ඩෙංගු රෝගින් 82011 ක්, මරණ 61ක් ශ්‍රී ලංකාවේ මේ වසරේ ජුලි 26දා මධ්‍යම රාත්‍රිය වන විට මේ දක්වා ඩෙංගු රෝගීන් 82011ක් වාර්තා වි ඇති අතර මරණ සංඛ්‍යාව 61කි. ජුලි මාසයේ දින 26ට පමණක් ඩෙංලු රෝගින් 26636ක් වාර්තා වි ඇතර මේ වසරේ මාසයකදි වාර්තා වූ වැඩිම රෝගින් ප්‍රමාණය එය වෙයි. එසේම වැඩිම ඩෙංගු රෝගින් පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම අගය 17395කි. 27 July 2026
සිසුන්ට කුඩු බෙදූ උපකාරක පන්ති ගුරා මාට්ටු හොරණ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික උපකාරක පන්තියක් පවත්වාගෙන යන හිමිකරුවකු, සිසුන්ට කාලයක් තිස්සේ අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 27 July 2026
සියැටල්හි වෙඩි තැබිමකින් දෙදෙනෙක් මරුට ඇමෙරිකාවේ සියැටල්හි වාර්ෂික ආහාර උළෙලක් වන බයිට් ඔෆ් සියැටල් හිදී ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තවත් පහක් පමණ තුවාල ලබා තිබේ. ඇමෙරිකාවේ වේලාවෙන් පස්වරු 6ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ. 27 July 2026
පිලිපීනයේ පළමු ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය ඩාවෝ නගරයේදී විවෘත වේ පිලිපීනයේ පළමු ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය නිල වශයෙන් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඩාවෝ නගරයේදී ඉකුත් 25 වන දින විවෘත කළේය. 27 July 2026
හිටපු ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා ඇතුළු පහකට ඇප චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 02ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත් අනුද ජනාදිත් ඇතුළු සැකකරුවන් 5 දෙනා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 27 July 2026
දරුවන්ට පැය 24 කට වඩා උණ නම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානම ඉහළ යාමත් සමඟ, දරුවන්ට පවතින උණ තත්ත්වය පැය 24 කට වඩා පවතින්නේ නම් ප්‍රමාද නොවී වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවන ලෙස සෞඛ්‍ය බලධාරීහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිති. 27 July 2026
මේ වසරේ කොළඹ ගිනිගැනීම් 258 ක් මේ වසර තුළ කොළඹ සහ ඒ හා තදාසන්න ප්‍රදේශවලින් ගිනිගැනීමේ සිදුවීම් 258 ක් වාර්තා වී ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කරයි. 27 July 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළට සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ මැදපෙරදිග කලාපයේ දැඩි ලෙස උග්රවෙමින් පැවති ඇමෙරිකා - ඉරාන අර්බුදය යම් තරමකට ලිහිල් වීමේ ලකුණු පහළ වී තිබේ. 27 July 2026
මුදල් වංචාවකට අම්මයි දුවයි අත්අඩංගුවට මුදල් වංචා කිරීම් හා සොරකම් සම්බන්ධයෙන් අධිකරණ කීපයකින්ම වරෙන්තු ලබා සිටි මවක හා දුවක අලුත්ගම ,ධර්ගා නගරය ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත . 27 July 2026
හෙට සිට නිරිතදිගට වැස්ස වැඩි වේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 July 2026
දෙහිවල සුසාන භූමියේ මුරකරුට වෙඩික්කරුගේ පැදිකරු අල්ලයි දෙහිවල නිසල සෙවණ පොදු සූසාන භූමියේ මුරකරු ලෙස කටයුතු කළ පුද්ගලයාට වෙඩිතබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියේ යතුරු පැදිය පැදවූ අපරාධ කල්ලි සාමාජිකයා නුගේගොඩ දෙල්කඳ හන්දියේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 26 July 2026
ජෙලිෆිෂ් නිසා මුහුදේ දිය නෑ 10ක් රෝහලේ ජෙල් ෆිස් මතස්‍යයින් ශරිරයේ ස්පර්ශවීමෙන් පානදුර මුහුදු වෙරලේ අ දියනාමින් සිටී පුද්ගලයන් දස දෙනකු පමණ තුවාල ලබා ඇති බව පානදුර වෙරළේ ජීවිත ආරක්ෂක ඒකක සදහන් කරයි. 26 July 2026
දෙවිනුවර පෙරහරෙන් කාවඩි නවති දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ මෙවර ඇසල මංගල්‍යයේ දැඩි කතාබහට ලක්ව ඇති 06 වැනි පේලි පෙරහරේ කාවඩි අංගය ඉවත් කරන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මාතර මහ දිසාපතිවරයා වෙත අද ලිඛිතව දැනුම් දී ඇත. 26 July 2026
ලංකාවේ වෛද්‍යවරියකට ලෝක ශූරතාවක් ගෝලීය හෙපටයිටිස් තුරන් කිරීමේ සංවිධානය (Coalition for Global Hepatitis Elimination - CGHE) විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ හෙපටයිටිස් තුරන් කිරීමේ ශූරයන් අතරට ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ (NSACP) විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය තේරී පත්ව ඇත. 26 July 2026
ඌණ උපයෝජිත ඉඩම් විදෙස් ශ්‍රමිකයන්ට විදෙස්ගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ගේ ආයෝජන සඳහා ඌණ උපයෝජිත ඉඩම් ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය. 26 July 2026
කොළඹදී මහ සඟ සමුළුවක් ’’සුඛා සංඝස්ස සාමග්ගි’’ යන තේමාවෙන් මහ සඟ සමුළුවක් කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) හෙට (27) පස්වරු 2.30ට පැවැත්වේ. 26 July 2026
සාරානාතය ලෝක උරුමයක් කිරීම ගැන මෝදි ආඩම්බර වේ බුදුරජාණන් වහන්සේට සමීප සම්බන්ධයක් තිබෙන සාරානාත් පුදබිම යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම පිළිබඳව තමන් සතුටට පත්වන බවත් ඒ පිළිබඳව සෑම ඉන්දියානුවෙකුටම ආඩම්බරයට පත්විය හැකි බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පසුගියදා ප්‍රකාශ කළේය. 26 July 2026
’’එල්නිනෝ’’ ලංකාවම රත් කරයි උණුසුම් කාලගුණය ලබන මාසයේදී තවත් වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි, 26 July 2026
විනිසුරු වයස දිගු කරන්න නම් ජනමත විචාරණයකට යන්න විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවා නම් වහාම ජනමත විචාරණයකට යන්නැයි පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. 26 July 2026
ප්‍රධාන පොලිස් පරික්ෂකත් වැරදි ගොඩක් කරලා මෝටර් රථයකින් තරුණියන් දෙදෙනකු ස්ථාන දෙකකදී අනතුරට ලක් කර පලා යමින් සිටි හෝමගම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාසයේ විශේෂ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති බව කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකයකු අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. 26 July 2026
වික්ටෝරියාව පතුලටම හිඳේ පවතින දැඩි නියඟය හේතූවෙන් තෙල්දෙණිය වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස පහත බැස ,වික්ටෝරියා ජලාශය හිස් පිට්ටනියක් බවට පත්ව තිබේ, 26 July 2026
කෝටි 20කට අධික හෂීෂ් සමග කැනඩා පින්තාරුකරු මාට්ටු රුපියල් කෝටි 20කට අධික විදි වටිනා ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් සමග කැනඩා ජාතික පින්තාරු කරුවෙක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සේවයේ නිරත රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද අලුයම අත් අඩංගුවට ගනු ලැබීය . 26 July 2026
ෆොන් කඩේ ගින්නෙන් දැවේ කුරුවිට නගරයේ පැරණි දුම්රිය පොළ භූමියේ පිහිටි ජංගම දුරකතන සහ කොටස් අලෙවි කරන තාවකාලික වෙළදසලක ඇතිවු ගින්නකින් එය දැවි අලුවී ගොස් ඇතැයි කියයි. 26 July 2026
ආපන ශාලා හිමිකරුගේ ඝාතකයන් රණාලෙන් අල්ලයි බොරලැස්ගමුව බෙල්ලන්විල ආපනශාලාවක හිමිකරුට වෙඩි තබා ඝාතනය කර පලා යමින් සිටි වෙඩික්කරු සහ පැදිකරු වෙඩි ප්‍රහාරයෙන් පැයකට පසු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ඒ. සි. ජයනාත් මහතා පවසයි. 26 July 2026
ලොරියට යටවි මව මරුට දරුවන් දෙදෙනා රෝහලට කුඩා ටිපර් රථයකට මවක සහ පුතුන් දෙදෙනකු ලොරියට යටවී මව මිය ගොස් පුතුන් දෙදෙනා තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලිසිය කියයි. 26 July 2026
එතෙරින් ගෙනා පරවියන් 64ක් සමග ව්‍යාපාරියෝ දෙදෙනෙක් මාට්ටු විදේශීය පරවියන් 64 දෙනකු නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙක් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් ඊයේ රාත්‍රී අත් අඩංගුවට ගනු ලැබූහ. 26 July 2026
අපරාද රැසකට සම්බන්ධ යුද සෙබලෙක් මාට්ටු ගෙල කපා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම ඇතුළු කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ බව කියන යුද හමුදා සෙබළුකු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි. 26 July 2026
නඩු කටයුතු අවසන් වූ මත් කිලෝ 99ක් වනසයි නඩු කටයුතු අවසන් වු හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝ 99 ක් වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත දහන උදුනේදී මාරවිල මහෙස්ත්‍රාත් ගිහාන් බස්නායක මහතා ඉදිරියේ විනාශ කිරීම සිදුවිය. 26 July 2026
ක්‍රිකට් හිටපු සභාපති උපාලි ධර්මදාස දිවිසැරිය නිමකරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වූ උපාලි ධර්මදාස මහතා කොළඹ පෞද්ගලිකරෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. 26 July 2026
බොරලැස්ගමුවේ වෙඩි ප්‍රහාරයට ගොදුරු වූ ව්‍යාපාරිකයා මරුට බොරලැස්ගමුව බෙල්ලන්විල ප්‍රදේශයේ අද රාත්‍රී කාලයේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ ව්‍යාපාරිකයා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබද්දී මිය ගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. 25 July 2026
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026