මත් ජාවාරමට සම්බන්ධ යුවළක් ඇතුළු 5ක් අල්ලයි මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අඹු සැමි යුවළක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු කඩු දෙකක්ද සමඟින් මුලතිව් හීදි අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි. 16 December 2025
සී බී රත්නායකට ඇප වසර දෙකක් ඇතුළතදී උපයා ගත් ආකාරයයි හෙළි කළ නොහැකි රුපියල් කෝටි පහකට අධික වත්කම්(රුපියල් 57347956.98) උපයා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු අමාත්‍යය සී.බී රත්නායක ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය. 16 December 2025
ඉසඩ්.ඩී. ඇළට වැටුණු අලි දෙදෙනා ගොඩට මාදුරුඔය ඉසඩ්.ඩී. ප්‍රධාන ඇළට අද(16 ) අලුයම වෙහෙර ගම ප්‍රදේශයෙන් වැටී සිටි වන අලි තිදෙනෙකුගෙන් දෙදෙනෙකු ගොඩගෙන දඹගහඋල්පත රක්ෂිතයට පලවා හැරීමට පිඹුරත්තෑව අඩවි වන කාර්යාලයේ වනජීවී නිලධාරීන් කටයුතු කළහ. 16 December 2025
ප්‍රා. ලේ කොට්ඨාස 68 කට තව දුරටත් නායයාමේ අවදානම් නිවේදන දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තව දුරටත් පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 68 කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (16 ) පස්වරු 4.00 දක්වා බල පැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. 16 December 2025
බිරියගේ පොරෝ පහරින් සැමියා අවසන් ගමන් යයි වාලච්චේන පොලිස් වසමේ වාහනේරි ප්‍රදේශයේදී පොරවකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු එම ස්ථානයේම මියගොස් තිබේ. 16 December 2025
අද කාලගුණය උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 December 2025
ලෝක බැංකුවෙන් ඩොලර් කෝටි 12 ක් ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ලෝක බැංකු ව්‍යාපෘතිවලින් අරමුදල් නැවත භාවිතා කිරීමෙන් ලබාගත හැකි හදිසි ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 120 ක් හෙවත් ඩොලර් කෝටි 12 ක් ප්රදානය කරන බව ලෝක බැංකුව පැවසීය. 16 December 2025
පුද්ගලයකුගේ දත් හතරක් කැඩූ ප්‍රා. මන්ත්‍රීට ඇප පොළොන්නරුව ලංකාපුර දී ප්‍රදේශයේ දී පුද්ගලයකුට පහරදී දත් හතරක් කඩා බරපතල තුවාල සිදු කළැයි කියන ලංකාපුර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි පොළොන්නරුව අතිරේක මහේස්ත්‍රාත් ශලණි ගුණවර්ධන මහත්මිය අද (15) නියෝග කළාය. 15 December 2025
ලබන වසරේ පැන්ෂන් දෙන දිනයන් මෙන්න 2026 වර්ෂයේ මාසිකව විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් චමින්ද හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශයට පත් කළේය. 15 December 2025
ව්‍යසන කළමනාකරණ ජාතික සභාව රැස් වෙයි ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (15) රැස්විය. 15 December 2025
අධිවේගීයේ අනතුරකින් විදේශිකයන් 4කට තුවාල දක්ෂිණ අධිවේගී මාර්ගයේ අගුණකොළපෑලැස්ස දහඅමුණ ප්‍රදේශයේදී අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 168 කණුව ආසන්නයේදී අද (15)සවස වෑන් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් වෑන් රථයේ ගමන් කළ ඉරාන ජාතිකයෙන් සිව් දෙනකු සමඟ රියදුරු තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කොට තිබුණි. 15 December 2025
හතුරුසිංහ කෝටි 150 ක වන්දියක් ඉල්ලයි ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු ධුරයෙන් ඉවත්කිරීමට සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5 ක් හෙවත් රුපියල් කෝටි 150 ක් වන්දියක් ඉල්ලා ස්විට්සර්ලන්තයේ අන්තර්ජාතික ක්‍රීඩා බේරුම්කරන අධිකරණයේ යළි නඩු පවරා තිබේ. 15 December 2025
ආණ්ඩුවේ හිතවතෙක් විගණකාධිපති පුටුවේ වාඩි කිරීමේ උත්සහයක් හිතවත් විගණකාධිපතිවරු පත්කර රජයේ වංචා වසාගනිමින් රටේ ජනතාවට දුන් පොරොන්දු කඩකිරීමට අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා උත්සහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (15) පැවසීය. 15 December 2025
සහන කණ්ඩායම් නොදුටු වලපනේ නාපටවල දිට්වා සුළි කුණාටුවටත් සමග වලපනේ නාපටවල ගම්මානයේ සිදු වූ නාය යාමෙන් නිවාස පහකට හානි සිදුව එක් කාන්තාවක මිය ගියද මෙතෙක් කිසිවකු අපි ගැන බලන්න ආවේ නැතැයි නාපටවල ගම් වැසියෝ පවසති. 15 December 2025
මහර - ගම්පහට පැය 15ක් ජලය කපයි මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට අනිද්දා (17) පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පැවසීය. 15 December 2025
තෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 5.4ක් මෙම වසරේ තෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය 5.4ක් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ. 15 December 2025
උත්සව සමයේදී බස්නාහිරට 2,500ක අතිරේක බලඇණියක් ඉදිරි උත්සව සමය වෙනුවෙන් ප්‍රධාන නගර හා ආගමික ස්ථානවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවැසීය. 15 December 2025
අර්ජුනත් අත් අඩංගුවට? හිටපු අමාත්‍යය අර්ජුන රණතුංග මහතා සැකකරුවකු ලෙස නම්කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්තාත් අසංක එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද පැවසීය. 15 December 2025
ජපන් ආපදා විශේෂඥයෝ සුව ලේකම් හමු වෙති ආපදාවන්ට ලක්වූ ජනතාවට කඩිනම් සෞඛ්‍ය සේවා ලබාදීම සඳහා පැමිණි ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායමේ ප්‍රධානීහු ඇතුළු කණ්ඩායමක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එම අමාත්‍යාංශයේ අද(15) හමු වූහ. 15 December 2025
නොවැම්බර් පාසල් ප්‍රවේශ පත්‍ර දෙසැම්බරයටත් වලංගුයි පාසල් දරුවන්ට නොවැම්බර් මාසයේ ගමන් වාර ප්‍රවේශ පත්‍රය මගින් මේ මාසයේද ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමේ පහසුකම සලසාදී ඇත. 15 December 2025
ඉතිහාසයේ වැඩිම විගමණික ප්‍රේෂණ මේ අවුරුද්දේ ඉතිහාසයේ ඉහළම විගමණික ප්‍රේෂණ 2025 වර්ෂයේ වාර්තා වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා උපුටා ගනිමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 15 December 2025
කොල්ලකෑ මෝටර් රිය පිළියන්දලින් සොයාගනී කහතුඩුව මහවංගුව ආසන්නයේදී රියදුරුට කැත්තකින් පහරදී තුවාල සිදුකර කොල්ලකෑ රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝභෝගී මෝටර් රථය පිළියන්දල තුම්බෝවිල අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී සොයාගත් බව ගල්කිස්සස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 15 December 2025
පකිස්ථානයෙන් ආධාර නැවක් එයි විපතට පත් ජනතාවට ලබා දීමට පකිස්ථාන රජයෙන් පරිත්‍යාග කරන ලද මානුෂීය අධාර බහාලුම් තොගයක්ශ්රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් ෆාහීම් උල් අසීස් ( Major General ( R) Faheem ul Aziz) මහතා විසින් කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී ( CICT) නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට බාර අද(15) දුන්නේය. 15 December 2025
ඛනිජ තෙල් හිටපු සභාපති ධම්මික අත්අඩංගුවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800 කට ආසන්න පාඩුවක් කිරීමේ චෝදනා යටතේ ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (15) අත්අඩංගුවට ගනු ලැබීය. 15 December 2025
මස්කෙළිය වත්තේ 21 දෙනෙක් දිනක වැටුප රට ගොඩ නැගීමේ අරමුදලට දෙති මස්කෙලියේ වතු කම්කරුවන් 21 දෙනකු රට ගොඩනැගීමේ රජයේ අරමුදලට සිය දෛනික වැටුපෙන් රුපියල් දහස බැගින් පරිත්‍යාග කර තිබේ. 15 December 2025
ගාල්ල ම.න සභාවේ අයවැය පරදියි ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ නගර සභාවේ 2026 අයවැය ලේඛණය වැඩි ඡන්ද දෙකකින් ඊයේ(15) පරාජයට පත්විය. 15 December 2025
යාලදී සංචාරක ජීප් රියක් අනතුරක සංචාරකයන් පිරිසක් රැගත් ජීප් රථයක් යාළ පිවිසුම් මාර්ගයේ ඇටුල්ල ප්‍රදේශයේදී පෙරළීමෙන් රුසියා සංචාරකයන් හතර දෙනකු තුවාල ලැබා ඇතැයි කිරින්ද පොලිසිය සඳහන් කළේය. 15 December 2025
සංචාරකයින් රැගත් නෞකාවක් ගාල්ල වරායට සුඛෝප භෝගි සංචාරක නෞකාවක් වන ඩි.පී.ලුමිනියා නමැති නෞකාව සංචාරකයින් 135දෙනෙකු රැගෙන මෝල්ටාවේ සිට අද(15) උදේ ගාල්ල වරායට පැමිණියේය. 15 December 2025
වෙරුගල්ආර ප්‍රා.ලේ.කාර්ය මණ්ඩලය සිර කර තැබීමට එරෙහිව අදත් විරෝධතා වෙරුගල් ප්‍රාදේශීය ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය පැය ගණනාවක් කාර්යාලය තුළ සිරකර තැබීමේ සිද්ධියට එරෙහිව අද (15) එම කාර්ය මණ්ඩල අසනීප නිවාඩු වාර්තා කර වැඩ වර්ජනයක් සිදු කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නියැළීම නිසා එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජල ගැලීම් වලට මුහුණ දුන් ජනතාවගේ සහන සේවා කටයුතු සම්පුර්ණයෙන්ම අඩපණවී ගියේය. 15 December 2025
ඌවේ පාසල් ටිකක් හෙට නෑ පවතින අයහපත් කාළගුණය හේතුවෙන් ඌව පළාතේ තිබෙන පාසල් 892න් පාසල් 525ක් ආරම්භ කිරිම දෙසැම්බර් 29 දින තෙක් කල් දැමු බව ඌව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ රෝහිත අමරදාස මහතා පැවසීය. 15 December 2025
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026