කෝටි 12ක ජංගම දුරකතන සමග ව්‍යාපාරිකයෙක් මාට්ටු වසර ගණනාවක සිට තීරු බදු රහිතව මෙරටට රැගෙන ආ ජංගම දුරකථන 348 සමග සමග ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි. 22 July 2026
හෝමාගම ගින්නෙන් පිළිස්සුණු අය හඳුනා ගන්න ඩී.එන්.ඒ. පරීක්ෂණ හෝමගම කටුවාන කර්මාන්තපුරයේ ආරක්ෂිත හිස් ආවරණ කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් පිලිස්සීමෙන් මිය ගිය පුද්ගලයන්ගේ හදුනාගත නොහැකි දේහයන් සදහා ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදු කර හදුනා ගැනීමට අවසර ලබා දීමට හෝමගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද අවසර ලබා දුන්නාය. 22 July 2026
දේශපාලන සිරකරුවන් කියා ජාතියක් නෑ බන්ධනාගාර ආඥා පනත හා අනෙකුත් බන්ධනාගාර නීති රෙගුලාසි මගින් දේශපාලන සිරකරුවන් ලෙස වෙන් කරන ලද කොට්ඨාසයක් සම්බන්ධයෙන් කිසිඳු අර්ථ නිරූපණයක් කර නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. 22 July 2026
අපනයන ආදායම ඩොලර් බිලියන නවය පන්නයි 2026 වසරේ මුල් භාගයේ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් ඇමෙරිකා ඩොලර් බිලියන 9 ක අපනයන ආදායමක් වාර්තා කිරීමට සමත්ව තිබෙන බව අපනයන සංවර්ධන මණ්ඩලය කියයි. 22 July 2026
මුහුදේ සැඟවුණු තරුණ ජීවිතය විනෝදයට මුහුදේ දියනාමින් සිටී තරුණයකු දියේ ගිලී මියගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය සදහන් කරයි. 22 July 2026
යුක්රේන හමුදා ප්‍රධානියා ධුරයෙන් ඉවත් කෙරේ යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි, එරට හමුදා ප්‍රධානී ඔලෙක්සැන්ඩර් සර්ස්කි එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 22 July 2026
ඉරාන යුද්ධයට වැයවුණු මුදල ඩොලර් බිලියන 37.5 ක් අවබෝධතා ගිවිසුම අවලංගු වී, දිනෙන් දින ඔඩුදුවන ඉරානය යුද්ධය වෙනුවෙන්, මේවනවිට ඇමෙරිකන් ඩොලර් බිලියන 37.5 ක මුදලක් වැයවී ඇතැයි ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීට් හෙග්සිත් පවසයි. 22 July 2026
ප්‍රවාහන - මහාමාර්ග - නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ආචාර්ය (ඉංජිනේරු) ආසිරි කරුණාවර්ධන මහතා පත් කර ඇත. 22 July 2026
ප්‍රංශ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් අවුරුදු 15 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා වන පනත් කෙටුම්පත ප්‍රංශ පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ අනුව, අවුරුදු 15 ට දරුවන්ට, සමාජ මාධ්‍ය යෙදවුම් තහනම් කළ පළමු යුරෝපීය සංගමයට අයත් රට බවට ප්‍රංශය පත් වෙයි. 22 July 2026
ගොඩ්සිලා වර්සස් කොංග් චිත්‍රපටයේ පුංචි දැරිය මැරිලා ගොඩ්සිලා වර්සස් කොංග් සහ ගොඩ්සිලා එක්ස් කොංග් ද නිව් එම්පයර් යන චිත්‍රපටවල බිහිරි ගෝත්‍රික දැරියගේ චරිතයට පණ දුන් කෙයිලී හොට්ල් රිය අනතුරකින් මියගිය බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. 22 July 2026
අධිකරණ ඇමැති විශ්වාසභංගය අනිද්දා විවාදයට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අනිද්දා (24) සිකුරාදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (22) තීරණය කළේය. 22 July 2026
නිවාස සංවර්ධන අධිකාරියේ ඉඩම් අවභාවිතයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉඩම් අවභාවිතයන්, මූල්‍ය අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර විධිමත් විමර්ශනයක් සිදු කිරීම කෙරෙහි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) අවධානය යොමු විය. 22 July 2026
දිට්වා වැනසූ ධීවර බඩු ගන්න මිලියන 189ක් දිට්වා ආපදාවෙන් පීඩාවට පත් ධීවර ජනතාවට බෝට්ටු සහ දැල් ආම්පන්න ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 189ක ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විමසා බැලීය. 22 July 2026
විපක්ෂයේ නායකයෝ හෙට එකට රැස් වෙති විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහි ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ නායකයෝ කොළඹ විපක්ෂ නායක කාර්යාලයට හෙට (23) රැස්වෙති. 22 July 2026
අල්ලස් කොමිසමෙන් කිසිම කැඳවීමක් නැතැයි අකිල කියයි ජනාධිපති කාර්යාලයේ සේවකයන් දේශපාලන කටයුතු වලට යොදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමෙන් තමාට කිසිදු කැඳවීමක් කර නැති බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 22 July 2026
මෝහිනී ඇල්ල ත්‍රිවිල් අනතුරින් දෙකක් මරුට:තුනක් රෝහලට නල්ලතන්නියේ සිට මස්කෙළිය බලා ධාවනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක් අද (22) දා උදෑසන 07.30 ට නල්ලතන්නිය, මෝහිනී ඇල්ල අසලදී මාර්ගයෙන් මාර්ගයෙන් ඉවතට පැන අඩි 10 ක් පමණ පල්ලමට පෙරළීමෙන් එහි ගමන් කරමින් ගත් දෙදෙනකු මිය ගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි නල්ලතන්නිය පොලීසිය පවසයි. 22 July 2026
බාබ් එල් මෙන්ඩෙබ් සමුද්‍ර සන්ධියෙන් යන්න ආ තෙල් නැව් දෙකකට බාධා බාබ් එල් මෙන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ හරහා යාත්‍රා කිරීමට පැමිණි සෞදි බොරතෙල් රැගත් ඉන්ධන ප්‍රවාහන නෞකා තුනක් ආපසු හැරවීමත් සමග ලෝක බොරතෙල් වෙළෙඳපොළේ බොරතල් බැරලයක මිල නැවතත් ඇමෙරිකානු ඩොලර් 90 සීමාව පසුකර ගියේය. 22 July 2026
දෙවිනුවර නිවෙසකට වෙඩි ප්‍රහාරයක් දෙවිනුවර හුම්මාන පාරේ ධිවරයකුගේ නිවසකට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු ඊයේ රාත්‍රි වෙඩි තබා පළගොස් ඇතැයි පොලිසිය කියයි. 22 July 2026
ආයතන පහක දූෂණ වාර්තා නීතිපතිට අල්ලස් කොමිසමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් ආයතන පහක් සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරැණු වාර්තා නීතිපතිවරයාට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (21) ලැබිණ 21 July 2026
භාණ්ඩාගාරයට හැකරැ රිංගුවේ ණය කන්තෝරැ නිලධාරීන් පුහුණුවක ඉද්දී ඕස්ට්‍රේලියාවට ගෙවීමට සූදානම් වූ මහ භාණ්ඩාගාරයේ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක ණය මුදලක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධියවූ කාලයේදී රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නිලධාරින් ශ්‍රී ලංකා මහා බැංකුවේ සේවාස්ථ පුහුණුවක නිරතව සිට ඇති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 21 July 2026
ප්‍රාදේශීය මට්ටමින් අල්ලස් කාර්යාල 23 ක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා කාර්යාල 23 ක් මේ වසරේ ප්‍රාදේශීය මට්ටමින් මේ පිහිටුවීම සඳහා පියවර ගන්නා බව ඔවුන් දැනුම් දී ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැසීය. 21 July 2026
ඩෙංගු අවදානම අගෝස්තු තෙක් ඩෙංගු අවදානම් මට්ටම අගෝස්තු මැද දක්වා වූ කාලය තුළ තවදුරටත් පවතින බැවින් සියලු අංශ ඒ පිළිබඳ අවධානය යොමුකරමින් කටයුතු කළ යුතු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 21 July 2026
දකුණේ පාසල් ප්‍රශ්න පත්‍රත් බෙදීම අවුල් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මේ දිනවල පවත්වනු ලබන පාසල්වල 6 සිට 11 ශ්‍රේණි දක්වා දෙවන වාර පරීක්ෂණවල ප්‍රශ්න පත්‍ර බෙදාහැරීමේදී සිදුව ඇති ප්‍රමාදයන් සහ අක්‍රමිකතා හේතුවෙන් විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි. 21 July 2026
මහජන සෞඛ්‍ය සේවය සියවස සමරයි මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද පැවැත්විණි. 21 July 2026
එන්න කීවත් එජාප මහ ලේකම් අකිල අල්ලස් කොමිසමට ඇවිත් නෑ ජනාධිපති ලේකම් කාර්යාලයට සේවකයින් බඳවාගෙන එක්සත් ජාතික පක්ෂයේ හා එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජකාරියවසම් මහතාගේ පුද්ගලික සහ දේශපාලන කටයුතුවලට යොදවා ගනිමින් දූෂණය නම් වරද සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් අල්ලස් දූෂණ විමර්ශන කොමිසම ආරම්භ කොට ඇත. 21 July 2026
පදක්කම් 85ක් දිනූ කරාතේ ශුරයෝ මව්බිමට බංග්ලාදේශයේ ඩකා නුවර පැවැති 10 වන දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේදී (10th South Asian Karate Championship 2026) පදක්කම් 85ක් දිනාගත් ශ්‍රී ලංකා ජාතික කරාතේ සංචිතය අද (21) පස්වරුවේ දිවයිනට පැමිණියේය. 21 July 2026
ජලභීතිකාව සම්පූර්ණයෙන් මඩින්න සාකච්ඡාවක් ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම, සත්ත්ව සුබසාධනය තහවුරු කිරීම සහ වීදි සතුන්ගේ ගහනය පාලනය කිරීම වෙනුවෙන් වඩාත් විධිමත් හා කඩිනම් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව එක්සත් රාජධානියේ ප්රමුඛ පෙළේ සත්ත්ව සුබසාධන සංවිධානයක් වන ’Battersea’ සහ ජාත්‍යන්තර සහකාර සත්ත්ව කළමනාකරණ සන්ධානය (ICAM - UK) නියෝජනය කරන විශේෂ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(24)පැවැත්විය 21 July 2026
කෝටි 2ක් කොල්ලකන්න උදවු දුන් හිටපු ඇමැති පුතා කොටු චීන ජාතිකයකු සතු රුපියල් කෝටි 2 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට ආධාර අනුබල දුන් බව කියන සිද්ධියකට හිටපු අමාත්‍යවරයකුගේ පුතෙකු අද අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි. 21 July 2026
බස් නැවතුම් ලඟ වෙළෙඳසැල් 112ක හදිසි වැටලීමක් දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි බස් නැවතුම්පොළ, ප්‍රවාහන මධ්‍යස්ථාන සහ ප්‍රධාන දුරගමන් බස් නැවතුම් ආශ්රිත වෙළෙඳසැල් හා ආපනශාලා 112ක විශේෂ හදිසි වැටලීමක් සිදු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 21 July 2026
වී මිල ගැන කතා කරන විට ඇමතිවරු හැංගෙනවා අද වී මිල ගැන කතා කරන විට ඇමතිවරු හැංගෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 July 2026
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026