නාමල්ගේ මගුලට නොමිලේ විදුලිය ගත් නඩුව දෙසැම්බර් 4 විභාගයට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවයට නොමිලේ විදුලිය සැපයීම මගින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන ලද සඳහන් කරමින් ඊට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥවරයකු ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම දෙසැම්බර් 4 වැනි දින විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය. 24 July 2026
හබරණ අනතුර රක්ෂිතයේ අක්කර හයක් අළු කරයි හබරණ කිතුල්ඔතුව ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ අධිබලැති යතුරු පැදියක් එකිනෙක ගැටී සිදු වූ අනතුරත් සමග යතුරු පැදිය ඇති වූ ගින්න අවට කැලෑවට ද පැතිර යාමෙන් අක්කර හයක් පුරා ගිනිගෙන විනාශ වූ බව හබරණ පොලිසිය කියයි. 24 July 2026
මහනුවර ඇසළ පෙරහරේ ප්‍රගතිය සාකච්ඡා කරයි ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය - 2026 සංවිධාන කටයුතු පිළිබඳව සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (24) පැවැත්විණි. 24 July 2026
හර්ෂණට එරෙහි විශ්වාස භංගය පරාදයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 116කින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ පරාජයට පත්විය. 24 July 2026
‘‘හිරේ යන්න නියමිත අය කියන නිසා මම ධූරයෙන් යන්නේ නෑ‘‘ මීගමුවේ සිද්ධියදා තමා බුදියගෙන සිටියේ නැතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 24 July 2026
පාදුක්කෙන් අනුරාධපුර ගිය වෑන් රිය අලියකුගේ ඇඟේ හැපේ පාදුක්කේ සිට අනුරාධපුරයට පැමිණි පිරිසක් රැගත් වෑන් රථයක් අනුරාධපුර - පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර මොරගොඩ ප්‍රදේශයේදී වන අලියකු ඇඟේ ගැටී සිදු වූ අනතුරකින් බූ පස් දෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 24 July 2026
ඊටීඑෆ් ඊපීඑෆ් ගැන රජයෙන් විපරමක් ඊටීඑෆ් හා ඊපීඑෆ් අරමුදල් පිහිටුවීමෙන් පසු ගතවූ දශක කිහිපයක කාලයේදී කිසිදු රජයක් නොකළ අන්දමේ විධිමත් අධ්‍යයනයක් සිදු කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 24 July 2026
ඩෙංගු ලෙඩ්ඩු 80,000 පනී මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,114 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන එ්කකය පවසයි. 24 July 2026
දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයකු අත්අඩංගුවට දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයකු අද (24) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි 24 July 2026
ඩෙංගු රෝගීන්ට ආයුර්වේදය විශේෂ සායනයක් අරඹයි ඩෙංගු රෝගය සදහා සුදුසුකම් ලත් බටහිර හෝ ආයුර්වේද වෛද්‍යවරයෙකු නියමකරන ඖෂධ හැර කිසිදු කිසිදු අත් බෙහෙතක් භාවිත නොකල යුතු බව බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය සමින්ද ආරියරත්න මහතා අවධාරණය කරයි. 24 July 2026
යතුරු පැදි හොරෙක් කඩවතින් මාට්ටු දිවයිනේ විවිධ ස්ථානවලින් යතුරුපැදි සොරාගත් සැකකරුවන් දෙදෙනකු යතුරුපැදි 3 ක් සමග ඊයේ (23) අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය පවසයි. 24 July 2026
“අධිකරණ ඇමතිට තනතුරේ ඉන්න සදාචාරාත්මක අයිතියක් නෑ“ වගකීම පැහැර හැරි අධිකරණ ඇමතිවරයාට ඒ තනතුර දැරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය 24 July 2026
‘‘ජනපතිගේ කාලෝචිත ක්‍රියාමාර්ග ද්වීපාර්ශ්වික සබඳතා තව තර වුණා‘‘ ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ගෝලීය තීරු බද්ද යටතේ පැනවීමට යෝජනා කර තිබූ සියයට 44 ක තීරු බද්ද සියයට 10 දක්වා අඩුකර ගැනීමට ලැබීම මෙරට ලැබූ ජයග්‍රහණයක් බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා අද ප්‍රකාශ කළේය. 24 July 2026
බදුල්ලේ කඳු පන්තියක ගින්නක් බදුල්ල පුංචි ශ්‍රී පාද කන්ද, බෝබුරුදිය ඇල්ල සහ බඹරකන්ද දියඇල්ල රක්ෂිතවල හටගත් හදිසි ගින්නකින් අක්කර සියයක් පමණ කොටසක් දැවී විනාශ වී ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 24 July 2026
අර්චුනාට වරෙන්තු නිකුත් කළාට මැතිසබේ කලබලයක් අර්චුනා පාර්ලිමේන්තුවේ සිටියදී අධිකරණය ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේ කෙසේදැයි මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය. 24 July 2026
රස පරීක්ෂක වාර්තා නැතිව 15607කට ඇප නෑ දැනට බන්ධනාගාර ගත වී සිටින රැඳවියන්ගෙන් තුනෙන් එකකටත් වඩා වැඩි පිරිසක් එහි රඳවා ඉන්නේ රස පරීක්ෂක වාර්තා නොමැති වීම නිසා බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 July 2026
ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයින්ට පණිවුඩයක් ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කළ විභාග අපේක්ෂකයින්ගේ තොරතුරුවල සංශෝධන සිදු කිරීමට අවශ්‍ය නම්, (23) සිට අගෝස්තු 03 වන දින දක්වා මාර්ගගතව එම සංශෝධන සිදු කිරීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 24 July 2026
කතානායකගෙන් මන්ත්රීලාට අවවාදයක් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළව අද (24) පැවැත්වෙන විවාදයේදී සිය අදහස් ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන්, ස්ථාවර නියෝග අනුව පමණක් අදහස් ප්‍රකාශ කළ යුතු බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න දැනුම් දුන්නේය 24 July 2026
ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 9 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 9 ඉරිදා පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. 24 July 2026
සැකකරුවකුගෙන් 80,000ක් බලෙන් ගත්තැයි එස්.අයි මාට්ටු සොරකමකට අදාළ සැකකරුවකු බියවද්දා රුපියල් 80,000ක මුදලක් බලෙන් ලබාගත් බව කියන උප පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 24 July 2026
ඩෙංගු පැතිරීම පාලනය වෙලා ඩෙංගු වසංගත තත්වය යම් තරමකට පාලනය වී ඇතැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා ලංකාදීපයට පැවසීය. 24 July 2026
අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාස භංගය අද විවාදයට: ඡන්දය හවස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද(24) විවාදයට ගැනීමට නියමිතය. 24 July 2026
බීලා පිස්සු කෙළපු පී.සී පොලිස් දැලේ කඩවත නගරයේ බීමතින් අශෝභන ලෙස හැසිරුණු පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසියය පවසයි. 24 July 2026
පාදුක්කෙන් හමු වූ නවීන රථය ගැන දිගටම පරීක්ෂණ ඇහැලියගොඩ කරඳන ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සගවා තිබියදී හමු වූ චීන ජාතිකයාගේ මල සිරුර රැගෙන ආ බවට සැක කෙරෙන චීන ජාතිකයන් තිදෙනකු අතහැර දමා ගිය බව කියන සුඛෝපභෝගී නවීන ප්‍රාඩෝ වර්ගයේ රථයක් පාදුක්ක පහල බෝපේ මංසන්ධියේ තිබී හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි. 24 July 2026
වසර 10කදී ළමා අපයෝජන පැමිණිලි 108,581ක් 2015 - 2025 දක්වා ගත වූ වසර 10ක කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකරියට පැමිණිලි 108,581ක් ලැබී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල් රාජ් මහත්මිය පවසයි. 24 July 2026
පාතාල ක්රියාකරුවකුගේ කෝටි 15ක දේපොළ තහනම් ආරක්ෂක අංශ මග හරිමින් විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකුගේ රත්ගම පිහිටි රුපියල් කෝටි 15 ක් පමණ වටිනා දේපල අද (23) තහනම් කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය කියයි. 23 July 2026
වැරදිකළ පෞද්ගලික රෝහල්වලට ලක්ෂ 58ක දඩ දිවයින පුරා පිහිටි පෞද්ගලික රෝහල්, වෛද්‍ය රසායනාගාර සහ ඖෂධ සල් ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද විශේෂ විමර්ශන හා වැටලීම් අනුව ප්‍රධාන පෙළේ රෝහල් ඇතුලු ස්ථාන 23 කට නඩු පැවරීමට පියවර ගනු ලැබූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය සදහන් කරයි. 23 July 2026
චීන ජාතිකයා ඝාතනයට චීන ජාතිකයෝ දෙකක් ගුවන් තොටේදී මාට්ටු කොළඹ වරාය නගරය තුළ දී චීන ජාතික කල්ලි දෙකක් අතර ගැටුමක දී , ප්‍රතිවාදී කල්ලියේ එක් අයකු ඝාතනයට සම්බන්ධ බව කියන චින ජාතිකයන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ දි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 23 July 2026
වත්තල වෙඩි තැබීමකින් අයෙක් මරුට වත්තල පල්ලියවත්ත, කදිරාන පාලම ආසන්නයේ උත්සව ශාලාවකට අද (23) රාත්‍රියේ එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මරණයට පත් වූ බව පොලිසිය කියයි. 23 July 2026
මීගමුවේ බන්ධනාගාරයේ මියගිය 17ක් වෙඩි කාලා:11ක් ගුටිකාලා මිගමුව බන්ධනාගාර යේ ඇති වු සිද්ධියෙන් 17ක් දෙනකු වෙඩි වැදීම් හේතුවෙන්ද එකොළොස් දෙනකු මොට ආයුධ වලින් කළ පහරදීම් හේතුවෙන්ද මියගොස් ඇතැයි මිගමුව මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය දැනුම් දුන්නාය. 23 July 2026
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026