ඉරානයට දිගටම පහර දීම ඇමෙරිකාවට ලොකු වියදමක් ඇමෙරිකාව ඉරානයට එරෙහිව ආරම්භ කළ හමුදා මෙහෙයුම නම් කර ඇත්තේ ‘ඔපරේෂන් එපික් ෆියුරි’ යන නමිනි. එම මහෙයුම ආරම්භ කර පළමු පැය 24 දී ඒ සදහා ඇමෙරිකාවට වැය වුණු මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 779 ක් යැයි එරට මාධ්‍ය අනාවරණය කර ඇත. 03 March 2026
ඉරානයේ 742 ක් මරුට ඊශ්‍රායලය සහ ඇමෙරිකාව එක් වී ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් මියගිය ගණන මේ වනවිට 742 දක්වා ඉහළ ගොස් ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කළේය. 03 March 2026
’’සාමකාමී ලෝකයක් වෙනුවෙන් එකතු වන්න’’ සාමකාමී ලෝකයක් වෙනුවෙන් එකතු වන්නැයි යුද්ධයට මැදිහත් වී සිටින සියලු පාර්ශවවලට තමා ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 03 March 2026
ජනපති මැතිසබයට එයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියේය. 03 March 2026
අපරාධ සැකකරුවෝ 630ක් කොටු දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වලදී සැකකරුවන් 630ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 03 March 2026
’’තෙල් සැපයුම යථා තත්ත්වයට පත් කළා’’ රටේ තෙල් සැපයුම යථා තත්ත්වයට පත් කර තිබෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා අද(3) උදෑසන මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පැවසීය. 03 March 2026
තාරකා ඉබ්බන්ට ගුවනින් යන්න බැරිවෙයි රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂයක් වටිනා ’’තාරකා ’’ ( මේවර ) ඉබ්බන් 25 දෙනෙකු නීතිවිරෝධී ලෙස මැලේසියාවට රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු සමග කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රාජකාරී සදහා අනුයුක්ත කර සිටි ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව , සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 03 March 2026
අදත් වියලි කාලගුණික තත්වයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 03 March 2026
බෝග ගබඩා 11ක් පුස්කයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන්ගේ ක්ෂේත්‍ර භෝග වගාකරුවන්ගේ බෝග ගබඩා කිරීම සඳහා රුපියල් කෝටි නවයක් පමණ වැය කර දිස්ත්‍රික්ක හයක ඉදිකළ ගබඩා එකොළහක් ගොවි ජන සේවා මධ්‍යස්ථාන වෙත පවරා දී තිබුණත් ඒවා භාවිත කර නොතිබුණු බව විගණන වාර්තාවල දැක්වේ. 02 March 2026
උසස් තාක්ෂණ ඩිප්ලෝමාධාරීන්ට උපාධියක් ගන්න වරමක් තාක්ෂණවේදය පිළිබඳ උසස් ඩිප්ලෝමාධාරීන්ට පිළිගත් උපාධියක් ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට සාකච්ඡා ආරම්භ කළ බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා පැවසීය. 02 March 2026
ඉරාන මිසයිලයක කෑල්ලක් වැදී ලංකික කතකට සුළු තුවාල ඊශ්‍රායලයේ බියර්ෂෙබා නේවාසික ප්‍රදේශයට එල්ල වූ ඉරාන මිසයිල ප්රහාරයක කොටස් නිවසක් මතට වැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබා ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා අද ප්‍රකාශ කළේය. 02 March 2026
ඉරාන සහායට චීනය එයි ඇමෙරිකා - ඊශ්‍රායල ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ඉරානයට චීනයේ සහාය හිමිවන බව චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී අද (02) ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි සමග පැවති දුරකථන සාකච්ඡාවකදී සහතිකයක් ලබා දී ඇතැයි චීන මාධ්‍ය වාර්තා කළේය. 02 March 2026
අලි කමේනිගේ බිරියත් මිය ගිහින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියගොස් දින දෙකකට පසුව ඔහුගේ බිරිඳ වන මන්සුරේ කොජස්ටේ මියගොස් ඇතැයි ඉරාන මාධ්‍ය අද වාර්තා කළේය. 02 March 2026
මැදපෙරදිග ගුවන් ගමන් අදත් 65ක් අවලංගු කරයි මැදපෙරදිග යූද ගැටුම් නිසා , එම කළාපයේ රටවල ගුවන් අවකාශයන් වසා දමා ඇති නිසා අද අලුයම 12.00 පැයේ සිට එදින රාත්‍රී 12.00 දක්වා කාළය තුළ මැදපෙරදිග කළාපයේ රටවල් වල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානා 33 ක ගුවන් ගමන් වාර අවලංගු වී ඇති අතර , මෙම කාළය තුළ කටුනායක ගුවන් තොටුපොළෙන් මැදපෙරදිග කළාපයේ රටවල් වෙත පිටත්වීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 32 ක් අවලංගු වී ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය . 02 March 2026
කොමියුනිස්ට් ලොකු පුටුව ජී. වීරසිංහට විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නව ලේකම්වරයා ලෙස ඒකමතිකව පත් කර ගැනිණ 02 March 2026
ඉන්ධන ගබඩා කළ ව්‍යාපාරිකයෙක් මාට්ටු බලපත්‍රයක් නොමැතිව පෙට්‍රල් තොගයක් ගබඩා කරගෙන තිබූ පුද්ගලයකු බේරුවල පොලිසිය මගින් අද (2) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. 02 March 2026
‘‘යුද්ධය නවත්වත්න බලගතු රටවල් එකතු විය යුතුයි‘‘ මැද පෙරදිග යුද්ධය අවසන් කිරීම සඳහා බලගතු රටවල් එක්ව ක්‍රියා කළ යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 02 March 2026
කැලණි සරසවි සිසුවා මුහුදේ සැඟ වේ කැළණිය විශ්ව විද්‍යාලයේ වානිජ අංශයේ 3 වන වසරේ සිසුවකු මුහුදේ ගිලී අතුරුදන්ව ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි . 02 March 2026
තෙල් ගෑස් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවා කරයි ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළුව ඉන්ධන සැපයීම බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 02 March 2026
සෞදි තෙල් පිරිපහදුව වසා දැමෙයි ඉරානය දිගට හරහට එල්ල කරන ප්රතිප්රහාරවලින් සෞදි අරාබියේ රාජ්‍ය තෙල් දැවැන්තයා වන අරාම්කෝ (Aramco) සමාගම සිය රස් තනුරා පිරිපහදුව වසා දැමීමට පියවර ගෙන ඇති බව පැවැසෙයි. 02 March 2026
රන් මිලත් නගී ඊශ්‍රායලය ඇමෙරිකාව ඉරානයට පහර දෙද්දී පෙරළා ඊශ්‍රායලයට සහ කලාපයේ පිහිටි ඇමෙරිකන් කඳවුරුවලට ඉරානය දිගින් දිගටම පහර දීමත් සමඟ මැදපෙරදිග කලාපයේ හටගත් ගැටුම්කාරී තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ යමින් පවතී. 02 March 2026
යුද්දෙ තිබුනොත් ඇමරිකාවෙන්- නයිජීරියාවෙන් බොරතෙල් යුද්ධය දිගටම තිබුණොත් ඇමරිකාවෙන් සහ නයිජීරියාවෙන් බොරතෙල් ගෙන්වන්නට කටයුතු කරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා මාධ්‍ය හමුවකදීපැවසීය. 02 March 2026
රට විරුවන් රැක ගන්න උපරිමයෙන් කැප වෙන්න මැදපෙරදිග කලාපයේ සේවය කරන රට විරුවන් රැක ගැනීම සඳහා උපරිම ක්‍රියා මාර්ගය වත්මන් රජය විසින් ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 02 March 2026
ඇමෙරිකන් ප්‍රහාරක යානයක් බිම කුවේට් නගරයට සැතපුම් 19ක් බටහිරින් පිහිටි අල්-ජහ්රා (al-Jahra) නගරයට ඉහළින් ඇමෙරිකන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක්, ඉරාන ප්‍රහාරයකින් හානි සිදුවී බිමට පතිත විය. 02 March 2026
‘‘ඉස්ලාමීය විප්ලවවාදීන්‘‘ රජයේ අණට නෑ ඇමෙරිකාව සහ ඊශ්‍රායලයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීම බාරව තිබෙන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ඉරාන රජයේ අණ පරිදි කටයුතු නොකරන බවත් ඔවුන් මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ ස්වාධින කණඩායමක් ලෙස බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි පසුගියදා ප්‍රකාශ කළේය. 02 March 2026
ඉරානය ලෝක සිතියමෙන් අතුගා දානවා ඉරානයේ අපරාධවල තරම තමන් දාන්න බවත්, පහර දී ඉරානය ලෝක සිතියමෙන් අතුගා තැබීමට එම අපරාධ ප්‍රමාණවත් බවත් බව ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් පවසයි. 02 March 2026
ඉරාන නව අධ්‍යාත්මක නායකයාත් මරුට? ඉරානයේ නව වැඩබලන උත්තරීතර නායක අලිරේසා අරාෆි පත්වී පැය කීපයක් තුළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇතැයි ඇතැම් ඊශ්‍රායල මාධ්‍ය හා සමාජ මාධ්‍ය අද වාර්තා කළේය. 02 March 2026
අනුරගෙ ආණ්ඩුව ට්‍රම්ප්-මෝදි ළඟ දණින් වැටිලා අනුර කුමාර ප්රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව ඉන්දියාව සහ ඇමරිකාව ඉදිරියේ දණින් වැටී මෝදිලා ගේ- ට්‍රම්ප්ලා ගේ නව ලිබරල් ආර්ථික දේශපාලන වුවමනා වෙනුවෙන් මුළු රටත් ජනතාවත් පාවා දී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පැවැසීය. 02 March 2026
රිය අනතුරින් කාන්තාවක් මරුට :තිදෙනකු රෝහලට ඇටවීරගොල්ලෑට , පාඩික්ගම 18 කණුව අසලදි කාන්තාවක් විසින් පදවන ලද යතුරු පැදියක් තවත් යතුරු පැදියක ගැටිමෙන් සිදුවු අනතුරින් යතුරු පැදිය පැදවු කාන්තාව මිය ගොස් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව ඇටවීගොල්ලෑව පොලිසිය කියයි. 02 March 2026
වරාය නගරයේ සාදයකට ආ දෙකක් අභිරහස් ලෙස මිය ගිහින් කොළඹ වරාය නගරයේ මරීනා වැලි තීරයේ පැවති ඩි. ජේ. ප්‍රසංගයකට සහභාගී වීම සඳහා පැමිණි තරුණියක සහ තරුණයකු සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි වරාය පොලිසිය සඳහන් කරයි. 02 March 2026
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026