කිසි ලෙසකින් විදුලි කප්පාදුවකට යන්නේ නෑ කිසිසේත් විදුලි කප්පාදුවකට යාමට රජය සූදානම් නැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා අද (22) පැවසීය. 23 April 2026
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ 23 April 2026
ක්‍රිකට් රැක ගන්න හරි වෙලාවට තීන්දු ගන්නවා රටේ ජනතාව ක්‍රිකට් වලට දක්වන ආදරය ආරක්ෂා කරගෙන එය සංවර්ධනය කර ගැනීමට අදාල තීන්දු අවශ්‍ය මොහොතේදී රජය විසින් ගැනෙනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා අද (22)පැවැසීය. 22 April 2026
පාස්කු කොමිෂන් නිර්දේශ ක්‍රියාත්මක කරන්න කමිටුවක් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව සහ එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ලබා දී ඇති වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත 22 April 2026
කන්ටේනර් කමිටුවට ජනපති බිමල් කැදවන යෝජනාව විසිවෙයි බහාලුම් 323ක් පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (22) රැස්වූ අවස්ථාවේදී ඇතිවූ විවිධ වාද විවාද හේතුවෙන් එහි උණුසුම් තත්වයක් ඇතිවිය. 22 April 2026
පොලිසියේ දිනක වැටුප රට නගන්න දෙයි දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජීවිත නගාසිටුවීමට සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැගීම සඳහා ආරම්භ කළ ‘Rebuilding Sri Lanka’ අරමුදලට පොලිස් නිලධාරින් විසින් සිය දිනක වැටුපෙන් රුපියල් 9,687,462ක මුදලක් පරිත්‍යාග කරන ලදී. 22 April 2026
දිට්වා ලක්ෂ පහේ වන්දිය මැයි මාසේ අවසන් වෙන්න පෙර ගෙවයි දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානියට පත් නිවාස සඳහා වන රුපියල් ලක්ෂ පහක වන්දි මුදල මැයි මස අවසන් වීමට පෙර ගෙවා නිම කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 22 April 2026
ඕස්ට්‍රේලියා ණය වාරිකය ගැන විමර්ශණයක් ඕස්ට්‍රේලියා ණය වාරිකයක් ලෙස ගෙවූ ඩොලර් මිලියන 2.5 ක් හෙවත් රුපියල් ලක්ෂ 8,000 කට අධික මුදලක් අස්ථානගතවීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂා කිරීමට මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරුන් දෙදෙනකුගෙන් යුත් සාමාජිකයන් පස්දෙනකුගේ තාක්ෂණික කමිටුවක් පත්කළ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 22 April 2026
පී.සී වෙඩි තබා ඝාතනය කළැයි වසර18 කට පසු මරණ දඩුවම වැටලීමකට ගිය බද්දෙගම පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙක් වෙඩි තබා ඝාතනය කළේ යයි චෝදනා ලැබූ විත්තිකරුවන් සිව් දෙනාගෙන් සිව් වැනි විත්තිකරුට මරණ දඩුවමත් අනෙක් විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කරන ලෙසත් වසර 18 ක දීර්ඝ නඩු විභගයකින් අනතුරුව බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා අද(22) පස්වරුවේදී නියෝග කළේය. 22 April 2026
ගලඅඟුරු කොමිසම වැඩ අරඔයි සියලු ගලඅඟුරු ගනුදෙනු විමර්ශනයට පත් කෙරැණු ජනාධිපති කොමිෂන් සභාවේ කටයුතු අද (22) ආරම්භ කෙරිණ 22 April 2026
උසස් පෙළ සිසුන්ට පාසලේ දී තියුණු ආයුදයක් පෙන්නලා පන්නිපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකට එහි තාප්පයෙන් පැන නීති විරෝධී ලෙස ඇතුලු වී පාසලේ සිට් උසස් පෙළ සිසුන් දෙදෙනකුගේ ගෙලට තියුණු ආයුධයක් තබා මරණ තර්ජනය කර ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි. 22 April 2026
ලංකාව විදෙස් රටකට ගෙවූ ණයක් හැකර්වරයෙක් අරගෙන විදේශ රටකට ණයක් ලෙස ගෙවූ ඇමරිකා ඩොලර් ලක්ෂ 25ක් පරිගණක හැකර්කරුවකුගේ ග්‍රහණයට නතුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 22 April 2026
යතුරු පැදියෙන් ආ මාරයා තරුණයා ඩැහැ ගනී වරකාගොඩ දීයකඩුව මාර්ගයේ සිදු වූ යතුරු පැදි අනතුරකින් තරුණයකු මියගොස් ඇතැයි වරකාගොඩ පොලිසිය කියයි. 22 April 2026
ලංකාවේ සර්වඥ ධාතු ඇමරිකාවේ ප්‍රදර්ශනයට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ඇමෙරිකාවේ ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයට වැඩම කරවා වන්දනාමාන කිරීම හා ප්‍රදර්ශනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 April 2026
‘‘ලෝක සාමයට පෙර ගෙදර සාමය ඇති කර ගන්න‘‘ ’’ලෝක සාමය සෙවීමට පැතීමට පෙර අපි හැමෝම නිවසේ සාමය ඇති කරගනිමු. තරහා නැති කර ගනිමු. වෛරය ක්‍රෝධය ඊරිසියාව තුරන් කර ගනිමු. එවිට මුළු ලෝකයේම සාමය පවතිනවා, ’’ යැයි ලෝක සාමය වෙනුවෙන් පා ගමනේ වැඩම කරන වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ අද අලුයම දඹුල්ලේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසූහ. 22 April 2026
මතට අබ්බැහි අයට ප්‍රතිකාර කරන්න අලුත් තැන් හයක් ’රටම එකට’ මත්ද්‍රව්‍ය විරෝධී වැඩ සටහන යටතේ කෙටිකාලීන ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම හා කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 April 2026
අන්තර් පළාත් මගී සේවා අවසර ක්‍රමය වෙනස් කරයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අන්තර් පළාත් මගී සේවා අවසර පත්‍ර ලබා දීමේදී අනුගමනය කළ යුතු නව ක්‍රම වේදයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 April 2026
සලේගේ පාපොච්චාරණයට මහේස්ත්‍රාත්ගෙන් කාලයක් පාස්කු ප්‍රහරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග යටතේ රඳවා ප්‍රශ්න කරන හිටපු බුද්ධි අධ්යක්ෂ හිටපු මේජර් ජනරාල් සුරේෂ් සලෙ මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් කිරීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන් තවදුරටත් හිතා බලන්නැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුුරු නෙත්තිකුමාර මහතා සුරේෂ් සලේ මහතාට දැනුම් දුන්නේය. 22 April 2026
පාස්කු කොමිෂන් නිර්දේශ ක්‍රියාත්මක කරන්න කමිටුවක් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව සහ එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ලබා දී ඇති වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 April 2026
රත්නපුරේටත් කෝච්චි එයි කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලෙන් ඔබ්බට රත්නපුර දක්වා දීර්ඝ කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනය හා සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම සඳහා වන උපදේශන සේවාව ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 April 2026
ජාතික නිවාස ප්‍රතිපත්තිය සංශෝධනයට ජාතික නිවාස ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 April 2026
ආගමන විගමන පාලක පත් කරයි ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 April 2026
සාම පාගමන නාවුලට කිට්ටුවේ:දැක ගන්න මඟ දෙපස දහස් ගණනක් පොරකති ‘‘ඒහිපස්සිකෝ‘‘ ලෝක සාම පාගමන අද දහවල් වන විට නාවුල ගොබැල්ල ප්‍රදේශයට ළඟා වූහ. 22 April 2026
ප්‍රේමලාල් ජයසේකරට ඇප නුවරඑලිය ප්‍රෙදේශයෙදි පුද්ගලයෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත හිටපු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා අද (22) නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත ඔහුව මුදා හරින්නැයි නුවරඑලිය මහේස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය නියෝග කළාය. 22 April 2026
සුරේෂ් සලේ අධිකරණයට පාස්කු ප්‍රහාරයට අදාල විභාගවන නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා හිටපු බුද්ධි ප්‍රධානී සිරේෂ් සලේ අධිකරණයට රැගෙන එයි. 22 April 2026
විදෙස් තරුණයා මුහුදට බිලි අහංගම මුහුදේ දිය නෑමටගිය ඉන්දියානු ජාතික තරුණයෙකු (.18) දියේ ගිලීම හේතුවෙන් මිය ගොස් ඇති බව අහංගම පොලිසිය පවසයි. 22 April 2026
සැක සමාගමෙන් තවත් ගල් අඟුරු නැව් 25ක් ගල්අඟුරු ගෙන් වූ සමාගමට ගල් අඟුරු නැව් 25 ක් ගෙන්විම සඳහා අවසර ලබාදී ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස් එස් මරික්කාර් මහතා පැවසීය 22 April 2026
අගමැති ලේකම්ගේ සැමියා ලෙස පෙනී සිටි අයෙක් කොටු අගමැතිනි හරිනි අමරසූරිය මෙනවියගේ පෞද්ගලික ලේකම්ගේ සැමියා ලෙස පෙනී සිටිමින් බොරැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකට සිසුන් දෙදෙනෙකු ඇතුළත් කර ගැනීමට උත්සාහ කළ සැකකරුවෙකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 22 April 2026
අලලස් ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නිතී නිලධාරියා අල්ලයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 22 April 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026