සරණාගතයන් හා දේශපාලන රැකවරණය පතන්නන් 1333 ක් ලංකාවේ දේශපාලන රැකවරණ පතන්නන් හා සරණාගතයන් ලෙස පැමිණි 1333 දෙනෙක් එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම බාරයේ ශ්‍රී ලංකාවේ සිටින බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. 03 October 2017
ආනන්ද සමරසේකර ගැන තීන්දුව 19 වැනි දා හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරනවාද නැද්ද යන්න සම්බන්ධ තීන්දුව ඔක්තෝබර් 19 වැනි දා ට ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද (3) නියෝග කළේය. 03 October 2017
ගුවන් තොටේ නිදැල්ලේ සිටි 60 කට දඩ කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ නිදැල්ලේ රැදී සිටි පුද්ගලයන් 60 දෙනෙකුට එක් අයකුට රුපියල් 1500 බැගින් රුපියල් 90000 ක දඩයක් නියම කිරිමට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ති ලියනආරච්චි මහත්මිය අද (3) නියෝග කළාය. 03 October 2017
ජිඑම්ඕ එකට දින දෙකක කාලයක් වෛද්‍ය නිලධාරීන්ට පත්වීම් ලබාදීම සඳහා සකස්කර තිබෙන ලැයිස්තුව සම්බන්ධයෙන් වන අදහස් හා යෝජනා ඉදිරිපත් කිරිමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දින දෙකක කාලයක් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස මහතා පැවසීය. 03 October 2017
ගම්මන්පිලට එරෙහි නඩුව විභාගයට ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිතා කරමින් ඕස්ට්‍රේලියානු ජාතිකයකුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 21 ක් වංචා කළ බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ මහත්වරුන්ට එරෙහි නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා හමුවේ විභාගයට ගන්නා ලදී. 03 October 2017
ඇවන්ගාඩ් නඩුව මාර්තු 19 සිට දිනපතා ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ රක්නා ලංකා සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව ලබන මාර්තු 19 වැනි දා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා අද (03) නියම කළේය. 03 October 2017
නාවලකන්ද මිනිරන් පතලේ තිදෙනෙක් උපවාසයක මීගහතැන්න නාවලකන්ද මිනිරන් පතලේ කම්කරුවන් තිදෙනෙක් තම සේවය අත්හිටවීමට එරෙහිව අඩි සියයක් යට උපවාසයක් ආරම්භ කර ඇත. 03 October 2017
ලංකාවේ තොරතුරු පනත ලෝකෙන් එකට ලෝකයේ හොඳම තොරතුරු දැනගැනීමේ පනත ලෙස ශ්‍රීලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත පත්ව ඇති බව කතානායක කරු ජයසුරිය මහතා කියයි. 02 October 2017
හිමිවරු දෙදෙනෙක් පඬුවස්නුවර උපවාසයක ගල්කිස්ස සිදුවීම සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ නමක ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරෙහිව භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක් පඬුවස්නුවර බස්නැවතුම්පොළ අසර උපවාසයක් ඇරැඹූහ. 02 October 2017
ඊළම වෙනස් මුහුණුවරකින් - වයිකෝ ශ්‍රී ලංකාවේ දෙමළ ඊළමක් පිහිටුවීමේ උත්සහාය තවමත් අතහැර නොමැති බවත් වෙනස් මුහුණුවරකින් එම අරමුණ කරා යන බවත් තමිල්නාඩුවේ එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයිකෝ ප්‍රකාශ කර තිබේ. 02 October 2017
බෑණා වෙනුවෙන් උත්තර දෙන්න මහේන්ද්‍රන්ට බැරිලු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂවරයා මෙන්ම තමන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් උත්තර දීමට තමන් බැඳී නැතැයි මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (02) පැවසීය. 02 October 2017
රතනසාර හිමි අත්අඩංගුවට ගන්න සොයයි ගල්කිස්සේ නිවසක සිටි මියන්මාර සරණාගතයින්ට එරෙහිව ප්රකෝපකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට අද (2) දින නොපැමිණි ජාතික බලමුළුව සංවිධානයේ මහලේකම් අරඹේපොළ රතනසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි. 02 October 2017
රයන්ගේ ප්රතිශෝධන අයදුම්පත 9වැනිදා කැඳවයි සයිටම් විරෝධී උද්ඝෝෂණයකදී සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී එහි දේපළ වලට අලාභයක් සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත්ට ඇප ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති ප්රතිශෝධන ඇයැදුම්පත ලබන 9 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද(2) නියම කළේය. 02 October 2017
පර්පචුවෙල් හතර දෙනකුට රට ගමන් තහනම් ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධීන් වලට සම්බන්ධ යැයි කියන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානීන් සිව්දෙනෙකුට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (02) නියෝගයක් නිකුත් කළාය. 02 October 2017
හේරත් ටෙස්ට් කඩුලු 400 යි පාකිස්තානයට එරෙහිව අබුඩාබි නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 43 කට කඩුලු 6 ක් දවාගත් රංගන හේරත් මෙම තරගයේදී සිය 400 වැනි ටෙස්ට් කඩුල්ලත් දවාගත්තේය. 02 October 2017
වෛද්‍ය සභාවේ අලුත් සභාපති කොල්වින් ගුණරත්න ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස පත් කළ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා අද(2) එම ධුරයේ වැඩ ආරම්භ කළේය. 02 October 2017
ශ්‍රී ලංකාව ටෙස්ට් තරගය දිනයි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අබුඩාබි නුවරදී පැවැති පළමුවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. 02 October 2017
හිමිකරුවකු නැති මෝටර් රථයේ ගිනිඅවි තුනක් ගම්පහ ඔසුසළ අසල හිමිකරුවකු නොමැති අතහැර ගිය මෝටර් රථයක තිබී ගිනිඅවි තුනක් සොයා ගත් බව පොලිසිය කියයි. 02 October 2017
හෙරොයින් සමඟ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට බ්‍රවුන් සුගර් වර්ගයට අයත් හෙරොයින් ග්රැම් 58 තම ශරිරයේ සඟවාගෙන මුම්බායි සිට පැමිණි ශ්‍රීලාංකික ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් කටුනායක ගුවන්තොටුපළ දි අත්අඩංගුවට ගෙන ඇත . 02 October 2017
ආනන්ද සමරසේකර අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් ඉල්ලයි රගර් ක්‍රීඩක මෙහොමඩ් වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථාන ගත කර සාක්කි විනාශ කිරිම සහ වෙනස් කිරිම සම්බන්ධයෙන් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා තුන්වැනි සැකකරු ලෙසින් නම් කර අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතාට අද (2) ඉල්ලීමක් කළේය. 02 October 2017
හෙට පාර්ලිමේන්තු විශේෂ සභාවාරයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වසර 70 ක් සැපිරීම නිමිත්තෙන් විශේෂ සභාවාරයක් හෙට (3) පස්වරු 3 ට පැවැත්වීමට නියමිතය. 02 October 2017
’අක්‍රමවත් වෛද්‍ය පත්වීම් ලැයිස්තුවක් ක්‍රියාත්මක කරනවා’ - ජිඑම්ඕ මාරු මණ්ඩලවල අනුමැතියෙන් තොරව අක්‍රමවත් හා දේශපාලන ගැතිව පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලැයිස්තුවක් සකස්කර ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරයි. 02 October 2017
අල්ලස් ගත් මාර්ග පරීක්ෂක වසර 20ක් හිරේට දුම්රිය මාර්ගයට යටින් මළප්‍රවාහන බට පද්ධතියක් එළීමට අනුමැතිය ලබාදීම සඳහා ඉංජිනේරුවරයෙකුගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 35,000/-ක මුදලක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වු දුම්රිය දෙපාර්තමෙන්තුවේ හිටපු මාර්ග පරීක්ෂකවරයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. 02 October 2017
අක්මීමන දයාරතන හිමි රිමාන්ඩ් ගල්කිස්සේ නිවසක සිටි මියන්මාර සරණාගතයින් 31 දෙනකු එම ස්ථානයෙන් ඉවත්කර රටින් පිටුවහල් කරන ලෙස ඉල්ලා එම නිවස ඉදිරිපිට ප්රකෝපකාරි ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික බලමුළුව සංවිධානයේ සාමාජික අක්මීමන දයාරතන හිමියන් ඔක්තෝබර් 9 වැනිදා දක්වා රිමාන්ඩ් කිරිමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිම් මහතා අද (2) නියෝග කළේය. 02 October 2017
හිටපු අගවිනිසුරුගේ පෙත්සම නිෂ්ප්රභා කරන්න පෙත්සමක් පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතේ කාන්තා නියෝජනයට අදාළ වගන්ති ඉවත් කර ඒ වෙනුවට ඊට කිසිසේත් අදාළ නොවන කරුණු ඇතුළත් කොට සම්මත කර රජය මැතිවරණ කල් දැමීමෙන් තමාගේත් රටේ සමස්ත ජනතාවගේත් මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි සඳහන් කරමින් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්රභා කරන ලෙස ඉල්ලමින් නීතීඥවරයකු අද (2) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. 02 October 2017
දරුවන් 20ක් වැදූ අම්මා ලෝක වාර්තාවට හිමිකම් කියනවාදැයි සොයයි දරුවන් 20 දෙනෙකු සිටින මවක ලෙස වැඩිහිටි දිනයේ දී උපහාර ලැබූ ගලේවෙල බඹරගස්වැව කටුපොත පදිංචි හස්තිමු ආරච්චිගේ රොසලින් නෝනා මාතාව ලොව වැඩිම දරු පිරිසක් ලැබූ මවගේ වාර්තාවට හිමිකම් ලබන්නේ දැයි සොයා බලන බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ සුමින්ද සිංගප්පුලි මහතා ලංකාදීපයට අද (2) පැවැසිය. 02 October 2017
උපාධිධාරීහු පළාත් ලේකම්ගේ කාර්යාලයට කඩාවදිති උතුරු මැද පළාත් සභාවට කඩා වැදුණු රැකියා විරහිත උපාධි ධාරීන් 400 ක පමණ පිරිසක් අද (2) පළාත් ප්‍රධාන ලේකම්වරයා ගේ කාර්යාලයට යෑමත් සමඟ උණුසුම් තත්වයක් හට ගත්තේය. 02 October 2017
ලාස්වේගාස්හි ප්‍රසංගයක වෙඩි තැබීමක් - 50ක් මරුට ඇමරිකාවේ ලාස් වේගාස්හි එළිමහන් ස්ථානයක පැවැත්වුණු සංගීත ප්‍රසංගයක සිදුවූ වෙඩි තැබීමකින් 50 දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 02 October 2017
වැලිකන්දේ මවුවරුන්ගෙන් සියයට 6.5 ක් දැරියන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නිසි වයස එළඹෙන්නට පෙර දරුවන් බිහිකරන මව්වරුන්ගෙන් වැඩිම ප්‍රමාණයක් වැලිකන්ද, දිඹුලාගල, ලංකාපුර සහ තමන්කඩුව යන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල වෙසෙන බව සෞඛ්‍ය අංශ අනාවරණයය කරයි. 02 October 2017
වන්දි ඉල්ලා රෝගියෙක් නඩු මගට ස්නායූ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු කොන්දේ අමාරුවකට නොසැලකිලිමත් ලෙස ශල්‍යකර්මයක් සිදුකිරීම නිසා ශරීරයේ ඉන්ද්‍රියන් අක්රීයත්වයට පත්ව ඇතැයි චෝදනා කරමින් රුපියල් ලක්ෂ සියයක වන්දියක් ඉල්ලා රෝගියකු අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරා ඇති නඩුවට 2018 වසරේ පෙබරවාරි 16 වැනි දාට සළකා බලන ලෙස අනුරාධපුර වැඩ බලන දිසා විනිසුරු මාලනී රනේපුර මහත්මිය අද (2) නියෝග කළේය. 02 October 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026