(සිරාජ් හසීම්)
රෝගාතුරව සිටින දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතාගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(25) සම්බන්ධන් මහතා ප්රතිකාර ලබන කොළඹ පෞද්ගලික රෝහලට පැමිණියේය.
දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන්ට බාහිරව විපක්ෂ නායකවරයාගේ සුවදුක් බැලීමට පැමිණි ප්රථම දකුණේ දේශපාලන නායකයා මහින්ද රාජපක්ෂ මහතා බව ද වාර්තා වේ.
මහින්ද රාජපක්ෂ මහතා සමගින් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාද රෝහලට පැමිණ සම්බන්ධන් මහතාගේ සුවදුක් විමසා බැලීය.
විපක්ෂ නායකවරයා පසුගිය 20වැනිදා රාත්රියේ දැඩිව රෝගාතුර වීම මත පසුගිය 21 වැනිදා රෝහල්ගත කෙරිණි.
කෙසේ වෙතත් සම්බන්ධන් මහතාගේ තත්වය සුව අතට හැරී තිබීම මත ඔහු අද(25) දහවල් නැවතත් නිවස බලා පිටව ගියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට කියන්නේ " මල කෝලං " , " මල විකාර " කියල .
නිකන් හරි මෛත්රී හෝ රනිල් ගියානම් බලන්න ඔය ඔතන ඉන්න අප්පච්චිත් පුතන්ඩිට් ඔවුන්ගේ සගයොත් මොන වගේ කතන්දර ගොතල ඇත්ද වේදිකාවල. මිනිස්සු කාටවත් වහල් නොවී බුද්දියට මුල්තැන දෙනකන් මේ රට ගොඩ යනවා බොරු.
අනිත් ලොක්කෝ ඡන්දෙට බයවෙලානේ එකයි හොයාගන්න නැත්තේ
හිටපු ජනාදිපතිතුමා කොහොමත් මළගමක් ලෙඩක් දුකක් දැනුනොත් එතනට ගොඩවෙලා අදාල පාර්ශ්වයන් සමග දුක සැප බෙදාගන්න එක එතුමාගේ උතුම් ගුණාංගයක්..
සම්බන්දන් මහතාට බයානක ලෙඩක්ද මේ දෙන්න මුහුණ වහගෙන ඉන්නේ අනේ මන්ද?
අපි මිනිස්සුනේ........අන් අයට ගරු කරන්න ඉගෙන ගන්න
පාට පක්ෂ කෙසේ වෙතත් කෙනෙකුගේ දුක සැප බැලීමට යාම අප නම් වැරද්දක් ලෙස නොදකින අතර ඔය ගමන මහින්ද නොව රනිල් ගියත් මෛත්රී ගියත් අප මිනිසුන් හැටියට එය අගය කල යුතුය. " බුරුවන් තේරීමේ මහා තරගය" ගැන සිතමින් මෙදෙස බැලුවොත් ඕනෑම කෙනෙකුට තම තමන් වන්දනා මාන කරන " ගොන් පාට " හැර වෙන කිසිදු දෙයක් නොපෙනෙන බව ස්ථිරය .
මේ අයගේ බල තණ්හාව කවද නැතිවෙයිද ? දෙපාරක් ජනාධිපති වෙලත් තාමත් මදිද ?
බලන්න යායුතුයි ඒ සිංහළ බෞද්ධකම වගේම මිනිස් කම. මෙතනදී අපිට ජාතිවාදය ඕනේ නැත.
වෙස් මුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ, අපි නෑ රැවටෙන්නේ, වැරදුනානම් යන්නේ
මාස්ක් එක දාගන්න හැටි පුතාවත් කියාදීලා නෑ.
උදේට උසාවියේදී පෙරකදෝරුවෝ කෙස් පැලෙන තර්ක විතරක ඉදිරිපත් කරමින් මරාගන්න හැදුවට හවසට එක බෝතලය ගහල කරේ අතදාගෙන ගෙදර යනවා , පාර්ලිමේන්තුවේදී විවිධ චරිත රඟපෑවත් මේගොල්ල ප්රාඩෝ වල ගමන් බිමන් යන තරු පහේ හෝටල් වල සාධ පවත්වන එකම පලන්තියක පුද්ගලයන් . දේශපාලනය යනු බිස්නස් එකකි ,
මාදුලුවාවේ සෝභිත හාමුදුරුවො අසනීප වෙලා ඉද්දිත් මුලින්ම උන්වහන්සේ බලන්න ගියේ මෙතුමා ..ඒක උතුම් ගුණාංගයක් .
මෙතුමාගේ ඡන්දෙ ගුදුවක්.
නරි සිල් ගනිති. බොරු නොකරති.
පාර්ලිමේන්තුවේදී බැණගන්නා මේගොල්ලෝ තේ බොන්න ගියාම යාලුවෝ. එත් සමහර අය හිතන්නේ මේගොල්ලෝ වෛරක්කාරයෝ කියල. එහෙම හිතාගෙන උන් උන් ගොන් නාම්බෝ ඌරෝ වගේ කෑගහනවා. අර මිනිස්සු බෙදාගෙන කනවා.
රැවටිච්ච හරිය හොඳටෝම ඇති. මත්තල වී ගබඩාවක් කොරන්න තරම් වී තුබුන රට දැන් හාල් පිටරටින් ගෙන්වනවා. සනීපයි නේද?