
(ඩී.ජී. සුගතපාල)
ගාල්ල අම්බලන්වත්තේ නිවසක කාන්තාවකගේ හිසට වායු රයිෆල් උණ්ඩයක් වැදීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි
නිවසේ තිබු වායු රයිෆලයෙ එහි ගෘහ සේවිකාවක් විසින් අතට ගැනිද්දී එය එකවරම ක්‍රියාත්මකවි එම නිවසේම සිටි තවත් ගෘහ සේවිකාවකගේ හිසට උණ්ඩයක් වැදි තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය ගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ සිවසුබ්‍රමනියම් ශිවලෙච්චමි නමැති 57 හැවිරිදි කාන්තාවකි.
මෙම වායු රයිෆලය නිවෙස් හිමි කාන්තාවගේ බාරයේ ඇති අතර ඇයගේ සැමියා ගල් කොරියක් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරිකයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන ඇති 29 හැවිරිදි ගාහ සේවිකාව අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd