
(මනෝප්රිය ගුණසේකර)
හෙරොයින් මත්ද්‍රව්‍ය ලඟ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා යටතේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නමැත්තා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් 11 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර අද (02) නියම කළාය.
පැමිණීල්ල විසින් බාරදුන් ලේඛණ වල යම් අඩුපාඩු ඇද්දැයි පරීක්ෂා කර දැනුම්දීම සඳහා කල් දෙන්නැයි විත්තිකරුවන්ගේ නීතීඥවරුන් කළ ඉල්ලීමක් පිළිගනිමින් මහාධිකරණ විනිසුරුවරිය එලෙස නියම කළාය.
නඩුව කැඳවු අවස්ථාවේදී පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්ණ කරන විත්තිකාර ශිරාන් බාසික් නමැත්තා පොලිස් නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලඅ අතර නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ.
හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා මත ශිරාන් බාසික්, පිලිපීන ජාතිකයකු ඇතු`ථ විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇත.
නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ආරම්භ කෙරුණු අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටින ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥවරිය විත්ති පාර්ශවයට බාරදිය යුතු ලේඛණ විවෘත අධිකරණයේදී ඔවුන්ට බාර දුන්නාය.
ඒ අවස්ථාවේදී විත්තිකාර ශිරාන් බාසික් නමැත්තා ඇතු`ථ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල, වසන්ත පිටිගල සහ ජනාධිපති නීතීඥ ඩිලාන් රත්නායක, මහත්වරු කරුණු දක්වමින් පැමිණීල්ලෙන් තමන්ට ලබාදුන් ලේඛණ අධ්‍යයනය කර ඒවායේ යම් අඩුපාඩු ඇත්නම් ඒ පිළිබඳ ඉදිරි දින අධිකරණයට දැනුම් දීමට පියවර ගන්නේ යැයි දැනුම් දුන්හ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව වැඩිදුර පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් 11 වැනිදා පැවැත්වීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට නියම කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd