
(රෝෂණ් තුෂාර)
ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිට එම නඩුවෙන් නිදොස් කර නිදහස් වු පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා කොළඹ මහාධිකරණය ලබාදුන් තීන්දුවෙන් අනතුරුව මාධ්‍ය වෙත දළ අදහස් දක්වමින් මෙසේ පැවසීය.
කූට ඇටෝර්නි බලපත්‍රයක් භාවිතා කරලා කොටස් විකිණීමක් පිළිබඳ තිබුණු දෙවෙනි නඩුවෙනුත් අද දින මාව නිදොස් කොට නිදහස් කළා. ඇත්තෙන්ම මේ සම්බන්ධයෙන් නඩු දෙකක් වුණේ. එකම නඩුව දෙකට කඩලා මාව පීඩාවට පත්කිරීමේ අරමුණෙන් තමයි නඩු දෙකක් ගොනු කරලා තිබුණේ.
2025 මාර්තු මාසේ 23 වෙනිදා පළවෙනි නඩුවෙන් මාව නිදොස් කොට නිදහස් කරා. අද දින දෙවෙනි නඩුවෙනුත් මාව නිදොස් කොට නිදහස් කරා.
මේ නඩු දෙකෙන්ම නිදොස් කොට නිදහස් වීමට ලැබීම ගැන මං අතිශයෙන්ම සතුටට පත් වෙනවා.
ඒ නිසා තමයි 'ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී', ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම සුරකී. සත්‍යය කවදා හෝ ජය ගනී කියන කියමන ඇත්තක් බව අද සනාථ වුණා.
මගේ වසර 27ක දේශපාලන ජීවිතය පුරාවට හොරකමක්, මැරකමක්, සල්ලාලකමක් පිළිබඳ මට සතුරෙක්වත් චෝදනා නඟලා තිබුණේ නෑ. ඒ නිසා තමයි මට එරෙහිව පැමිණිල්ලක් කරන්න කිසිවකු ලංකාවෙන් සොයාගන්න බෑ.
ඔහු අද නඩු තීන්දුවේදීම සඳහන් වුණු පරිදි, ඔහු තමන්ගේ බිරිඳගේ අත්සන පවා හොරට ගහලා අධිකරණයේ වැරදිකරුවකු බවට පත්වුණු වංචනිකයෙක්. ඔස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පවා බොරු සාක්ෂි දීලා වැරදිකරුවකු වුණු බොරුකාරයෙක්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුව ඔප්පුකරගන්න බැරිවුනා මිසක් හොරකම් නොකලා නොවේ.
නඩුව ඔප්පුකරගන්න බැරිවුනා මිසක් හොරකම් නොකලා නොවේ.
එහෙනම් තමුසෙ ගෙ, අල්ලස් කොමිසම මගින්, FCID එක මගින් අල්ලා කූඩු කර තිබෙන, ගජ මිතුරු කණ්ඩායම් එහෙම බෙර ගෙන, නිදොස් කොට නිදහස් කිරීමට පිහිට වෙන්න පුළුවන් නෙද ? අර තුන්මුල්ලේ පංචායුදේටයි, හොර passeport, උප්පැන්න හදපු විමලෙගේ ගෑනියි නිදොස් කොට නිදහස් කරවා ගැනීමට කටයුතු කිරීම නරකද???
පැමිණිලිකරුට මේවා ඔප්පු කරගැනීමට අවශ්‍ය දැනුම නැතිකමින් මෙය සිදුවූ බව පැහැදිලියි, නැතුව මෙයා හොරකම් නොකර නෙවෙයි.
පච පතුරන අයවත් ධර්මය විසින් රකිනවලු ...
නඩුවේ ටෙක්නිකල් පොයින්ට් එකෙන් නිදහස් උනාට හර්ද සාක්කියෙන් නිදහස් උනාට අවීචි මහ නරකය නම් උසාවියේ වියේ ගොනු වෙලා තියන නඩුවෙන් නං යුෂ්මතාට සම්මෙට නිදහස ලැබෙන්නේ නෑ.ඔය වැල් බයිලා එදාට ඉවරයි.
එහෙනම් තමුසෙ ගෙ, අල්ලස් කොමිසම මගින්, FCID එක මගින් අල්ලා කූඩු කර තිබෙන, ගජ මිතුරු කණ්ඩායම් එහෙම බෙර ගෙන, නිදොස් කොට නිදහස් කිරීමට පිහිට වෙන්න පුළුවන් නෙද ? අර තුන්මුල්ලේ පංචායුදෙටයි, හොර passeport, උප්පැන්න හදපු විමලෙගේ ගෑනියි නිදොස් කොට නිදහස් කරවා ගැනීමට කටයුතු කිරීම නරකද???
2029 ජනාධිපති වීමට දවල් හීන දකිමින් සිටි, ඒ ඔක්කොම අනාගෙන, දැනට රක්ෂිත බන්ධනාගාරයෙ සැතපෙන, නිල් පාට බන්ධනාගාර කූඩු බස් රථයෙන් අධිකරණයටත් එතැන සිට යලිත් වරක් රක්ෂිත බන්ධනාගාරයටත් නිතර සංචාරය කරන, මැදමූලන චෞර පරම්පරාවේ මංඤං No-mole, හොර අබ්බගාත යෙක් කියන කොළුගැටයා වෙනුවට, වාචාල ගොම්මන්පිලට ජනාධිපති තරගයට ඉදිරිපත්වීමට ආශාවක් ඇති වෙනවා සත්තයි සහතිකයි ....