
(අංජුල මහික වීරරත්න)
දක්ෂ කලාකරුවන් මෙනම රෝගියාගේ වේදනාව හඳුනන වෛද්‍යවරුන් සහ මිනිසුන් පිළිබඳ හැඟීමක් ඇති ඉංජිනේරුවන් බිහිකිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
එම අරමුණ ඉටු කර ගැනීමට නම් සෞන්දර්ය අධ්‍යාපනය ඉතා වැදගත් බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
දකුණු පළාතේ දූ දරුවන්ගේ සෞන්දර්ය හැකියාවන් හඳුනාගෙන ඒවා වර්ධනය කිරීමේ අරමුණින්, ගාල්ල බටදූව ශ්‍රී රතනජෝති විද්‍යාලය සියලු සෞන්දර්ය විෂයයන් සහිත විශේෂිත සෞන්දර්ය පාසලක් ලෙස විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළාය.
උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළේ, අධ්‍යාපනය යනු විභාග සමත්වීම හෝ සහතික පත්‍ර එකතු කිරීම පමණක් නොව, ජීවත්වන සමාජය තේරුම්ගෙන එහි යහපත් වෙනසක් ඇති කළ හැකි සංවේදී හා වගකීම් සහගත පුරවැසියන් බිහිකිරීම බවයි.
සෞන්දර්ය අධ්‍යාපනය මඟින් දරුවන්ගේ නිර්මාණශීලීත්වය මෙන්ම අනෙකාගේ වේදනාව හඳුනාගැනීම සහ විවිධත්වයට ගරුකිරීම වැනි මානවීය ගුණාංග වර්ධනය වන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd