සමෘද්ධියේ ණය කෝටි හයක් බොල්වෙලා සමෘද්ධි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලබාදී අැති ණයවලින් රුපියල් කෝටි 1290ක් අයවීමට තිබුණු බවත් මෙම සේවක ණයවලින් රුපියල් හය කෝටියකට වැඩි මුදලක් ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් අයකර ගැනීමට කටයුතු නොකර බොල් ණය වශයෙන් කපා හැර තිබූ බවත් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 20 September 2026
විමලසුරේන්ද්ර වාන් දමයි ජල විදුලි බලාගාර ජල පෝෂක ප්රදේශවලට අද (20) දින අලුයම ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමළසුරේන්ද්ර ජලාශය වාන් දැමීමට පටන් ගෙන ඇත. 20 September 2026
ඌවපරණගම දබගොල්ල කන්ද පුපුරලා ඌවපරනගම යාලගමුව දබගොල්ල කන්ද ඉරිතලා පුපුරා ගොස් නායයාමේ අවධානමක ඇතැයි ආපදා කළමනාකරණ මධ්යස්ථානය අද (20) පැවසීය . 20 September 2026
මෝටර් රථ ප්රවාහනයෙන් ගැටලු කියන්න වට්ස්ඇප් අංකයක් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ සේවාලාභීන් මුහුණ දෙන ගැටලු, පැමිණිලි සහ අදහස් ලබා ගැනීම සඳහා 074 245 3300 යන වට්ස්ඇප් දුරකථන අංකය අද (19) විවෘත කළේය. 19 September 2026
ජනපති අරමුදලින් රජරට සරසවියට ’’ඇස්’’ ජනාධිපති අරමුදලින් විශ්ව විද්යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි සහ ශ්රවණ උපකරණ ලබා දීමේ වැඩසටහනේ පළමු වැඩසටහන අද (19) දිනය පුරා රජරට විශ්වවිද්යාල පරිශ්රයේදී පැවැත්විණි. 19 September 2026
මහනුවර පාරක් ගිලා බසී පවතින වැසි තත්වය හේතුවෙන් පූජාපිටිය - මැදවෙල මාර්ගය මඩදෙණිය ප්රදේශයෙන් ගිලා බැසීම හේතුවෙන් එම මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා ඇති බව මාර්ග සංවර්ධන අධිකරිය සඳහන් කරයි. 19 September 2026
කළුබෝවිල අවිශ්කගේ කුඩු බෙදූ දෙකක් ගිනි අවි තුනක් සමග මාට්ටු කොහුවල විජයබා මාවත,නිවසකින් ගිනි අවි තුනක් හා මත්ද්රවය සමග පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. 19 September 2026
අගමැති කාර්යාලය ලේ දන් දෙයි අග්රාමාත්ය කාර්යාලයීය සුබසාධක සංගමය සංවිධානය කරන ලද ලේ දන්දීමේ කඳවුර අග්රාමාත්ය ලේකම් ප්රදීප් සපුතන්ත්රී මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සාර්ථකව පැවැත්විණි. 19 September 2026
මා ඔයේ දිය නාන්න ගිය දෙකක් මරුට:දෙකක් අතුරුදන් බඩල්ගම මස් සැකසුම් ආයතනයක සේවයේ නියුතු තරුණියන් තිදෙනකු හා තරුණයකු කාබන් කර්මාන්ත ශාලාව පිටුපස මා ඔයේ දිය නෑමට ගිය අවස්ථාවේ තරුණයකු සහ තරුණියක දියේ ගිලී මියගොස් ඇති අතර තවත් තරුණියන් දෙදෙනකු ගසාගෙන ගොස් අතුරුහන්ව ඇතැයි බඩල්ගම පොලිසිය කියයි. 19 September 2026
අධිවේගයේ ’’සීට් බෙල්ට්’’ අද සිට අනිවාර්යයි අධිවේගයේ ගමන් කරන වාහනවල සියලුම පියතුරන් මෙන්ම මගීන් ආසන පටි පැළඳීම අද(19) සිට අනිවාර්යය වෙයි. 19 September 2026
අනෝජන් සිද්ධිය එන සතියේ මැති සබයට සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී සිටින අනෝජන් සිවරාජා නමැති ලාංකික තරුණයා නිදහස් කරගැනීම සඳහා තමා ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දීර්ඝව කතා කිරීමට බලාපොරොත්තු වන බව දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා ප්රකාශ කළේය. 19 September 2026
’’දිට්වා’’ පාසල් 150ක් විද්යා පීඨ 07ක් වනසයි: පාඩුව කෝටි 227 ක් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ජාතික පාසල් 150 කට හා ජාතික අධ්යාපන විද්යා පීඨ හතක දේපළවලට රුපියල් කෝටි 227 ක පාඩුවක් සිදුව ඇතැයි අමාත්යාංශයේ ඉංජිනේරු අංශය ඇස්තමේන්තු කර ඇත. 19 September 2026
බොරු ලෙඩ පෙන්නා රට පනින ලොක්කන්ට බුද්ධි දැලක් විවිධ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හෝ වෙනත් අංශ විමර්ශන ආරම්භ කිරීමෙන් පසු බොරු ලෙඩ මවාපාමින් විදේශගතවීමට උත්සාහ දරන දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ගැන තොරතුරු සොයා බැලීමක් කරන ලෙස රජය, බුද්ධි අංශවලට දැනුම්දී ඇත. 19 September 2026
වොලිබෝලි විනිසුරුවරිය අනතුරින් මරුට වයඹ පළාත් ක්රීඩා නිලධාරිනියක සහ වෙරළ වොලිබෝල් විනිසුරුවරියක් කුරුණෑගල - මීගමුව ප්රධාන මාර්ගයේ මැටියගනේ, දුම්මලේවත්ත ප්රදේශයේදී සිදු වූ රිය අනතුරකින් මරණයට පත්ව ඇතැයි නාරම්වල පොලිසිය කියයි. 19 September 2026
හිස් කළ බෝවතැන්න යළි පුරවයි නඩත්තු කටයුතු සහ රොන්මඩ ඉවත් කිරීම සඳහා සම්පූර්ණයෙන්ම හිස් කළ බෝවතැන්න ජලාශය නැවත සම්පූර්ණයෙන්ම ජලය පුරවා අවසන් කළ බව ජලාශභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා අද පැවසීය. 19 September 2026
ලංකාවේ අරගලය ජිනීවා යයි අරගල සමයේදී තම නිවසට සහ දේපළවලට හානි කිරීමේ සිද්ධිය ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් තවමත් නීතිමය කටයුතු කිසිවක් ක්රියාත්මක වී නැති හෙයින් ඒ ගැන පරීක්ෂණයක් අරඹා වහා සොයා බලන්නැයි විශ්රාමික පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ සංසදයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ප්රේමසිරි මානගේ මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරයි. 19 September 2026
ඩී.එන්.ඒ වාර්තාවෙන් කෝටියක පොලිස් පොල්ලක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඩී.එන්.ඒ වාර්තා වෙනුවෙන් පොලිස් ස්ථානවලින් අය කර ගත යුතු රුපියල් කෝටියක ආසන්න මුදලක් අය කර ගැනීමට කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 19 September 2026
විල්පත්තුවේ කුඹුක් ගස් කැපීම: අමාත්යාංශයෙන් පරීක්ෂණයක් විල්පත්තුව ජාතික වනෝද්යාන මායිම් කලාපයේ වනාතවිල්ලුව පරණ එළුවන්කුලම නෙළුම්වැව ප්රදේශයේ කුඹුක් ගස් 500ක් ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතා පරිසර අමාත්යාංශයේ ලේකම්වරයාට උපදෙස්දී ඇත. 19 September 2026
පැලවත්ත හැර අනෙක් සියලු පක්ෂ එක් විය යුතුයි පැලවත්ත හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ වැඩ කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්යාධිකාරී මණ්ඩලය අමතමින් අද පැවසීය. 19 September 2026
කතුන් දෙදෙනකු සිටි නිවෙසක පොලිස් නිල ඇඳුම් ගිනි අවි සඟවලා මහියංගන සොරබොර වැව ප්රදේශයේ නිවසක කාමරයේ ඇදක් යට සගවා තිබූ විදේශ රටක නිෂ්පාදිත මිළිමීටර් 9 වර්ගයේ පිස්තෝල දෙකක්, පොලිස් නිළ ඇදුම් කට්ටල 4ක්, මත්ද්රව්ය ග්රෑම් 239යි මිළිග්රෑම් 620ක් සිය බාරයට ගත් බව මහියංගන පොලිසිය පවසයි . 19 September 2026
වසර 100 කට පසු නව බළල් විශේෂයක් හමුවෙලා වසර 100 කට පසු, නව වල් බළල් විශේෂයක් බොලිවියාවෙන් හමුවුණු බව විද්යාඥයෝ පවසති. ටිල්කයා බළලා (Tilcaya cat) යනුවෙන් පොදු නමින් හැදින්වෙන මේ සත්වයාගේ විද්යාත්මක නාමය ‘ලියෝපාර්ඩ්ස් ටිල්කයෝ’ (Leopardus tilcayo) ය. 19 September 2026
වැඩවර්ජනයෙන් දුම්රියට කෝටි 5 ක ආදායමක් අහිමියි දුම්රිය සාමාන්යාධිකාරියවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය දින දෙකක් ක්රියාත්මක කළ වැඩවර්ජන හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 5 කට ආසන්න ආදායමක් අහිමි වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු අද (18) ’ලංකාදීප’යට පැවසීය. 18 September 2026
එයාර් බස් ගනු දෙනුවට නාමල් 29 තෙක් රිමාන්ඩ් ශ්රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී ගුවන් බල ඇණියක් මිලදී ගැනීමේ ගනුදෙනුවේ දී රුපියල් කෝටි දහයක (මිලියන 100) අල්ලසක් ලබා ගත්තේ යැයි කියන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ලබන 29 දින දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය. 18 September 2026
විමල්ගේ ප්රකාශයක් ගැන අධිකරණය කරුණු සොයයි එයාර් බස් ගණුදෙනුවේ සැකකරුවකු ලෙස ඉදිරිපත් කළ නාමල් රාජපක්ෂ මහතා අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්ය විමල් වීරවංශ මහතා විසින් ප්රසිද්ධ රැස්වීමකදී ප්රකාශයක් සිදුකර අධිකරණයට අපහාසයක් කර ඇද්ද ? නැද්ද?යන්න පිළිබඳව විමර්ශනයක් සිදු කර කරුණු වාර්තා කරන්නැයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා පොලිස්පතිවරයාට අද නියෝග කළේය. 18 September 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් අද (18) පස්වරුවේ සිදු විය. 18 September 2026
පාකිස්තානයේ මරාගෙන මැරෙන ප්රහාරයකින් 17ක් මරුට පාකිස්තානයේ කොහාට් නගරයේ පොලිස් කඳවුරකට එල්ල වූ මරාගෙන මැරෙන ප්රහාරයකින් පුද්ගලයන් 17ක් මියගොස් තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එරට පොලිසිය අද ප්රකාශ කළේය. 18 September 2026
විසි දෙක ශ්රේෂ්ඨාධිකරණ මතය එන සඳුදා කතානායකට විසි දෙවැනි ආණ්ඩු ක්රම ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණයේ මතය ලබන 21 වැනිදා කතානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාට බාරදීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 18 September 2026
ලෝකෙට තාක්ෂණික දැනුම දෙන ජාතියක් හදනවා ලෝකයෙන් තාක්ෂණික මෙවලම් ගෙනැවිත් පරිභෝජනය කරන රටක් වෙනුවට, ලෝකයටම නව තාක්ෂණික විසඳුම් ලබාදෙන නවෝත්පාදක ජාතියක් බවට ශ්රී ලංකාව පත්කිරීම රජයේ ප්රධාන ඉලක්කය බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 18 September 2026
හිරුගෙන් බලය ගෙන රෑට එළිය දෙන බල ශක්ති පද්ධතිය විවෘත කරයි අනුරාධපුරයේ ඉදිකරන ලද මෙගාවොට් 10/ මෙගාවොට් පැය 40 බැටරි බලශක්ති ගබඩා පද්ධතිය, ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් අද (18) සිදු විය. 18 September 2026
යුරෝපා සංගමයේ හවුල් සාමාජිකත්වය කැනඩාවට යුරෝපා සංගමයේ පළමු ‘හවුල් සාමාජිකයා’ ලෙස කැනඩාව සම්බන්ධ කරගැනීමට යුරෝපා සංගමය කැමැත්ත පළ කර ඇත. මෙය කැනඩා අග්රාමාත්ය මාර්ක් කානි ප්රමුඛ රජයේ දැඩි පැසසුමට හේතුවක් බව පැවැසෙයි. 18 September 2026
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026