කුවේට්හි ශ්‍රී ලාංකික අවමංගල්‍යාධාර සමිතියට වසරක් පිරීම නිමිත්තෙන් 2018 නව වසරට සෙත් පතා පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් පිංකම, දාන, සීල, භාවනා ආගමික වැඩසටහන දෙසැම්බර් 28 හා 29 දෙදින කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගයෙන් පැවැත්වෙන පිංකම් මාලාවේ දී 28 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රියේ මහ පිරිත් සජ්ජායනාව පැවැත්වෙන අතර 29 වැනි සිකුරාදා සීල භාවනා වැඩසටහන පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුවේට්හි හෝ කටාර්හි ඉන්න සියලුම බෞද්ධයින් පිටින් අපු අය මිසක් එම රටවල පුරවැසියන් නොවේ . නමුත් මෙවැනි පිරිත් පිංකම, දාන, සීල, භාවනා පිරිත් සජ්ජායනා ආගමික වැඩසටහන් පැවැත්වීමට අරාබි රජයෙන් අවසර දෙන අතර කිසිම අරාබි ජාතිකෙයක් හෝ අරාබි පුජකයෙක් මෙම ස්ථාන වලට ඇවිත් කෑකෝ ගසමින් ගල්මුල් ගසමින් මේවට විරුද්ධ වෙන්නේ නෑ, නමුත් ලංකාවේ කුමක් හෝ තැනක පිටරැටියන් විසින් යම්කිසි ආගමික වැඩසටහනක් පැවැත්වුවොත් අපේ බෞද්ධයින් සහ සංඝරත්නය කෙසේ හැසිරේවිද?
darshana kuwait, ඔයා දන්නා දෙයක් කතා කරන්න. මෙහෙ මිනිස්සු එහෙම නැහැ හැබැයි NGO කණඩායම් හරි අන්තවාදීන් ගෙන් රට ජාතිය බේරගන්න කටයුතු කරනවා. මේවගේ වැඩ කුවේට් වගේ රටක කෙරුවොත් බෙල්ල නැතිව තමයි යන්න වෙන්නේ