ලිට්රෝ මිල වෙනස් නොවේ මෙම මාසය තුළ ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ ප්‍රකාශකයකු පැවසීය. 02 January 2026
රිය අනතුරින් තරුණයා මරුට පුණ්යාඩි ප්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රී සිදුවූ ට්‍රැක්ටර් හා යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලැබු පැදිකරු රෝහල්ගත කරද්දී මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි . 02 January 2026
නැගෙනහිර පහළ වායු ගෝලයේ කැලඹිල්ලක් ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදි උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්වයේ වැඩිවීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 January 2026
84 සැමියා 79 බිරිය මරලා 84 හැවිරිදි සැමියා 79 හැවිරිදි බිරිදට පහරදී ඝාතනය කර ඇතැයි අගලවත්ත පොලිසිය කියයි. 02 January 2026
නවගමුව වෙඩි තැබීම පාතාල ගැටුමක්? නවගමුව කොරතොට මැණික් ආගාර පාර ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගත් නිවසක සිටි පුද්ගලයන් තිදෙනකුට කිසියම් කණ්ඩායම් විසින් සිදුකළ වෙඩි තැබීමකින් එක් අයකු එම ස්ථානයේදීම මියගොස් වෙඩි වැදුණු තවත් දෙදෙනකු හෝමගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 02 January 2026
ලාෆ් ගෑස් සිලින්ඩරයක් 150ක් ඉහළට ලාෆ්ස් ගෑස් කිලෝ 12.5 මිල අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 150කින් ඉහළ දමන බව නිවේදනය කර ඇත. 01 January 2026
මධ්‍යම අධිවේගයේ කඩවත - මීරිගම කොටසේ වැඩ සියයට 40ක් අවසන් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටසේ ඉදිකිරීම් මේ වන විට සියයට 40 කට ආසන්න ප්‍රමාණයක් අවසන් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පැවසීය. 01 January 2026
රිය අනතුරුවලින් සියයට 85කට මානසික හේතුන් බලපාලා නව වසරේ රථ වාහන සහ මාර්ග ආරක්ෂාව සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් නිලධාරීන් 9000 ක් දිවයින ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 01 January 2026
ඉඩම් ආරවුලකින් තුනක් මරුට:කතකට තුවාල මාවනැල්ල, කෝන්දෙනිය ග්‍රාම නිලධාරී වසමේ පිහිටි දනාගම වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් ඉඩම් ආරවුලක් හේතුවෙන් තම ඥාතීන් සිව්දෙනෙකු අද(01) පස්වරුවේ 4 ට පමණ පිහියකින් කොටා ඇති අතර ඉන් තිදෙනෙකු මියගොස් ඇති බව මාවනැල්ල පොලීසිය පවසයි. 01 January 2026
සුහද ක්‍රිකට් තරගාවලියට පැමිණි රියදුරෙක් මරුට නව වසර උදාව සමරමින් ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටි ත්‍රීරෝද රථ රියැදුරකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි මාලඹේ පොලිසිය පවසයි. 01 January 2026
කෝටි 15ක මත්ද්‍රව්‍ය සමඟ තිදෙනකු අල්ලයි කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශයේ දී සිදුකරන ලද වැටලීමකදී රුපියල් කෝටි 15 කට වැඩි වටිනාකමකින් යුත් මත්දුව්‍ය තොගයක් සමගින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 01 January 2026
ගොවියා වෙනුවෙන් ඔඩපණ ණය යෝජනා ක්‍රමය එයි වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2025/26 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපාකාර සමිති වෙත සහනදායී පොලී අනුපාතයක් යටතේ ඔඩ පණ ණය යෝජනා ක්‍රමයක් අද සිට ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 01 January 2026
දින නවයක් වයසැති දරුවා ළිඳට වැටිලා දින දහනවයක් වයසැති දරුවකු ළිදකට වැටී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට උපාධිධාරිණියක වන තත්ත්ව විශ්ලේෂිකාවක දරුවාගේ මව අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය කියයි. 01 January 2026
මහින්ද කතරගම පිංකමට එක් වී රටවැසි ජනතාවට සෙත් පතා වර්ෂ අවසානයේ කතරගම පූජා භූමියේදී පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් පිංකම සහ සංඟගත දක්ෂිණාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් හිටපු මැති ඇමති පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. 01 January 2026
ජනපති දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගනී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දළදා සමිඳුන් වැඳ පුදාගෙන එහි පැවැති ආගමික වතාවත්වලට සහභාගී උදා වූ 2026 නව වසරට ආශීර්වාද ලබා ගත්තේය. 01 January 2026
ගිය වසරේ ඩොලර් බිලියන 18.8ක අපනයන ආදායමක් පසුගිය වසරේ පළමු මාස 11දී මෙරට මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 18.8ක් බවත් මුළු ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 19.3ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ. 01 January 2026
යතුරු පැදියක් අැලට පෙරළී අයෙක් මරුට වැලි ඇල කුඹුරු යායට ජලය ගලා යන ඇලේ යතුරු පැදියකට යට වී මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (01) උදෑසන සොයාගත් බව පුල්මුඩේ පොලිසිය කියයි. 01 January 2026
ගංවතුර අස්සේ උසාවියෙන් යතුරු පැදි ඉස්සූ හතරක් මාට්ටු මහනුවර උසාවි සංකීර්ණය ජල ගැල්මට අසුව යට වූ අවස්ථාවේදී නඩු භාණ්ඩ වශයෙන් රඳවාගෙන තිබූ අධිබලැති යතුරුපැදි දෙකක් සොරකම් කළ බව කියන තරුණයන් සිව් දෙනකු එම යතුරුපැදි ද සමග අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය කියයි. 01 January 2026
යුක්රේන යුද්ධය දිනන්න පුළුවන් - පුටින් අවුරුදු උදාවත් සමඟ රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින්, එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමැතුවේය. යුක්රේනය සමඟ යුද්ධය ජයග්‍රාහී අයුරින් අවසන් කළ හැකි වේවි යැයි තමන් විශ්වාස කරන බව, රුසියන් ජනාධිපතිවරයා සිය නව අවුරුදු පණිවුඩය හරහා පැවැසීය. 01 January 2026
ගිය වසරේ වැඩිම දරු සුරතල් බැලූ රට ඉන්දියාව පසුගිය වසරේදී වැඩිම දරු උපත්වාර්තා වන්නේ ඉන්දියාවෙන් බව විෂුවල් කැපිටලිස්ට් වෙබ් අඩවිය පුරෝකතනය කළේය. 01 January 2026
ජපන් අගමැතිනියට වැසිකිළි ප්‍රශ්නයක් ජපානයේ පළමු කාන්තා අගමැතිනී සත්සුකි කටයාමා, පාර්ගිමේන්තුවට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. ඒ, පුරුෂ ආධිපත්‍ය රජයන ජපන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කාන්තාවන්ට වැඩිපුර වැසිකිලි අවශ්‍ය බව පෙන්වා දෙමිනි. 01 January 2026
ජීවත් වෙන්න ආමරුයි: ඉරාන වැසියෝ පාරට ඉරාන රියාල් මුදල් ඒකකය ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව විවෘත වෙළඳපොලේ දරුණු ලෙස කඩාවැටීම, ජීවන වියදම දිනෙන් දින ඉහළ යෑමත් සමඟ ඉරානයේ ප්‍රධාන නගරවල විරෝධතා පැවැත්වෙයි. 01 January 2026
ඩෙන්මාර්ක තැපෑලට තිත වසර 400 ක් පැරණි ඩෙන්මාර්කයේ ජාතික තැපැල් සේවය වන ’PostNord’ ඊයේ (30) සිට බලපැවැත්වෙන පරිදි එරට තුළ තැපැල් කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමීය. 01 January 2026
බන්ධනාගාර සැකකරුට මත්ද්‍රව්‍ය දෙන්න ගිහින් මාට්ටු කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවකුට වැසිලීන් බෝතලයක සඟවා රුපියල් ලක්ෂ 4 කට අධික වටිනා මත්ද්‍රව්‍ය වර්ග හතරක් ලබාදීමට උත්සාහ දැරූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය කියයි. 01 January 2026
අල්ලස්ගත් එස් .අයි.අත්අඩංගුවට පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පැමිණිලිකරුගෙන් රුපියල් දහදාහක අල්ලස් මුදලක් ඉල්ලා සිටි කින්නියා පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා එම අල්ලස් මුදල ඔවුන්ට හිතවත් මාළු වෙළඳ ව්‍යාපාරිකයෙකු හරහා පොලිස් ස්ථානය තුලදි ලබා ගැනීමට උත්සාහ ගනිද්දි අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව කියයි. 01 January 2026
නිව්යෝක් පළමු මුස්ලිම් නගරාධිපති දිවුරුම් දෙයි නිව්යෝක් නගරසභා මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂ සොහ්රාන් මම්දානී එම ධුරයේ දිවුරුම් දුන්නේය. 01 January 2026
නීති විරෝධිව ගෙන ආ දුම්වැටි සමඟ යුවළක් මාට්ටු රුපියල් පනස් දෙලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ , ශ්‍රී ලාංකික යුවළක් අද(01) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 01 January 2026
මෝටර් රථය මගියා බේරාගන්න ගිහින් පොල්ගහට ගිහින් අම්බලන්ගොඩ ගොඩගමදී මෝටර් රථයක් අද(1)උදෑසන පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ පොල් ගසකට වැදීම නිසා රියැදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 01 January 2026
බස් - යතුරු පැදි අනතුරින් ජාජබ මන්ත්‍රී අපෙක්ෂක මරුට බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ පැමිණෙමින් සිටියදී වැල්මිල්ල, ගල්කඩේ හංදිය ප්‍රදේශයේදී බස් රථයක් හා යතුරු පැදියක් ගැනීමෙන් යුද හමුදා විශ්‍රාමික නිලධාරියකු මියගොස් තවත් විශ්‍රාමික නිලධාරියකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 01 January 2026
චිත්‍රපයකට ලෙසින් සිදු කළ බැංකු කොල්ලය හොලිවුඩ් චිත්‍රපටයක බැංකු කොල්ලයක් මතක් කර දෙමින් කොල්ලකරුවන් පිරිසක් විශාල විදින කටුවක් භාවිත කරමින් බටහිර ජර්මනියේ බැංකුවකින් ඇමෙරිකානු ඩොලර් මිලියන 35 ක මුදලක් කොල්ල කා ඇතැයි එරට පොලිසිය පැවැසුවේය. 01 January 2026
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026