ජොන්ස්ටන් FCIDයට හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. 05 January 2026
පාසල් ළමුන්ට-කාර්යාල සේවකයින්ට වටවල සිට විශේෂ දුම්රියක් දිට්වා සුලි කුණාටුවෙන් පසු පළමු පාසල් වාරය අද ආරම්භ කිරිමත් සමග පාසල් ළමුන් කාර්යාල සේවකයින් ප්‍රවාහනය කිරිම සදහා වටවල සිට නාවලපිටිය දක්වා මගී ප්‍රවාහන දුම්රියක් අද(05) දින සිට ධාවනයට එක් කර තිබුණි. 05 January 2026
අවන්හලක චණ්ඩිපාට් දැමූ කතුන් 3ක් ඇතුළු 8ක් පොලිස් දැලේ මෝදර ප්‍රදේශයේ අවන්හලකට ඇතුළු වී එහි සිටි පුද්ගලයන්ට පහරදී දේපොළ සොරා ගත් බව කියන කාන්තාවන් තිදෙනෙකු ඇතුළු අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය පවසයි. 05 January 2026
කරන්දෙණියේ ඝාතනයක් කරන්දෙණිය කිරිපේද්දේ පාරක තිබී තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කරන ලද පුද්ගලයකුගේ මළ සිරුරක් අද(5)උදේ සොයා ගත් බව කරන්දෙණිය පොලීසිය කියයි. 05 January 2026
සරසවි සිසු ගැටුමෙන් 4ක් රෝහලේ හෝමගම පිටිපන පිහිටි කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුර දිග ගොස් ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් සිව් දෙනෙකු හෝමගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හෝමගම මූලස්ථාන පොලිසිය පවසයි. 05 January 2026
‘‘හයේ ඉංග්‍රීසි මොඩියුලය බරපතල වැරැද්දක්‘‘ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාලව නිකුත් කළ 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය බරපතල වරදකැයි ආණ්ඩුව පිළිගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඇමැති විජිත හේරත් මහතා පැවැසූහ. 05 January 2026
මස් කඩ සම්බන්ධයෙන් ගලේවෙල ප්‍රා. සභාව ගත් තීරණය සුදුසුකම් සපුරා ඉල්ලන ඕනෑම අයෙකුට ගලේවෙල ප්‍රදේශයේ හරක් මස් විකිණීමට වෙළඳ බලපත්‍ර ලබාදීම සඳහා ප්‍රාදේශීය සභාවෙන් තීරණය කළ බව එහි සභාපති යු .ජි .අයි . කරුණාරත්න මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය. 05 January 2026
වායුගෝලයේ කැලඹිල්ල ගිනිකොණ දෙසට පහළ වායුගෝලයේ පැවැති කැලඹිල් ස්වභාවය මේ වන විට දිවයිනට ගිනිකොණ දෙසින් ස්ථාපිතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 January 2026
සොත්ති උපාලිගේ දියණිය - ලේලිය කුඩු සමග මාට්ටු හිටපු පාතාල කණ්ඩායම් සාමාජිකයකු ලෙස හැඳින් වූ අරඹවලගේ දොන් උපාලි රංජිත් නොහොත් සොත්ති උපාලි නැමැත්තාගේ දියණිය බව කියන කාන්තාව ඇතුලු කාන්තාවන් දෙදෙනකු මත්දුව්‍ය බෙදා හැරීමේ නිරතව සිටියදී අයිස් මත්දුව්‍ය ග්රැමි 7 ක් සමගින් අත් අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය පවසයි. 05 January 2026
වසරේ ජනප්‍රියතම පුවත්පතට හිමි සම්මානය ලංකාදීපයට 2025 පිනකල් ශ්‍රී ලකා සම්මාන උළලේදී වසරේ ජනප්‍රියතම දිනපතා පුවත්පතට හිමි සම්මානය ලංකාදීප පුවත්පත හිමි කරගත් අතර වසරේ ජනප්‍රියතම සති අග පුවත්පතට හිමි සම්මානය ඉරිදා ලංකාදීපයට හිමි විය. 04 January 2026
අණ නොතැකු යතුරුපැදියකට වෙඩි පොලිස් අණ නොතකා පලායමින් සිටි යතුරු පැදියකට වෙඩි තබා සැකකරුවන් දෙදෙනකු අයිස් මත්ද්‍රවය සමඟ අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය සඳහන් කරයි. 04 January 2026
වෙනිසියුලා වැසියන්ට නොමිලේ Starlink ඇමෙරිකන් ප්‍රහාරවලින් පසුව, වෙනිසියුලා වැසියන්ට නොමිලේ අන්තර්ජාල සේවා සැපයීමට ඊලෝන් මස්ක්ගේ Starlink පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 04 January 2026
සතොස හිටපු ප්‍රවාහන ලොක්කෙක් රිමාන්ඩ් කරයි සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත් ලොරි රථ හා රියදුරන් හිටපු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා අධ්‍යක්ෂක ධූරය දැරූ පුද්ගලික සමාගමක එතනෝල් ප්‍රවාහනයට ලබා දී රියදුරුට වැටුප්ද ගෙවා රජයේ දේපළ අවභාවිතා කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සංස්ථාවේ හිටපු ප්‍රවාහන කළමණාකරුවකු වන ඉන්දික රත්නමලල සැකකරු ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල අතිරේක මහේස්ත්‍රාත් වරිය නියෝග කළාය . 04 January 2026
‘‘සීගිරියේ පඩි පෙල් ගෙවිලා‘‘ සීගිරිය ඓතිහාසික පඩිපෙළ දරුණු ලෙස ගෙවීමකට ලක්ව ඇති බව බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා සඳහන් කරයි. 04 January 2026
වෙනිසියුලානු තෙල් නිධිවල පාලනය ඇමෙරිකාවට වෙනිසියුලානු තෙල් නිධිවල පාලනය ඇමෙරිකාව අත්පත් කරගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරීඩාහි පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 04 January 2026
කන්ද උඩ හෝටල් සංකීරණයට ගම්වාසීන්ගේ විරෝධය නාය අවදානම් සහිත මහනුවර උඩුවෙල දඵපොතකඩ කන්දේ ඉඳිකරමින් යන හෝටල් සංකීර්ණයක් හේතුවෙන් ගම්මාන රැසක ජනතාව ජීවිතාරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා අද පෙරවරුවේ දඵපොතකඩ නගර මධ්‍යයේදී විරෝධතාවයක නිරත වුහ. 04 January 2026
පාසල් පොත් වෑන් රිය ගිනි ගනී ගලෙන්බිදුණුවැව පොලිස් වසමට අයත් හුරුලුවැව පිටවාන මතින් ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද (04) පෙරවරුවේ හදිසියේ හටගත් ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි. 04 January 2026
අනතුරින් තරුණයාට දිවි අහිමිවෙයි අහුන්ගල්ල -ඌරගස්මංහන්දිය මාර්ගයේ කටුවිලදී යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ කම්බි කණුවල ගැටී තරුණයකු මිය ගිය බව අහුන්ගල්ල පොලීසිය කියයි. 04 January 2026
අල්ලස් ගත් එස්.අයි. රිමාන්ඩ් පහරදීමක් සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් පාර්ශවයක් හරහා රුපියල් දහදාහක අල්ලසක් ගැනීමට උත්සාහ ගත් බව කියන කින්නියා පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 13 දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ත්‍රිකුණාමලය වැඩ බලන මහේස්ත්‍රාත් ඒ.එස්.එම් සාහීල් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියම කළේය. 04 January 2026
කෝටියක මත්ද්‍රව්‍ය සමඟ කතක් දැලේ කොළඹ ප්‍රදේශයට දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතවසිටි ’’පොඩ්ඩි’’ නැමති ප්‍රබල මත්ද්‍රවය ජාවාරම්කාරිය රුපියල් කෝටියකට ආසන්න අයිස් මත්ද්‍රවය සමග අත්අඩංගුවට ගත් බව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.ෙ 04 January 2026
ගුවන් තොටින් රන් පන්නන්න හැදු ගුවන් සේවිකාව මාට්ටු රුපියල් හාර කෝටි පනස් නව ලක්ෂ විසි හය දහස් නවසිය පනස් හතක් වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික පෞද්ගලික ගුවන් සමාගමක සේවිකාවක අද(04 ) කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ . 04 January 2026
ලංකා සතොස හිටපු මෙහෙයුම් කළමනාකරු අත්අඩංගුවට ලංකා සතොස ආයතනයේ හිටපු මෙහෙයුම් කළමනාකාරවරයකු අද (04) අත්අඩංගුවටගත් බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි. 04 January 2026
ඇමෙරිකන් ප්‍රහාරවලින් 40 ක් මරුට වෙනිසියුලාවට එල්ල කළ ඇමරිකානු ප්‍රහාරවලින් හමුදාවේ සහ සිවිල් වැසියන් අවම වශයෙන් 40 දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වනවා. වෙනිසියුලා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු උපුටා දක්වමින් විදේශ මාධ්‍ය මේ බව වාර්තා කර ඇත. 04 January 2026
වෙනිසියුලාවේ වැඩ බලන ජනපතිනී ඩෙල්සි රොඩ්රිගස් ජනාධිපති නිකලස් මදුරෝ ඇමෙරිකානු අත්අඩංගුවේ පසුවන බැවින් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිවරිය ලෙස උප ජනාධිපතිනී ඩෙල්සි රොඩ්රිගස් වහාම වැඩ භාරගත යුතු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර ඇත. 04 January 2026
විදුලි සැරෙන් සද්ධන්තයා නිහඩ වෙයි විදුලි සැර වැදී මියගොස් ඇති බවට සැකකරන වන අලියකුගේ සිරුරක් වැලිකන්ද රණවිරු ගම්මානයේ නිවසක් අසලින් අද(04) සොයා ගැනීමට හැකිවූ බව වැලිකන්ද අඩවි වන කාර්යාලයේ නිලධාරීන් සඳහන් කරයි. 04 January 2026
වෙනිසියුලා වැසියෝ ප්‍රීතියෙන් වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, දශකයකට වැඩි කාලයක් තිස්සේ පීඩාවට පත් වී සිටි වෙනිසියුලා විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ක්‍රියාකාරීන් සතුට පළ කර ඇත. 04 January 2026
වැස්ස වැඩිවන ලකුණු ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 January 2026
කියුබාවටත් අනතුරු වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ අල්ලා ගැනීම පිළිබඳ මාධ්‍ය හමුවේ පැහැදිලි කිරීමක් කළ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කියුබාවට ද අනතුරු ඇඟවීමක් කළේය. 04 January 2026
පුටින්වත් අල්ලා ගන්න වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ අල්ලා ගත් ආකාරයට, ඇමෙරිකන් හමුදා රුසියාවට යවා, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද අල්ලා ගන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පවසයි. 04 January 2026
ට්‍රම්ප්ට ඩිමොක්රටික් විරෝධය වෙනිසියුලාවට ඇතුළු වී, පහර දී, එරට නායක නිකලස් මදුරෝ සහ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇමෙරිකාවට රැගෙන ඒම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ප්‍රදිවාදී ඩිමොක්රටික් පක්ෂයෙන් විරෝධයක් එල්ල වෙමින් පවතී. 04 January 2026
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026