
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවට සහභාගී වී පිටතට පැමිණෙන අවස්ථාවේ ඔහුගේ ආරක්ෂක නිලධාරියකුගේ හිසට කැමරාවකින් පහර දුන්නැයි පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පෞද්ගලික මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකු විසින් එම පහරදීම කළැයි කොම්පඤ්ඤෙ වීදිය පොලිසියට පැමිණිලි කළ බව රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක අංශය සඳහන් කරයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ නඩුව අද (30) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා පිටතට පැමිණෙන අවස්ථාවේදී මෙම පහරදීම සිදුව තිබේ. ආරක්ෂක නිලධරයාගේ හිසට කැමරාවෙන් පහර දෙන ආකාරය සඳහන් වීඩියෝ පටද සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබිණි.
පහර කෑමට ලක් වූ ආරක්ෂක නිලධාරියා පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක අංශය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසූයේ මෙවැනි කියා රනිල් වික්‍රමසිංහ මහතාගේ ජීවිතයටද අනතුරක් බවයි.ඉදිරියේදී මීට වඩා දරුණු ප්‍රහාර වලට ලක් වීමට සිදු වුවහොත් එහි වගකීම ගන්නේ කවුදැයි වජිර අබේවර්ධන මහතා ප්‍රශ්න කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd