(රවින්ද්‍ර ලියනගේ )
වෙන්නප්පුව දකුණු උල්හිටියාව ප්‍රදේශයේ නිවසක අද (25) පැවති නත්තල් සාදයකදි නිවසේ හිමිකරු සහ නිවසට පැමිණි පිරිසක් අතර ඇති වූ ගැටුමකදි නිවෙස් හිමිකරු ස්වංක්රිය ගිනි අවියක් පෙන්වා බෙල්ලට පිහියකින් ඇණ තම ඥාති මාමා කෙනෙකුට බරපතල තුවාල සිදුකර තිබේ.
සිද්ධියට සම්බන්ධ දකුණු උල්හිටියාව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සැකකරු සිද්ධියත් සමඟ ප්‍රදේශය අතහැර ගොස් තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනිමට පරික්ෂණ ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලැබු පුද්ගලයා මාරවිල මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ ඉන්න වෙන්නප්පුවේ මීගමුවේ අයත් මෙහෙමයි. පිහි වලින්මයි ප්‍රශ්න විසඳන්නේ.
ඔවුන් ක්‍රිස්තු භක්තිකයින් නම් මෙසේ හැසිරීම තුලින් කිතු උපතේ සාම පණිවිඩය නිර්දය ලෙස කෙලෙසා ඇත. පමණ ඉක්මවා පානය කරන මත් පැන් මෙවැනි ගැටුම් කාරී තත්වයන්ට අත වනන බව රහසක් නොවෙයි.
24 වනදා මධ්‍යම රාත්‍රියේ පවත්වන දේව මෙහෙය ඉතා වැදගත්. මෙහිදී දෙවියන්ගේ ගුණ වර්ණනා කිරීම, දෙවියන් නැමදීමද ඉතා වැදගත්. නමුත් මේ දේව මෙහෙයන් අවසන් කර මිනිස්සු ඇති බහුතරයක් තම නිවෙස් බලා යන්නේ මත්පැන් වලින් හොඳින් සප්පායම් වීමට බව රහසක් නොවේ. මෙහි අවසානය කොහෙද?
මෙන්න සාමයේ නත්තල.
මීට පෙර ගාල්ල සහ අලුත්ගම ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර හොදට සාමය බුක්ති වින්ද නේද ?
ඔය තියෙන්නේ සාමයේ පණිවිඩය යස අගේට!