
(නදීෂානි බණ්ඩාර)
පොදු දේපලවලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ නම් කළ මීගමුව කාන්තා බන්ධනාගාරයයේ රැඳවියන් 25 දෙනාගේ හඳුනා ගැනීමේ පෙරටුව සඳහා කාන්තා නියාමකවරියන්ට සිතාසි යොමු කරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය රෙජිස්ට්‍රාර්ට අද නියෝග කළාය.
එමෙන්ම සැකකාරියන් සහ සාක්ෂිකාරියන් එකම බන්ධනාගාර වල සිටි නම් වාට්ටු හෝ බන්ධනාගාර වෙනස් කර ඔවුන් එකට මුණ නොගැසෙන පරිදි රඳවා තබන ලෙසද ලබන 06 වැනිදා ආවරණ සහිත ඉදිරිපත් කරන ලෙසද එතෙක් ඔවුන් සියලු දෙනා ලබන ඔක්තෝබර් 06 දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
එම කාන්තා සැකකරුවන් සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ නඩු පවරන බවත් නඩුව අවසන් වන තුරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය.
සිද්ධිය අවස්ථාවේ දී මිය ගිය සියලුම පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ අවසන් බවත් සියලුම වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
ඉදිරියේ දී මරණ පරික්ෂණ සම්බන්ධයෙන් නියෝගය නිකුත් කරන බවද මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය.
මේ වන විට සැකකරුවන් 106 දෙනකු නම් කර ඇති බවත් ඉන් 81ක් පිරිමි පුද්ගලයන් සහ 25ක් කාන්තාවන් බවද නිලධාරීහු සඳහන් කළ අතර සැකකරුවන් 96 ක් හඳුනා ගැනීමේ පෙරට්ටුවට සඳහා ඉදිරිපත් කර තිබෙන බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd