දේශපාලන හැරවුම් ලක්ෂයක් අපි ගොඩනගන්න ඕනේ ’’අද ඔබ අපි විශ්වාස කරන්නේ මේ රටේ දේශපාලන හැරවුම් ලක්ෂයක් අපි ගොඩනගන්න ඕනේ කියලා. නව දේශපාලන බලවේගයක් අපි හදන්න ඕනේ කියලා. මේ අලුත් පරම්පරාවට ඔබින දේශපාලන ප්‍රතිපත්ති අපි ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා.’’යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ ඊයේ (26දා) පාදුක්ක ප්‍රදේශයේ රැස්වීමක් අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා , 27 July 2026
කොළඹ මහා සඟ සමුළුවෙන් ශ්‍රී ලංකාවේ අණ්ඩුක්රම ව්‍යාවස්ථාව 20 වරක් සංශෝධනය වූ නිසා නව ව්‍යාවස්ථාවක් ඉදිරිපත්වීමට ඉඩඇති අතර එම නව ව්‍යවස්ථාවේ බුද්ධාගම යන පරිජේදය රැකුණොත් හොඳ බවත් නැගෙනහිර සහ උතුරේ 1000 කට අධික පුරාවිද්‍යා ස්මාරක පිහිටි මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල බලය ප්‍රදේශීය ලෙක්ම්ගේ යටතට පත් කළ හොත් ඕනෑම කෙනකුට දීමේ හැකියාව තියෙන බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරත්න නාහිමියෝ අද (27) පැවසූහ. 27 July 2026
ක්‍රිකට් පරිවර්තන කමිටුව හා ජනපති අතර හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (27) පස්වරුවේ පැවැත්විණි. 27 July 2026
විනිසුුරු වයස දීර්ඝ කරන්න කැබිනට් අනුමැතිය මහාධිකරණ අභියාචනාධිකරණ ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. 27 July 2026
10000කට ඊශ්‍රායෙල් රැකියා කාලයක් විවිධ අතරමැදියන්ට හා දේශපාලකයින්ට නතුව තිබූ ඊශ්‍රායල් රැකියා බඳවාගැනීම් ඉන් මුදවාගෙන විනිවිදභාවයෙන් හා කිසිඳු මැදිහත්වීමකින් තොරව සිඳුකිරීමට කටයුතු කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි. එය ජනතාව පැතූ වෙනසක් බැවින් සෑම ක්ෂේත්රයකටම එම ක්‍රමය ක්‍රියාත්මක කරමින් සිටින බවත්, විදේශ රැකියා ක්ෂේත්රය දූෂණයෙන් තොර ක්ෂේත්රයක් බවට පත් කරන බවත් ඔහු සඳහන් කළේය. 27 July 2026
දෙවිනුවර කාවාඩි තහනම ඉවතට ඓතිහාසික දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ පසුගිය වසරේ කාවාඩි නර්තනයට සම්බන්ධවූ කාවාඩි කණ්ඩායමක් 45 කට මෙවරද පෙරහරට සහභාගිවීමට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තීරණය කර ඇත. 27 July 2026
කතරගම ගිනි පාගා ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයට සමගාමීව පවත්වනු ලබන සාම්ප්‍රදායික ගිනි පෑගීමේ මහෝත්සවය අද අලුයම උත්කර්ෂවත් අයුරින් පැවැත්විය. 27 July 2026
යාපනය කිංග්ස් හිමිකරු යළි රිමාන්ඩ් කොළඹදී ආරම්භ කළ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ තරග මුදලට පාවාදීම යෝජනා කළේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ජැප්නා කිංග්ස් (Jaffna Kings) කණ්ඩායමේ ඉන්දීය ජාතික හිමිකරු ඇතුළු සැකකරුවා දෙදෙනා සුවිශේෂී හේතූන් මත ඇප මත මුදා හරින්නැයි කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද ප්‍රතික්ෂේප කළේය. 27 July 2026
කෝටි ගණනක හනුමාන් පිළිම වංචාවට දෙකක් රිමාන්ඩ් පුරාවස්තු වටිනාකමින් යුත් හනුමාන් දෙවියන්ගේ මැණික් හා රත්තරන් සහිත ලෝහමය පිළිමයක් ඉන්දියාවට අලෙවි කරනවා යැයි පවසමින් පුද්ගලයින්ගෙන් කෝටි ගණනින් මුදල් වංචා කිරීමට තැත් කළ සැකකරුවන් දෙදෙනා ලබන 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය. 27 July 2026
දෙවිනුවර පෙරහරේ කාවඩි ගැන තීරණාත්මක සාකච්ඡාවක් දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා අද (27) පස්වරුව 4 ට සාකච්ඡාවක් පැවැත්වෙන බව දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවැසීය. 27 July 2026
හොර පාරෙන් වාහන පැවරූ RMV හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදු වූ නීතිවිරෝධී වාහන පැවරීමකට අදාළ විමර්ශනයකට සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 27 July 2026
කෝටියක කුෂ් සමඟ අයෙක් මාට්ටු රුපියල් එක් කෝටි හතලිස් අට ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (27) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ . 27 July 2026
රුසියාවේ ඉදිකිරීම් රැකියා දොර ලංකාවට ඇරෙයි රුසියාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ලබාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පසුගියදා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණි රුසියාවේ විශේෂ දූත පිරිසක් සමග සිදුකළ සාකච්ඡා සාර්ථක වී තිබේ. 27 July 2026
ඩෙංගු මට්ටු කරන්න ඇමෙරිකාවේ සහාය ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙංගු වසංගතය පාලනය කිරීම සඳහා ඇමෙරිකාව මෙරටට සහාය ලබාදෙනු ඇතැයි මෙරට වැඩබලන ඇමෙරිකානු තානාපතිනි ජේන් හොවෙල් මහත්මිය පසුගියදා ප්‍රකාශ කළාය. 27 July 2026
ඩෙංගු රෝගින් 82011 ක්, මරණ 61ක් ශ්‍රී ලංකාවේ මේ වසරේ ජුලි 26දා මධ්‍යම රාත්‍රිය වන විට මේ දක්වා ඩෙංගු රෝගීන් 82011ක් වාර්තා වි ඇති අතර මරණ සංඛ්‍යාව 61කි. ජුලි මාසයේ දින 26ට පමණක් ඩෙංලු රෝගින් 26636ක් වාර්තා වි ඇතර මේ වසරේ මාසයකදි වාර්තා වූ වැඩිම රෝගින් ප්‍රමාණය එය වෙයි. එසේම වැඩිම ඩෙංගු රෝගින් පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම අගය 17395කි. 27 July 2026
සිසුන්ට කුඩු බෙදූ උපකාරක පන්ති ගුරා මාට්ටු හොරණ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික උපකාරක පන්තියක් පවත්වාගෙන යන හිමිකරුවකු, සිසුන්ට කාලයක් තිස්සේ අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 27 July 2026
සියැටල්හි වෙඩි තැබිමකින් දෙදෙනෙක් මරුට ඇමෙරිකාවේ සියැටල්හි වාර්ෂික ආහාර උළෙලක් වන බයිට් ඔෆ් සියැටල් හිදී ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තවත් පහක් පමණ තුවාල ලබා තිබේ. ඇමෙරිකාවේ වේලාවෙන් පස්වරු 6ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ. 27 July 2026
පිලිපීනයේ පළමු ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය ඩාවෝ නගරයේදී විවෘත වේ පිලිපීනයේ පළමු ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය නිල වශයෙන් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඩාවෝ නගරයේදී ඉකුත් 25 වන දින විවෘත කළේය. 27 July 2026
හිටපු ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා ඇතුළු පහකට ඇප චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 02ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත් අනුද ජනාදිත් ඇතුළු සැකකරුවන් 5 දෙනා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 27 July 2026
දරුවන්ට පැය 24 කට වඩා උණ නම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානම ඉහළ යාමත් සමඟ, දරුවන්ට පවතින උණ තත්ත්වය පැය 24 කට වඩා පවතින්නේ නම් ප්‍රමාද නොවී වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවන ලෙස සෞඛ්‍ය බලධාරීහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිති. 27 July 2026
මේ වසරේ කොළඹ ගිනිගැනීම් 258 ක් මේ වසර තුළ කොළඹ සහ ඒ හා තදාසන්න ප්‍රදේශවලින් ගිනිගැනීමේ සිදුවීම් 258 ක් වාර්තා වී ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කරයි. 27 July 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළට සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ මැදපෙරදිග කලාපයේ දැඩි ලෙස උග්රවෙමින් පැවති ඇමෙරිකා - ඉරාන අර්බුදය යම් තරමකට ලිහිල් වීමේ ලකුණු පහළ වී තිබේ. 27 July 2026
මුදල් වංචාවකට අම්මයි දුවයි අත්අඩංගුවට මුදල් වංචා කිරීම් හා සොරකම් සම්බන්ධයෙන් අධිකරණ කීපයකින්ම වරෙන්තු ලබා සිටි මවක හා දුවක අලුත්ගම ,ධර්ගා නගරය ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත . 27 July 2026
හෙට සිට නිරිතදිගට වැස්ස වැඩි වේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 July 2026
දෙහිවල සුසාන භූමියේ මුරකරුට වෙඩික්කරුගේ පැදිකරු අල්ලයි දෙහිවල නිසල සෙවණ පොදු සූසාන භූමියේ මුරකරු ලෙස කටයුතු කළ පුද්ගලයාට වෙඩිතබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියේ යතුරු පැදිය පැදවූ අපරාධ කල්ලි සාමාජිකයා නුගේගොඩ දෙල්කඳ හන්දියේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 26 July 2026
ජෙලිෆිෂ් නිසා මුහුදේ දිය නෑ 10ක් රෝහලේ ජෙල් ෆිස් මතස්‍යයින් ශරිරයේ ස්පර්ශවීමෙන් පානදුර මුහුදු වෙරලේ අ දියනාමින් සිටී පුද්ගලයන් දස දෙනකු පමණ තුවාල ලබා ඇති බව පානදුර වෙරළේ ජීවිත ආරක්ෂක ඒකක සදහන් කරයි. 26 July 2026
දෙවිනුවර පෙරහරෙන් කාවඩි නවති දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ මෙවර ඇසල මංගල්‍යයේ දැඩි කතාබහට ලක්ව ඇති 06 වැනි පේලි පෙරහරේ කාවඩි අංගය ඉවත් කරන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මාතර මහ දිසාපතිවරයා වෙත අද ලිඛිතව දැනුම් දී ඇත. 26 July 2026
ලංකාවේ වෛද්‍යවරියකට ලෝක ශූරතාවක් ගෝලීය හෙපටයිටිස් තුරන් කිරීමේ සංවිධානය (Coalition for Global Hepatitis Elimination - CGHE) විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ හෙපටයිටිස් තුරන් කිරීමේ ශූරයන් අතරට ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ (NSACP) විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය තේරී පත්ව ඇත. 26 July 2026
ඌණ උපයෝජිත ඉඩම් විදෙස් ශ්‍රමිකයන්ට විදෙස්ගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ගේ ආයෝජන සඳහා ඌණ උපයෝජිත ඉඩම් ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය. 26 July 2026
කොළඹදී මහ සඟ සමුළුවක් ’’සුඛා සංඝස්ස සාමග්ගි’’ යන තේමාවෙන් මහ සඟ සමුළුවක් කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) හෙට (27) පස්වරු 2.30ට පැවැත්වේ. 26 July 2026
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026