පාසල් සිසුන්ට රක්ෂණාවරණයක් ‘සදා සුරකිමු දැයේ දරුවන්’ යන තේමාව යටතේ මෙරට සිසු සිසුවියන් ලක්ෂ 45කට වැඩි සංඛ්‍යාවකට පිදෙන ‘වෛද්‍ය හා පුද්ගල හදිසි අනතුරු රක්ෂණ ආවරණය’ අද (2) සිට නිල වශයෙන් ආරම්භ විය. 02 October 2017
පාසල් රග්බි ක්‍රීඩකයා මියයාම ගැන පරීක්ෂණයක් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති රග්බි පුහුණුවක් අතරතුරදී තුවාල ලැබූ පාසල් සිසුවකු රෝහල් ගත කිරීමෙන් පසු මියයාම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 02 October 2017
ළමා රෝහලට හෘද දැඩි සත්කාර ඒකකයක් ආසියාවේ ඉහළම රෝගී සත්කාර සේවා සපයන ළමා රෝහලක් සේ ප්‍රකට රිජ්වේ ආර්යා ළමා රෝහලේ පහසුකම් තවත් වැඩි දියුනු කරමින් හෘද උරස් ප්‍රතිකාර හා දැඩි සත්කාර රෝගී සේවා සංකීර්ණයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (2) පෙරවරුවේ මුල්ගල් තැබිණි. 02 October 2017
අක්මීමන දයාරතන හිමි පොලිස් අපරාධ කොට්ඨාසයේ ගල්කිසේ රඳවා සිටි රෝහින්ග්‍ය සරණාගතයින්ට එරෙහිව කළ උද්ඝෝෂණයේ දී එම සරණාගතයින්ට හිංසා කළැයි චෝදනා ලැබ සිටින අක්මීමන දායාරතන හිමියෝ අද(2) පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට වැඩම කළහ. 02 October 2017
සුපිරි මගේ හොරට ඩීසල් ඇද්ද තුනක් අත්අඩංගුවට අධිවේගි මාර්ගයේ හොරට ඩිසල් ඇද වෙළඳසැල්වලට ලබා දී වෙළඳසැල් වල විකුණු පුද්ගලයින් තුන්දෙනෙක් අත් අඩංගුවට ගත් බව මාතර තංගල්ල විශේෂ විෂ මත්දව්‍ය වැටලිම් ඒකකය කියයි. 02 October 2017
කෝටි 12 ක අල්ලසේ රේගු ලොක්කන් හතරට නඩු මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා කරමින් රේගු අධිකාරිවරුන් සිව් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී. 02 October 2017
2023 වන විට කොළඹ පැල්පත් ගැටළුව ඉවරයි කොළඹ නගරයේ පැල්පත්වාසීන් සඳහා 2023 වසර වන විට නිවාස 50,000 ක් ඉදිකර පැල්පත්වාසී ගැටළුව නොමැති නවීන නගරයක් ඉදිකරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 01 October 2017
විදුලි මිල සහ ඉන්ධන මිල ගැන මූල්‍ය අරමුදලෙන් යෝජනා ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්ධන හා විදුලිබිල නියම කිරීමේ ප්‍රතිසංස්කරණ හඳුන්වාදිය යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අමරමුදල යෝජනා කර තිබේ. 01 October 2017
ප්‍රදේශ කිහිපයකට පැය 16ක් වතුර කපයි බම්බුකුලිය ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන් එයින් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට (2) පෙරවරු 11.00 සිට අනිද්දා (3) අළුයම 3.00 දක්වා පැය 16ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 01 October 2017
හදවත් බද්දයෙන් දින තුනකට පසු තරුණිය මිය යයි මහනුවර මහ රෝහලේ දෙවන හදවත් බද්ධයට ලක්වූ තරුණිය සැත්කමෙන් දින තුනකට පසු හෘද රෝග ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. 01 October 2017
ගල්කිස්සේ සිද්ධියට හිමිවරු දෙනමක් පොලිසියට ගල්කිස්සේ නිවසක සිටි මියන්මාර සරණාගතයින්ට එරෙහිව ප්රකෝපකාරී ලෙස හැරසිරීමේ සිද්ධිය ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට ජාතික බලමුලුව සංවිධානයේ අක්මීමන දයාරතන හිමියන් සහ අරඹේපොළ රතනසාර හිමියන් හෙට කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ. 01 October 2017
ගැමුණු විජේරත්නගේ සහයත් සයිටම් විරෝධීන්ට සයිටම් ආයතනයට එරෙහිව ගෙන යන සටනට තම සහාය ලබා දෙන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමණු විජේරත්න මහතා පැවසීය. 01 October 2017
හල්දුම්මුල්ල බස් අනතුරින් දෙකක් මරුට 20 රෝහලට බණ්ඩාරවෙල සිට මරංගහවෙල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් හපුතලේ උඩවිහාරගල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන ගල් ඇන්දක හැපීමෙන් දෙදෙනකු මියගොස් 20 දෙනකු පමණ තුවාල ලබා රෝහල් ගත කළ බව හපුතලේ පොලිසිය කියයි. 01 October 2017
මල්ලිට දස වද දුන් අයියා අත්අඩංගුවට වයස අවුරුදු දොළහක පිරිමි ළමයෙකුට වද හිංසා කළැයි සැකපිට එම දරුවාගේ වැඩිමහළු සහෝදරයකු සහ සහෝදරයාගේ බිරිය ලෝක ළමා දිනය යෙදන අද අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය කියයි. 01 October 2017
පළාත් සභා ඡන්දයේ බලාපොරොත්තුව ඈතින් ඈතට ලබන වසරේ පළාත් සභා පැවැත්වීමේ බලාපොරොත්තුව 50%ට වඩා අඩු බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 01 October 2017
පොලිස් ඇමැතිගේ වාහනය හප්පා පලා ගිය තුනක් රිමාන්ඩ් පරිවාර රථ දෙකක් සමඟ ගමන් කරමින් තිබූ නීතිය හා සාමය ඇමැතිවරයාගේ රථය අනතුරට ලක් කර පළා ගිය බව කියන වාහනයක සිටි තිදෙනෙක් ලබන තුන් වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. 01 October 2017
සරණාගත කඳවුරට ගල්ගැසී යැයි හතරක් රිමාන්ඩ් මියන්මාර ජාතික සරණාගතයින් පිරිසක් රඳවා සිටි ගල්කිස්ස නිවසක් අසල නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් නිවසට ගල්මුල් ප්‍රහාර එල්ල කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා ලබන නව වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 01 October 2017
සංශෝධනයට එරෙහිව නඩු කියන්න පැෆරල් මගක් සොයයි මෑතක දී පාර්ලිමේන්තුවේ සම්මත වූ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතට එරෙහිව නැවත අධිකරණය ඉදිරියට යාමේ ඇති හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බව පැෆරල් සංවිධානය පවසයි. 01 October 2017
වකුගඩු දන්දීම තෙගුණයකින් වැඩි වෙයි මොළය මිය ගිය පුද්ගලයින්ගේ වකුගඩු දන්දීම ඉකුත් වසරට වඩා මේ වසරේ තෙගුණයකින් වැඩිවී ඇතැයි ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා පවස. 01 October 2017
නාවික හමුදා යත්‍රාවක බෝට්ටුවක් ගැටී අයෙක් මරුට යාපනය කයිට්ස් කෝවිලන්තුඩුව මුහුදේ ධිවර කටයුතු වල යෙදී සිටි ධීවර බෝට්ටුවක් නාවික හමුදා යත්‍රාවක ගැටී පුද්ගලයකු සෙනසුරාදා (30) රාත්‍රියේ මියගොස් ඇතැයි කයිට්ස් පොලිසිය පවසයි. 01 October 2017
බලපිටිය මහජන බැංකුව ගිනි ගනී බලපිටිය මහජන බැංකු ශාඛාව මේ වනවිට ගිනි ගනිමින් ඇතැයි අපදා කළමනාකරණ ඒකකය පවසයි. 01 October 2017
උණ්ඩ තුනක් සමග සන්ධාන මන්ත්‍රී දැලේ රත්මලාන ප්‍රදේශයේ මත් ජාවාරම්කරුවකුට අයත් බව කියන මිලිමීටර් 3.8 වර්ගයේ පිස්තෝල උණ්ඩ තුනක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි. 01 October 2017
හෙට සත්තුවත්තට ඇතුළුවීම නොමිලේ ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය යෙදෙන හෙට දවසේ දී දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල සත්වෝද්‍යානය හා පින්නවල අලි අනාථාගාරය, පාසැල් දරුවන්ට හා වැඩිහිටියන්ට නොමිලේ නැරඹිමට අව්සථාව උදා කර ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජයසේන මහත්මිය පැවැසුවාය. 30 September 2017
සරණාගතයන් සිටි නිවසට ගල්ගැසූ තවත් 4 ක් දැළේ මියන්මාර ජාතික සරණාගතයින් පිරිසක් රඳවා සිටි ගල්කිස්ස නිවසක් අසල නොසන්සුන්කාර ලෙස හැසිරෙමින් නිවසට ගල්මුල් ප්‍රහාර එල්ල කිරිම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිව් දෙනකතු අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි. 30 September 2017
බූස්ස කඳවුර හිමිවරුන්ට තහනම් කලාපයක් ජාතිය බලමුළුව සංවිධානයේ හිමිවරුන්ට හෝ එම සංවිධානයට අයත් නොවන කවරහෝ හිමිනමකට හෝ අක්මීමන දයාරත්න හිමි ඇතුළු පැමිණෙන තැනැත්තන්ට හා වාහනවලට රෝහීන්ග්යා සරණාගතයන් රඳවා සිටින රැදවුම් කදවුර පරිශ්‍රය සහ ඒ අවට ඇති මාර්ගවල රැදී සිටීම හෝ ඇතුළුවීම තහනම් කරමින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා තහනම් නියෝගයක් නිකුත් කළේය. 30 September 2017
කටුගස්තොට පොලිසියේ 65ක් මාරු කරයි කටුගස්තොට පොලිසියේ නිලධාරින් 65 දෙනකු ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුව්මි ලබා දි ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 30 September 2017
රෝහින්ග්‍යාවරුන්ට විරෝධය පෑ අයෙක් රිමාන්ඩ් මියන්මාර සරණාගතයින් පිරිස රැදී සිටි ගල්කිස්සේ නිවස අසල කළහකාරීව හැසිරෙමින් එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයකු ඔක්තෝබර් 09 දක්වා රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද( 30) නියෝග කළේය. 30 September 2017
මානව හිමිකම් නියෝජිතයන් රෝහින්ග්‍යා වරුන්ගෙන් ඈත්කර තබති මියන්මාරයේ සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් රොහින්ග්යාවරුන්ගේ අර්බුදය සම්බන්ධයෙන් මියන්මාර ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීම වළක්වාලීමට කටයුතු කළ බව එම සංවිධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. 30 September 2017
ඉන්ධන මිල ඉහල දැමීමට අයි.ඕ.සී. සූදානමක් ඔක්තෝබර් මාසයේදී පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමට ලංකා අයිඕසී සමාගමේ සූදානමක් ඇතැයි වාර්තා වේ. සිදුවූ අලාභ හේතුවෙන් මේ තීරණය ගැනීමට සිදූවූ බවත් එම අලාභය දරගැනීමට නොහැකි නිසා මිල වැඩි කිරීම හැර තම සමාගමට වෙනත් විකල්පයක් නැති බවත් එහි නිලධාරීහු පැවසූහ. 30 September 2017
රෝහින්ග්‍යා සිද්ධියට කාන්තාවක අත්අඩංගුවට මියන්මාර සරණාගත පිරිස රැදී සිටි ගල්කිස්සේ නිවස අසල කළහකාරීව හැසිරුණැයි කියන සිද්ධියට අදාළව 43 හැවිරිදි කාන්තාවක ගල්කිස්ස ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ විම්ර්ශන කොට්ඨාසය කියයි. 30 September 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026