රාජිත - විමල් ගැටුමක ඇමැති රාජිත සේනාරත්න මහතා සහ විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. 19 February 2018
මහින්දානන්ද ගොනු කළ රිට් පෙත්සම කල්යයි තමන්ට එරහිව පවරා ඇති අල්ලස් නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගයට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීම ලබන මාර්තු 02 වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය අද (19) තීන්දු කළේය. 19 February 2018
ශ්‍රීලනිප ඡන්ද ලක්ෂ 13ට බස්සපු නායකයාට දැන් එහි අයිතියක් නෑ - විමල් වීරවංශ “ජනාධිපතිවරණය පාව්චි කළා දිමූ ජයරත්න අගමැති ඇතුළු ආණ්ඩුව වෙනස් කරන්න. දැන් පළාත් පාලන මැතිවරණයෙදි පැහැදිලි ජනවරමක් දීලා තියෙනවා. “ යයි නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රටේ ඇතිවී ඇතැයි කියන අර්බුදය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසීය. 19 February 2018
අල්ලස් කොමිසමෙන් විමල්ට නඩු පවරයි ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 71කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවෙක් සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව නඩු පවරා ඇත. 19 February 2018
බදාදා කැබිනට් සංශෝධනයක් කැබිනට් මණ්ඩල සංශෝධනයක් බදාදා (21) සිදුකෙරෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 19 February 2018
ලංවීම සේවකයෝ වැඩ බිම් වල කළු කොඩි ඔසවති ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් ඇතුලූ වෘත්තීය සමිති නායකයින් හයදෙනෙකුගේ සේවය අත්හිටුවීමට එරෙහිව ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඇතුලූ සියලූම වැඩ බිම් ඉදිරිපිට කළු කොඩි ඔසවා සේවකයන් පිරිසක් අද (19) විරෝධතාවයේ නිරත වී සිටිති. 19 February 2018
පුනරුත්ථාපනය වු එල් ටී ටී ඊ සමාජිකයින් යුද හමුදා ස්වෙච්ඡා බලසේනාවට උතුරේ තරුණ තරුණියන් 50 දෙනෙක් හමුදාගත පදනම යටතේ යුද හමුදා ස්වෙච්ඡා බලසේනාවට බදවා ගත් බව යුද හමුදාව කියයි. 19 February 2018
113 තියා 13 ක් පෙන්වගන්න බෑ - නලීන් බණ්ඩාර පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන බව පැවසු ඒකාබද්ධ විපක්ෂයට අද දින මන්ත්‍රීවරුන් 113 ක් නොව මන්ත්‍රීවරුන් 13 ක් පෙන්වා ගැනීමට අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 19 February 2018
මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව ගැන විශේෂ ප්‍රකාශයක් කිරිමට සැරසෙයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලබන මාර්තු 21 වනදා ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව ජීනීවා තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. 19 February 2018
අගමැති වෙන්න මට අවශ්‍ය නෑ - කතානායක රටේ අගමැතිකෙනෙක් සිටින බැවින් තමාට අගමැතිවීමේ අවශ්‍යතාවක් නොමැති බව කතානායක කරු ජයසුරිය මහතා අද(19දා) පාර්ලිමේන්තුවට පැවසීය. 19 February 2018
අරණායක පවුල් 100 ක් තවමත් කුඩාරම් වල අරණායක සාමසර කන්ද නායයෑමෙන් විපතට පත් ව කුඩාරම් වල ජිවත් වන පවුල් 100 ක් වෙනුවෙන් උස්සාපිටිය රුවන්දෙනිය ප්‍රදේශයේ නිවාස 100 ක ඉදිකිරිම් අවසන් වී මාස ගණනක් ගත වි ඇති අතර තවමත් කුඩාරම් වල සිටින පවුල් වලට මේ වන තෙක් එම නිවාස ලබා දිමට වගකිව යුත්තන්ගේ අවදානය යොමුවී නොමැති බව ජනතාව අද (19) පවසති. 19 February 2018
පාර්ලිමේන්තුව උණුසුම් වෙයි පවතින දේශපාලනික අර්බුදය සම්බන්ධයෙන් විවාදයක් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (19) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. 19 February 2018
සීමා නිර්ණය කමිටුවේ වාර්තාව අමාත්‍යවරයා අතට මිශ්‍ර ක්‍රමයට පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා කොට්ඨාස බෙදාවෙන් කිරීමට පත් කළ සීමා නිර්ණය කමිටුවේ වාර්තාව සකස් කර අවසන් කර ඇති බැවින් එය අද (19) විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙත භාරදීමට නියමිතව එම කමිටුව පවසයි. 19 February 2018
මම යන්නේ විශ්වාසභංගයකින් පැරදුනොත් පමණයි - අගමැති පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන විශ්වාසභංග යෝජනාවකින් මිස තමා අග්රාමාත්යධූරයෙන් ඉවත් නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා අද (18) රාත්‍රීයේ ජනාධිපති වරයාට දක්වා ඇත. 18 February 2018
මම ඉන්නේ ගාල්ලේ - මනූෂ ආණ්ඩු හදන හෝ ආණ්ඩු කඩන හෝ කිසිඳු සාකච්ඡාවකට තමන් සහභාගී නොවූ බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 18 February 2018
පාර්ලිමේන්තු සැසිය කල් නොතබන බව ජනපති ලේකම් කියයි පාර්ලිමේන්තු සැසිය කල් තැබීමක් සිදු නොවන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය. 18 February 2018
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ ගැසට් නිවේදනය අතළඟ අද (18) මධ්‍යම රාත්‍රීයේදී පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 18 February 2018
ශ්‍රී ලංකාවට ලකුණු 75 ක ජයක් බංග්ලාදේශයේ ශිලාත් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී ලකුණු 75 ක විශිෂ්ට ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 18 February 2018
යතුරු පැදිය මත හිටගෙන කි.මි 100ක් කිසිදු ආධාරකයක් නොමැතිව යතුරු පැදිය මත හිටගෙන පැයට කිලෝමීටර් හැටක හැත්තෑවක පමණ වේගයකින් අනුරාධපුරයේ සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 100 ක දුරක් ගමන් කරමින් 23 හැවිරිදි තරුණයකු පසුගිය (16දා ) ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමේ උත්සාහය සම්පුර්ණ කළේය. 18 February 2018
සුමන්තිරන් විදේශිකයන් හමුවේ ශ්‍රී ලංකාවට දොස් පවරයි ශ්‍රීලංකාව තුළ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක වීමේ කිසිදු ප්‍රගතියක් නැති බවත් මෙකී යෝජනාවේ නිර්දේශ මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙසට ලක් රජය වෙත දැඩි බලපෑමක් සිදුකරන ලෙසත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් විදේශීය රටවල්වලින් ඉල්ලා තිබේ. 18 February 2018
එජාපය - ශ්රීලනිපය බහුතරය පෙන්වීමේ සටනක පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සම්බන්ධයෙන් මේ වන විට එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩ් උත්සාහයක් ගනිමින් තිබේ. 18 February 2018
එජාප විශේෂ හමුවක් අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ හමුවක් අද (18) පස්වරු 7.30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය. 18 February 2018
රජය සිටින්නෙත් අවයව බද්ධ කළ යුතු වෙලාවක - රාජිත සේනාරත්න රජයත් මේ වන විට සිටින්නේ අවයව බද්ධ කළයුතු අවස්ථාවක යැයි අවයව දන්දීමේ දිනය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සංවිධානය කර තිබූ පා ගමනට එක්වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 18 February 2018
කොත්මලා ඔයට මෝටර් රථයක් පෙරලි දෙදෙනකු මරුට නුවරඑළියේ සිට ගම්පහ දක්වා ධාවනය වු මෝටර් රථයක් ඉහළ කොත්මලේ ජලාශයට පෙරලි එම මෝටර් රථය තුල තිබි කාන්තා මළ සිරුරක් සහ පිරිමි මළ සිරුරක් ගොඩ ගත් බව තලවාකැලේ පොලිසිය පවසයි. 18 February 2018
ලංවිම සේවකයෝ මාර්තු 14 දා සිට වර්ජනයකට සැරසෙති තමන් ඇතුලූ වෘත්තීය සමිති නායකයින් හයදෙනෙකුගේ සේවය අත්හිටුවීමට එරෙහිව ලබන මාර්තු මස 14 වනදා සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා අද(18) කොළඹදී පැවසීය. 18 February 2018
නියං කාලයේ ජලාශ වලට කෘත්‍රිම වැසි ලබා දීමේ වැඩපිළිවෙලක් නියං කාලයේ දී විදුලි බලාගාර ආශ්‍රීත ජලාශයන්ට කෘත්‍රිම වැසි ලබා දීම කෙරෙහි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත. 18 February 2018
ජනපති හමුවෙන්න අගමැති යනවාලු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවැත්වීමට නියමිත විශේෂ හමුවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිර වශයෙන්ම සහභාගි වන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. 18 February 2018
මහින්ද රාජපක්ෂට විපක්ෂ නායක වෙන්න බෑ - ගම්මන්පිල එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකරන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධූරය නොලැබෙන්නේ යැයි ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ‘ලංකාදීප’යට පැවැසීය. 18 February 2018
නීතිවිරෝධීව කුවෙට්හි රැඳුනු අයගේ සහන කාලය 22 න් අවසන් කුවේට් හි නීතිවිරෝධී ලෙස රැ`දී සිටින විදේශිකයන්ට එරටින් පිටවීමට ලබා දී තිබු සහන කාලය මේ මස 22 දායින් අවසන් වන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි. 18 February 2018
ලංවිම වෘත්තීය සමිති නායකයින් 6කගේ සේවය අත්හිටුවයි වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ඇතුලූ වෘත්තීය සමිති නායකයින් හයදෙනෙකුගේ සේවය අත්හිටුවීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ. 18 February 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026