
(ඥානසිරි හෙට්ටිආරච්චි)
අම්පාර මහා රෝහල ඉදිරිපිට අද (3) පෙරවරු 11.00 ට පමණ ත්රී රෝද රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ මාරක අනතුරකින් කාන්තාවක මිය ගොස් තවත් තිදෙනකුට තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුළත් කළ බව අම්පාර පොලිසිය පවසයි.
අම්පාර මහා රෝහලේ සායනයකට සහභාගීවී ආපසු ත්රී රෝද රථයෙන් රෝහලින් පිටතට පැමිණ ප්රධාන මාර්ගයට අවතීර්ණ වූ අවස්ථාවේ ප්රධාන මාර්ගයේ ගමන් ගත් වෑන් රථයේ ගැටී ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇත.
ත්රී රෝද රථයේ කාන්තාවන් තිදෙනෙකු ගමන් කර ඇති අතර, ත්රී රෝද රථය පැදවූ පුද්ගලයා සහ කාන්තාවන් තිදෙනා වහාම රෝහල් ගත කිරීමට අවට සිටි පිරිස් කටයුතු කර ඇත. රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් කාන්තාවක් මිය ගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ තවත් කාන්තාවක් ප්රතිකාර සඳහා දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර ඇත. අම්පාර පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd