
(ගයාන් සූරියආරච්චි)
හැටන්, දික්ඔය, ප්රදේශයේ වෙළෙදසලක පදිංචිව සිටි අඹුසැමි යුවළක් ඝාතනය කර පවුම් 18 ක් කොල්ලකෑවැයි පල්ලේකැලේ බන්ධනාගාරයේ රදවා සිටියදී අසනීප තත්ත්වයක් මත බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මහනුවර මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී පලාගිය සැකකරු යාපනය දුම්රිය නැවතුම් පොළ අසලදී අච අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු බදුල්ල ප්රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයකු වන අතර සැකකරුගේ බිරියගේ රුපියල් ලක්ෂ 2 ක ණය ගෙවා දැමීම සදහා මීට එම අඹුසැමි යුවළ තියුණු ආයුධවලින් කපා ඝාතනය කර එම රන්බඩු කොල්ලකා පලාගොස් තිබුණි.
මෙසේ ඝාතනය කර තිබුණේ එස්. කලිමුත්තු සත්තිවේල් සහ ඔහුගේ බිරිඳ වන 82 හැවිරිදි සගුන්තලාදේවි යන අඹුසැමි යුවළය.
එම සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර සී.සී.ටී.වී දර්ශන ඔස්සේ කළ විමර්ශනවලදී සැකකරු බගවන්තලාව පෙට්රෙසෝ තේ වත්තේ සැගව සිටියදී අත්අඩංගුවට ගෙන තිබූණි.
අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පල්ලේකැලේ බන්ධනාගාර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd