
(අංජුල මහික වීරරත්න)
මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් දරුවන් ගලවා ගත හැක්කේ නීතියට වඩා මාපිය - දූදරු ශක්තිමත් සබඳතාව මත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
මත් ව්‍යසනයේ බරපතලකම සහ දරුවන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරන ආකාරය පිළිබඳ දෙමාපියන් සෘජුව දැනුවත් කරමින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔවුන් සක්‍රීයව දායක කර ගත හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා පිහිටුවන ලද “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවට එක් වෙමිනි.
තම දරුවා මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ අවදානමක් පවතින්නේ නම් ඒ පිළිබඳ දැනුවත් කිරීමට දෙමාපියන්ට විශ්වසනීය පුද්ගලයෙකුගේ අවශ්‍යතාවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එවැනි අවස්ථාවලදී සාමාන්‍යයෙන් ගුරුවරයෙකුගේ හෝ ආගමික නායකයෙකුගේ සහාය ලබා ගැනීම සිදුවන බැවින්, ඒ පිළිබඳ අවධානය යොමු කර විශ්වසනීය මගපෙන්වීමක් ලබා දිය හැකි ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත්, ගුරුවරුන් ඒ සඳහා යොදා ගන්නේ නම් විශේෂ පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාවත් පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ බෙදාහැරීමේ ජාලය බිඳ දැමීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd