ජනපතිගෙන් සෞදියට ලිපියක් සෞදියේදී මරණ දඬුවමට නියම වී සිටින සිවරාසා අනෝජන්ට ජීවිත සමාව ඉල්ලා ජනාධිපති අනුර කුමාර මහතාගේ ලිපියක් ඉතා ඉක්මනින් එරටට යවන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 September 2026
දූෂණ විරෝධී පනතේ ඇතැම් වගන්ති ව්යවස්ථාවට පටහැනියි දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බව ශ්රේෂ්ඨාධිකරණයේ මතය වී ඇතැයි කතානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද අද දැනුම් දුන්නේය. 22 September 2026
මැලේරියා මඩින්න උදව් වූ සෞඛ්ය වෘත්තිකයන්ට ඇගැයුම් ජාතික මැලේරියා මර්දන ව්යාපාරයේ සෞඛ්ය වෘත්තිකයන් ඇගයීම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් එම අමාත්යාංශයේදී සිදු කෙරිණි. 22 September 2026
පළා යන මෝටර් රථය අල්ලා ගත් ගිරිඋල්ල පොලිසියේ මෙහෙයුම වෙඩි ප්රහාර මධ්යයේ පලා ගිය සුඛෝභෝගී මෝටර් රථයක් පසු පස පැන් නූ පොලිසිය පන්නල නගරයේදී එය නවතා රියදුරු සහ කාන්තාවන් දෙදෙනකු ගිරිඋල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කරයි. 22 September 2026
ට්රම්ප් හමුවන්න චීන ජනපති ඇමෙරිකාවේ චීන ජනාධිපති ෂී ජින්පින් හෙට (23) දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් ඇමරිකාවට පැමිණෙයි. ඒ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ඇරයුමකට අනුවය. 22 September 2026
ට්රම්ප් TV විකාශන කටයුතු අරඹයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ උපදෙස් අනුව, ඔහුගේ මඟ පෙන්වීම යටතේ ‘ට්රම්ප් ටීවී’ නමින් නව රූපවාහිනී නාළිකාවක විකාශන කටයුතු ආරම්භ විය. 22 September 2026
ඉරාන විදේශ ඇමැති ඇමෙරිකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වැනි මහා මණ්ඩල සැසියට සහභාගී වීමේ අරමුණින් ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරාග්චි ප්රමුඛ ඉරාන නියෝජිත කණ්ඩායම ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බලා පැමිණියේය. 22 September 2026
විසිදෙකට ජනමත විචාරණයක් අවශ්ය නෑ විසි දෙවෙනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්ය නොවන බව ශ්රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ දැනුම් දුන්නේය 22 September 2026
දූෂණය නම් වරද සිදු කළ හිටපු ඇමැති ලේකම් අත්අඩංගුවට පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 81ක මුදලක් සිය බැංකු ගිණුමට බැර කරවා ගත්තේ යැයි අත්අඩංගුවට ගත් හිටපු අමාත්යවරයකුගේ ලේකම්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 22 September 2026
දිස්ත්රික්ක 10කට නාය අවදානම් නිවේදන දිවයිනට බලපා ඇති තද වැසි හේතුවෙන් දිස්ත්රික්ක 10 ක් සඳහා නායයෑම් නිවේදන නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ප්රකාශ කරයි. 22 September 2026
පළාත් ඡන්දය කෑලි කැඩෙයි ? රටේ සියලුම පළාත් සභා එකවර පැවැත්වීම වෙනුවට උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය මුලින්ම පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය. 22 September 2026
චීන සංස්කෘතික අසිරිය ලයිසියම් දරුවන්ට නුගේගොඩ, කුරුණෑගල සහ අනුරාධපුර යන ලයිසියම් ජාත්යන්තර පාසල්වල සිසු දරු දැරියන් සම්බන්ධ වූ විශේෂ සංස්කෘතික හුවමාරු වැඩසටහනක් ඊයේ (21) නුගේගොඩ ලයිසියම් ජාත්යන්තර පාසලේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. 22 September 2026
අයිස් කිලෝ 22ක් සමග දෙකක් මාට්ටු අයිස් මත්ද්රව්ය කිලෝ 22ක ආසන්න ප්රමාණයක් සමග කාන්තාවක ඇතුළු දෙකක් මාතර වල්ගම ප්රදේශයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 September 2026
වෑබඩින් අවි තොගයක් සමග අයෙක් මාට්ටු කඩවත, වෑබඩ ප්රදේශයේ පිහිටි නිවසක් සෝදිසි කිරීමේදී හෙරොයින්, ගිනිඅවි සහ පතුරම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය කියයි. 21 September 2026
නාමල්ගේ සෙත් පින්කමට මාතර බෝධි පරිශ්රය නෑ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ අරමුණෙන් මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ අබියස පැවැත්වීමට සූදානම් කර තිබූ බෝධි පූජා පින්කමකට එම පරිශ්රය ලබා දිය නොහැකි බවට මාතර බෝධි ආරක්ෂක සභාව දැනුම් දීමත් සමග එහි සංවිධායකයන්ට වෙනත් ස්ථානයක් සොයා ගැනීමට සිදු විය. 21 September 2026
රස වාර්තා නැතිව සිරකරැවෝ රොත්තක් වසර 2 ක් තිස්සේ හිරේ රස පරීක්ෂක වාර්තා ප්රමාදය හේතුවෙන් මත්ද්රව්ය චෝදනා ලැබූ සැකකරුවන් රැසක් අැප ගත නොහැකිව මාස 18 සිට වසර 02 දක්වා කාලයක් තිස්සේ බන්ධනාගාරවල රදවා තැබීමට සිදුව අැතැයි බන්ධනාගාර ප්රධානීහු රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන්හ. 21 September 2026
අඩු පීඩනය අවපාතයක් දක්වා වර්ධනය වේ දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්රදේශය ආශ්රිතව පිහිටා ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. 21 September 2026
විදුලි බිලට කෝටි 17,21ක සහනාධාරයක් පරිපූරකය හෙට මැතිසබයට විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයාට සහන ලබාදීමට රුපියල් කෝටි 17,21 කට වැඩි මූල්යමය සහනාධාරයක් සැපයීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව (23) අනුමත කිරීමට නියමිතය. 21 September 2026
අභියාචනාධිකරණයේ වැඩබලන්න සභාපති විනිසුරුවරයෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා මහතා පත් කරනු ලැබ ඇත. 21 September 2026
ගංගා පහක ජල මට්ටම් ඉහළට පවතින අධික වර්ෂාපතනය හමුවේ මහවැලි, කැලණි, ගිං, නිල්වලා සහ කලු ගංගා ආශ්රිත ඉහළ ජල මට්ටමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 21 September 2026
සිවරාසාගේ මව්පියෝ ජනපති හමුවෙති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති ශ්රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන් මහතාගේ මාපියන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ. 21 September 2026
ලංකාවේ උගත් තරුණයින්ගෙන් 43%කට රැකියා නෑ මෙරට අවුරුදු 15ත් 24ත් අතර වයස් කාණ්ඩයේ සිටින උගත් තරුණ තරුණියන් සියයට 43 ක් රැකියාවක් නොමැතිව සිටින බවත් එය මෙම වයස් කාණ්ඩයේ කලාපයේ උගතුන් අතර ඇති ඉහළම රැකියා විරහිත අනුපාතය බවත් ජාත්යන්තර මූල්ය අරමුදලේ නවතම විශේලේෂණ වාර්තාවක සඳහන් වේ. 21 September 2026
ආණ්ඩුව වට්ටන්න තියා හිතන්නවත් එපා ආණ්ඩුව වට්ටන්න තියා ඒ ගැන හිතන්නවත් ඉඩක් නැති තරමට සුවිසල් සමාජ පරිවර්තනයක් සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැලිගම ජන රැළියේදී පැවැසීය. 21 September 2026
පුටින්ගේ එක්සත් පක්ෂය ඉදිරියට යුක්රේනයට එරෙහි හමුදා ක්රියාමාර්ගය ආරම්භ කිරීමෙන් පසු, පළමු වරට රුසියාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විණි. මැතිවරණ ප්රතිඵල නිකුත් කෙරැණු අතර ජනාධිපති පුටින්ගේ‘ එක්සත් රුසියා’ පක්ෂයට පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්යාවක් දිනා ගැනීමට හැකිවිය. 21 September 2026
මැතිසබා කාලසටහන වෙනස් කරයි සැප්තැම්බර් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු සතියේ, සැප්තැම්බර් 22 සහ 23 යන දිනවලට අදාළව පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. 21 September 2026
අනෝජන්ට සමාව පතා මුජිබුර්ලා සෞදි රජුට කතා කරන්න සැරසෙයි සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් නමැති ශ්රී ලාංකික තරුණයාට ජීවිත සමාවක් ලබා ගැනීම සඳහා සෞදි තානාපතිවරයා හරහා සෞදි රජතුමාගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබුර් රහුමාන් මහතා පැවැසීය. 21 September 2026
මධ්යම කඳුකරයට ඇදහැලුණු අධික වැසි අඩුවේ මධ්යම කදුකරයේ බටහිර බෑවුම් ප්රදේශවල පැවති අයහපත් කාලගුණ තත්වය (21) දින අලුයම වන විට තරමක් පහව ගොස් ඇත. 21 September 2026
දකුණේ බලශක්ති ගබඩාව ජාතික පද්ධතියට එක් කරයි මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීම සඳහා ස්ථාපනය කරනු ලබන දකුණු පළාත් බැටරි බලශක්ති ගබඩා පද්ධතිය වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතාගේ ප්රධානත්වයෙන් ජාතික විදුලි පද්ධතියට නිල වශයෙන් සම්බන්ධ කරනු ලැබිණි. 21 September 2026
විසිදෙක අධිකරණ මතය කතානායකට විසි දෙවැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාට ලබා දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 21 September 2026
නුවරඑළියේ පාසල් 13ක් වැසේ මධ්යම කදුකරයේ බටහිර බෑවුම් ප්රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන සිංහල සහ දමිළ පාසල් 13කට අද (21) දින නිවාඩු ලබා දුන් බව එම කලාප කාර්යාලවල අධ්යක්ෂකවරු පැවසති. 21 September 2026
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026