සෝල්හිදීය (ඒ.එෆ්.පී)
දකුණු කොරියානු ජාතිකයකන් වසරකට සුනඛයන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් මස් ලෙස පරිභෝජනයට ගන්නා බව වාර්තා වේ.
කෙසේ නමුත් දකුණු කොරියාව තුළ ක්‍රියාත්මක සත්ව සංවිධාන ආදී ජාත්‍යන්තර සංවිධානවලින් එල්ල වී තිබෙන විරෝධතා හා ප්‍රබල විවේචන හේතුවෙන් මේ තත්ත්වය වෙනස් වෙමින් පවතින බව පැවසේ.
මේ අනුව පසුගිය තෙවසරක කාලයේදී ප්‍රධාන පෙළේ සුනඛ මස් වෙළෙන්දන් 10කට වැඩි පිරිසක් වන්දි ලබාගනිමින් සුනඛ මස් විකිණීම නවතා තිබේ.
සුනඛයන්ගේ රතු පැහැයට හුරු මස ශක්තිය වඩවන බව පැවසේ. කෙසේ නමුත් මේ වනවිට දකුණු කොරියාවේ සුනඛ මස් වෙළෙඳාම ක්‍රමයෙන් කඩා වැටෙමින් තිබෙන බව ව්‍යාපාරිකයෝ පවසති.
සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින ක්‍රියාකාරීන් අන්තර්ජාලය ඔස්සේ පෙත්සම් ක්‍රියාත්මක කිරීමත් ලබන වසරේදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ශීත ඝෘතු ඔලිම්පික් උළෙල වර්ජනය කරන්නැයි අනෙකුත් රටවලින් කරන ලද ඉල්ලීමත් එම කඩාවැටීමට හේතු වී තිබේ. එම තත්ත්වයත් සමඟ සුනඛයන් මසට ගැනීමට සුරතල් සතුන් ලෙස ඇති කිරීමේ ප්‍රවණතාවක් ඇති වී ඇතැයිද වාර්තා වේ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නම් එළුවා තමයි කන්නේ..
දකුණු කොරියාවේ ආපනශාලා වලට යන විට හොඳින් විමසා බලන්න. ඒ හැම එකකම වාගේ සුනඛ මස් බහුලව තිබෙනවා. එසේත් නැත්නම් සුනඛ මස් සුප් සහ සියුම්ව අඹරන ලද සුනඛ මස් අනිත් මස්, මාළු, නූඩ්ල්ස් වලට රසකාරක ලෙස යොදනවා. මම දිනක් සියෝල් නගරයේ ආපනශාලාවකින් උෟරු මස් යයි සිතා කා තිබුනේ සුනඛ මස් ස්ටු එකක්. ඉංග්‍රීසි කතා නොකරන අයකැමිට මා අංග චලනයෙන් කිව්වේ සුනඛ මස් නම් එපා කියාය. නමුත් එය නොතේරුණු ඔහු හිතුවේ මට අවශ්‍ය කරන්නේ එය බවය.
පණනම් ඉතින් කොයි සතාගේත් පණනේද? අනේ ඉතින් අපේ රටේ කුකුල්ලු කෝටි කීයක් නම් වසරකට මස් වලට මරණවද? ගවයෝ කී ලක්ෂයක් මරනවද? එළුවෝ කී ලක්ෂයක් මරනවද? කෝ මේවටත් කවුරු හරි විරුද්ධ වෙලා නවත්වන්නකෝ...
මස් කන්නම ඕනෙනම් මස් නොකන සතුන්ගේ මස් කන්න
මිලානෝ තියෙන්නේ කොරියාවේද? පිටිගල මිලානෝ කියන කෙනා දන උගත් වගේ. හැම එකකටම අදහස් දානවා. හැබැයි අදහස් මෙලෝ වැඩක් නැහැ.
දේශපාලුවෝ නම් කන්නේ අපිව
කොයි මස කෑවත් එකයි.
පිටිගල මිලානෝ ආදිපාදතුමා බමුණුආරච්චිට වැඩක් දෙන්න වගෙයි හදන්නේ. වහාම ආරක්ෂාව ඉල්ලා බලධාරීන්ට දැනුම් දෙන්න!
අර මස් කෑවාම ඔහොම වෙනවා කියලා මම අහලා තිබෙනවා. මේක මම ඔබට කියන රහසක්.
මේ පිටිගල මිලානො යන පුග්ගලයා, සෑමවිටම දමන ප්‍රතිචාර ඔහුගේ ලොකු පෙන්වීමට දමන බොරු බව කාලයක් ඔහුගේ ප්‍රතිචාර දුටුවෝ කියති. මෙහිදීත් ඔහුට අවශ්‍ය වූයේ, ඔහු සියෝල් නගරයෙ ගිය බව පෙන්විමටය. ඔහු කොහේ ගියත් බලු මස් නොව ඕනෑම ජරාවක් නොමිලයේ ලැබුණොත් කන වග මා සහ ඔහු ඇසුරු කල සියල්ලන් දනී .