(සුජිත් හේවාජුලිගේ)

කතානායකවරයාගේ නිල නිවසේ භාණ්ඩ වට්ටෝරු පොත අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි සේවකයන් අට දෙනෙකුට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිපාලන) මාර්ගයෙන් මෙම දැනුම් දීම කර ඇත.

මේ අනුව අල්ලස් කොමිසම හමුවේ ඊයේ සිකුරාදා පෙනී සිටි සේවකයෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගන්නා ලදී.

අනෙක් සේවකයන් හත් දෙනා ලබන 12,13,15 සහ 16 දිනවල අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

කතානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇති අවස්ථාවක මෙම බඩු වට්ටෝරු පොත අතුරුදන්ව ඇතැයි පැවසෙන්නේ පසුගිය 02 වැනිදාය.

මේ සම්බන්ධයෙන් කතානායක නිල නිවසේ කළමනාකාර පසන් අතුකෝරළ මහතාගෙන්ද අල්ලස් කොමිසම පසුගියදා පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

බඩු පොත අතුරුදන්වීම: කතානායක බංගලාවේ 08 ක් අල්ලස් කොමිසමට කැඳවයි (සුජිත් හේවාජුලිගේ) කතානායකවරයාගේ නිල නිවසේ භාණ්ඩ වට්ටෝරු පොත අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි සේවකයන් අට දෙනෙකුට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිපාලන) මාර්ගයෙන් මෙම දැනුම් දීම කර ඇත. මේ අනුව අල්ලස් කොමිසම හමුවේ ඊයේ සිකුරාදා පෙනී සිටි සේවකයෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගන්නා ලදී. අනෙක් සේවකයන් හත් දෙනා ලබන 12,13,15 සහ 16 දිනවල අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය. කතානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇති අවස්ථාවක මෙම බඩු වට්ටෝරු පොත අතුරුදන්ව ඇතැයි පැවසෙන්නේ පසුගිය 02 වැනිදාය. මේ සම්බන්ධයෙන් කතානායක නිල නිවසේ කළමනාකාර පසන් අතුකෝරළ මහතාගෙන්ද අල්ලස් කොමිසම පසුගියදා පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.