
( මොහොමඩ් ආසික්)
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බරපතල ලෙස හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට ගම්පොළ දක්වු වු කොටස දැඩි පරිශ්රමයක් යොදා මාස දහයකට පසු නැවත ඉදි කර පළමු දුම්රිය කොළඹ සිට පේරාදෙණිය හරහා ගම්පොළ දක්වා ධාවනය කරවීම සදහා මේ වන විට අවසන් අදියරේ ඉදිකිරීම් ලහි ලහියේ සිදු වෙමින් පවතී.
2025 නොවැම්බර් මස 27 වැනි දා දිවයිනම වෙලා ගත් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට ගම්පොළ දක්වා ස්ථාන සියයකට වැඩි ප්රමාණයක් හානියට පත් වූ අතර ඇතැම් ස්ථාන කම්බි ගැලවී ගිය වැල් පාලමක ස්වරූපයක් ගෙන තිබිණි.
එම දුම්රිය මාර්ගය පැවැති ආකාරයට එය නැවත ඉදි කර ගැනීමට හැකියාවක් ලැබේයැයි කිසිවෙකුටත් සිතිය නොහැකි තත්වයේ තිබිණ. කෙසේ වෙතත් ආර්.ආර්. සමාගම විසින් මෙම මාර්ගය ඉදිකිරීම භාර ගෙන කඩිනමින් මාර්ගය ඉදි කිරීමට පියවර ගෙන තිබිණ.
මාස දහයකට පසුව ඔක්තෝබර් මස දෙවැනි දින කොළඹ සිට නැවත වරක් දුම්රිය ධාවනය කිරිමට මේ වන විට සියල්ල සූදානම් කර තිබේ.
මාස දහයකට පසුව නැවත දුම්රිය ධාවනයට සැරසෙන දුම්රිය මාර්ග දැක ලබා ගැනීම සඳහා කඩුගන්නාවේ සිට එම දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේදී අපට හමු වූ ප්රදේශයේ ජනතාව සඳහන් කළේ මෙම දුම්රිය මාර්ගය විනාශ වී තිබූ ආකාරයට එය නැවත මේ ආකාරයෙන් ඉදි කිරීමට හැකි වෙතැයි තමන් විශ්වාස නොකළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd