙනි වසරේ ඉගනුම ලබන ඉංජිනේරු සිසුවෙක් දියේ ගිලී මියගිය බව බෙන්තොට පොලීසිය කියයි. 20 April 2026
දඹුල්ලේ ටයර් කඩයක් ගින්නෙන් අළුවෙයි දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටා ඇති පෞද්ගලික ටයර් අලෙවි සැලක සහ ගබඩාවක අද( 20 ) අලුයම ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය බව දඹුල්ල පොලිසිය කියයි. 20 April 2026
‘‘නෙදන්යාහුගේ වුවමනාවට ට්‍රම්ප් යුද්දයට පටලවා ගත්තා‘‘ ඉරාන යුද්ධයට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධ වුයේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුගේ වුවමනාවට බව ඇමෙරිකානු හිටපු උප ජනාධිපතිනි කමලා හැරිස් පසුගියදා ප්‍රකාශ කළාය. 19 April 2026
බලශක්ති ඇමතිකම ඇමති මණ්ඩලේම කෙනෙක්ට බලශක්ති අමාත්‍ය ධුරය ආණ්ඩුවේ දැනට සිටින අමාත්‍යවරයකු වෙත පැවරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. 19 April 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026