(ආරියරත්න රණබාහු)
ආගමන හා විගමන නිලධාරීන්ගේ ඉල්ලීම් තුනකට විසඳුම් මේ මස 30වැනිදාට පෙර ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියා මාර්ගයකට යන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමය පවසයි.
එම ඉල්ලීම් වනුයේ ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරී සේවය සඳහා වූ ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම, විදේශීය දූත මණ්ඩලවලට ආගමන හා විගමන නිලධාරීන් ඇතුළත් කිරීම හා දෙපාර්තමේන්තුවේ නඩු පැවරීමේ අංශය නැවත ස්ථාපිත කිරීමයි.
කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී එම සංගමයේ සභාපති අරුණ කලුගල මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ කාරයින්ට නම් ඔන්න වෙලාව දැන් ඇවිල්ලා ...
විදේශීය දූත මණ්ඩලවලට ආගමන හා විගමන නිලධාරීන් ඇතුළත් කිරීම ඉතාමත් වැදගත් යෝජනාවක් බව රටින් බැහැරව ජීවත්වන ශ්‍රී ලාංකිකයින් වශයෙන් ප්‍රකාශ කරන්න කැමැත්තෙමු.
ලිඳේ ඉන්න ගෙම්බන් සේ සිතන පමණක් නොව හැසිරෙන ඇතැම් පටු චින්තනයෙන් හෙබි ලක් වැසියන් නිසා රටට සිදුවී ඇති විපත හොඳටම ඇති. 30 වසරක ත්‍රස්ත විරෝධී හමුදා මෙහෙයුමේදී රටින් පිට ජීවත්වෙන දේශප්‍රේමී අදහස් ඇති ශ්‍රී ලාංකිකයින් කළ මෙහෙය ඇතැමුන්ට හිතා ගන්නත් බැහැ. හිටපු ආණ්ඩුවත් පිටරවල සිටින ලාංකිකයින්ගේ ගන්න පුළුවන් මෙහෙවර උපරිමයෙන් අරගෙන පොල්කුඩු මෙන් බැහැර කළා පමණක් නොව ස්වකීය වර්ගයා ඇතුළු අන්තේවාසිකයින් දිගට හරහට තානාපති සේවයට අනුයුක්ත කළා. ඒවයේ අනිසි ප්‍රතිපල විඳින්න සිදු වුයේ හිටපු පාලකයාට පමණක් නොව ගරා වැටුන ආර්ථිකයේ සෘජු ගොදුරු බවට පත් වූ සාමාන්‍ය මිනිසාටත්.