(ගයාන් සූරියආරච්චි)

මේ වසරේ මුල සිට මේ දක්වා සමස්ත වෙඩි තැබීමේ සිද්ධීන් 41 ක් වාර්තා වී ඇති අතර මියගිය ගණන 23 කි. එම වෙඩි තැබීම්වලින් 21 දෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

ගත වූ මාස 9 ට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් කළ වෙඩි තැබීමේ 36 කින් පුද්ගලයන් 23 දෙනකු මියගොස් 17 දෙනකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

එම සංවිධානාත්මක වෙඩි තැබීම්වලට සම්බන්ධ බව කියන වෙඩික්කරුවන් 14 දෙනකු, පැදිකරුවන් 12 දෙනකු සහ අපරාධ සදහා අනුබල දුන් සැකකරුවන් 118 ක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.