
(යොහාන් භාසුර)
ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ දැමීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (30) රාත්‍රී නිවේදනය කළේය.
එම නව මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ද එම සංස්ථාව පැවසීය.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ද, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 50 කින් ද, ඉහළ දැමූ බව එම සංස්ථාව කීය.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 392 ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 414 ක් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 528 ක් දක්වා ඉහළ ගිය බවත් භූමිතෙල් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් මිල වෙනස් නොවූ බවත් ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 285 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් මිල රුපියල් 475 ක තවදුරටත් පවතින බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න දීල තියනව ඉන්ධන සහනාධාරය ලස්සනට
ඉස්සර මේකෙ කොමෙන්ට් දදා වැළලුන ඩෝබියෝ දැන් මැරිලද?
සම්පූර්ණයෙන්ම වරායේ උන්ගේ වැරැද්ද. උන් තෙල බාන ගාන වැඩි කරල.