විදේශගත ලාංකිකයන්ට ආණ්ඩුවෙන් ලොකු උදව්වක්
රජය විසින් ක්රියාවට නංවා ඇති පොදු සේවා ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ, විදේශ රටවල වෙසෙන ශ්රී ලාංකිකයන්ට තම උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලබා ගැනීම සඳහා හඳුන්වා දුන් e-BMD පද්ධතිය මේ වන විට තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල 62ක සාර්ථකව ක්රියාත්මක වන අතර එය ආරම්භ කළ පළමු වසරේදීම පුද්ගලයන් 8027ක් සෘජු ප්රතිලාභ ලබා තිබේ.