(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ඩයගම පොලිස් වසමට අයත් ඩයගම “පෝට්මෝර්” වතුයායේ ගෝන මස් කිලෝ 50 ක් සමඟ පුද්ගලයෙක් සැක පිට අද (27) ඩයගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
බෝපත්තලාව, මැණික් පාළම ප්‍රදේශයේ සිට මෙම පුද්ගලයා ගෝන මස් තොගය ඔහු පදිංචි නිවසට රැගෙන ආ අවස්ථාවේ ඩයගම පොලීසියට ලද තොරතුරක් මත වැටලීම සිඳුකර ඇත.
සැකකරු හෙට (28) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව ඩයගම පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd