වනාන්තර 20ක් රක්ෂිත බවට පත් කර ගැසට්ටුව අද නිකුත්වේ ’’වනස්පති’’ ජාතික වැඩසටහනට යටතේ තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට්ටුවක් මගින් ප්රකාශයට පත් කිරීම පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතාගේ ප්රධානත්වයෙන් අද සිදු කෙරණි. 26 September 2026
බිමල්ගේ අයිඑම්එෆ් කතාවට සජිත්ගෙන් පිළිතුරක් ජනතා හිතවාදී ප්රගතිශීලී වැඩපිළිවෙළක් වෙනුවෙන් රජය ජාත්යන්තර මූල්ය අරමුදල සමග ලබන මාර්තු මාසයේදී නව ගිවිසුමකට යෑම අත්යවශ්ය කාරණයක් බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය. 26 September 2026
වකුගඩු රෝහලේ පිපිරීමෙන් තුවාල ලැබූ අයෙක් මරු දකියි පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගේ සිදුවූ පිපිරීමෙන්තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් එක් සේවකයකු මිය ගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. 26 September 2026
තවත් ජලාශ දහයකට පාවෙන සූර්ය බලාගාර මෙරට තවත් ජලාශ දහයක පාවෙන සූර්ය බලාගාර (Flooting Solar Power Plants) පිහිටුවීමට කටයුතු කරන බව වරාය සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසීය. 26 September 2026
සිවිල් භටයෝ 9000ක් නීති කඩා පිට වැඩ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව භටයන් 9760ක් අමාත්ය මණ්ඩල තීරණයට පටහැනිව වෙනත් බාහිර රාජකාරී කටයුතු සදහා යොදවා අැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සදහන් වේ. 26 September 2026
එල්නිනෝ ඉදිරි හැසිරීම එල්නිනෝ තත්වය ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසු ක්රමානුකූලව පහව යනු ඇතැයි අලුත්ම පුරෝකතනය බව පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි මහතා ලංකාදීපයට පැවසීය. 26 September 2026
ගල්අඟුරු හිටපු සභාපති නැව් සංස්ථාවේ අධ්යක්ෂවරයෙක් ජනපති කොමිසම හමුවට ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති විශේෂ කොමිෂන් සභාව ලංකා ගල් අඟුරු සමාගමේ හිටපු සභාපතිවරයෙකු සහ ශ්රී ලංකා නැව් සංස්ථාවේ අධ්යක්ෂවරයකුගෙන්ද ප්රකාශ සටහන් කර ගත් බව ජනාධිපති කොමිෂන් සභාව පවසයි. 26 September 2026
කතානායකට සජබෙන් විශ්වාසභංගයක් : චෝදනා 46ක් කතානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම තීරණය කර ඇත. 26 September 2026
ගල්අඟුරු කොමිසම හිටපු ඇමති සියඹලාපිටියගෙන් ප්රශ්න කරයි ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිෂන් සභාව හිටපු බලශක්ති අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් පසුගිය 23 වැනිදා බදාදා ප්රකාශයක් සටහන් කරගත්තේය. 26 September 2026
හරක් කටාට මරණ තර්ජන: පියා මානව කොමිසමට යයි වැලිසර බන්ධනාගාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්රමරත්න නොහොත් ‘හරක් කටා’ගේ ජීවිතයට හානි කර යම් යම් අපරාධවල සාක්ෂි වසන් කිරීමේ උත්සාහයක් පවතින හෙයින් ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට පියවර ගන්නැයි හරක් කටාගේ පියා වන නෙල්සන් මර්වින් වික්රමරත්න ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරමින් ඉල්ලීමක් කර ඇත. 26 September 2026
අපරාධ මඩින්න මැතිසබයට අලුත් නීති අපරාධ මැඩලීමට තවත් අණ පනත් ගණනාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් කරගෙන යන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 26 September 2026
පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි වලින් 22 දිනුවා පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි වලින් ආණ්ඩුව 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථාව ජයග්රහණය කර තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවැසීය. 26 September 2026
22 ට කථානායක සහතිකය විසි දෙවන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා අද (25) සිය සහතිකය සටහන් කළේය. 26 September 2026
පොලොන්නරුව වකුගඩු රෝහලේ මුළුතැන්ගේ පිපිරීමක් පොලොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුලුතැන්ගේ තිබූ ගෑස් සිලින්ඩරය පුපුරා යාමෙන් එහි සේවකයන් හත් දෙනකු තුවාල පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලොන්නරුව පොලිසිය කියයි. 26 September 2026
බිනර පොහෝය අදයි බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ. ඒ නිමිත්තෙන් රට පුරා වෙහෙර විහාරස්ථානවල විවිධ පිංකම් සංවිධානය කර ඇත. 26 September 2026
22 ඡන්දෙට මන්ත්රීන් තුනක් නෑ 22 ආණ්ඩු ක්රම ව්යවස්ථා සංශෝධනයේ ඡන්ද විමසීම සඳහා විපක්ෂයේ මන්ත්රීවරු තිදෙනෙක් සහභාගී නොවූහ. 25 September 2026
22 තුනෙන් දෙකකින් සම්මතයි ශ්රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමේ සංශෝධන ඇතුළත් විසි දෙවැනි ආණ්ඩුක්රම ව්යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (25) රාත්රී සම්මතවිය. 25 September 2026
ශිරන්ති ලංකාවට ආපු ගමන් FCID එනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අක්ෂි ශල්යකර්මයක් සඳහා සිංගප්පූරුවට ගොස් සිටින හෙයින් එම කටයුතු නිමවා ලංකාවට පැමිණි වහා පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින බව ඇයගේ නීතිඥවරයෙකු එම කොට්ඨාශයට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත. 25 September 2026
ආණ්ඩුව කිතුලට ගිය මිනිහා වගේ ආණ්ඩුව කිතුලට ගිය මිනිහා වගේ විසි දෙවැනි සංශෝධනය සාධාරණීකරණය කරන්නට උත්සාහ කරන බව මහනුවර දිස්ත්රික් මන්ත්රීනී නීතීඥ චමින්ද්රානි කිරිඇල්ල මහත්මිය:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය පැවසුවාය. 25 September 2026
‘‘අපි ළඟදිම බැරියර් කඩාගෙන එනවා‘‘ අපි ළඟදීම දවසක බැරියර් කඩාගෙන එනවා යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් මන්ත්රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මන්ත්රීවරයා මේ බව කීවේ 22 වැනි ආණ්ඩුක්රම ඉවස්ථා සංශෝධන විවාදය අමතමිනි. 25 September 2026
වැරදි නිවැරදි කරන්න ආ අය පරණ වැරදි කරනවා තමුන්නාන්සේලා පත් කළේ රටේ වැරදි නිවැරදි කරන්න මිසක් පහුගිය කාලෙ සිදු වෙච්ච වැරදි නැවත කරන්න නොවේ යැයි ගම්පහ දිස්ත්රික් මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා:-(ස.ජ.බ) මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 25 September 2026
කාවන්තිස්සට වෙඩි වැදිලා නෑ ගල්ගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ සැරිසරමින් සිටි කාවන්තිස්ස ඇතාගේ දකුණු අතේ ඉහල කොටසේ තුවාලයක් ඇතැයි කාවන්තිස්සට ඊයේ (24) සිට ප්රතිකාර ආරම්භ කළ බව ගල්ගමුව වනජීවී කලාප කාර්යාලය කියයි 25 September 2026
ආණ්ඩුව පවත්වාගෙන යන්න 22 ඕන නෑ ආණ්ඩුව පවත්වාගෙන යන්න කිසිසේත්ම 22 සංශෝධනය අවශ්ය නැතැයි සභානායක මහා මාර්ග , ප්රවාහන සහ නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 25 September 2026
සිංහ ගර්ජනා අස්සෙන් ඇහෙන්නේ අඳෝනා 22ට එරෙහි විපක්ෂයේ සිංහ ගර්ජනාව ඇතුළෙන් ඇහෙන්නේ අඳෝනාවක් බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්ය වෛද්ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 25 September 2026
හිටපු ඇමැති සරණගේ බිරිය රිමාන්ඩ් කොළඹ මහාධිකරණයේ ආරච්චිවරයකුට අල්ලස් පිරිනැමුවේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු නියෝජ්ය ඇමති සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ වන කොළඹ 7 පදිංචි චිරාණි ලක්මන්ති හෙනරත් හෙට්ටිආරච්චි ලබන හය දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය. 25 September 2026
22 ප්රධාන ජන අභිලාෂයක් ඉටු කිරීමක් 22 සංශෝධනයෙන් කෙරෙන්නේ ජනතාවගේ ප්රධාන අභිලාෂයක් ඉටු කිරීම බව කෘෂිකර්ම ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 25 September 2026
ආබාධිතයාගෙන් අල්ලස් ගත් ග්රාම නිලධාරියාගේ දඬුවම් ඉහළ උසාවියෙනුත් තහවුරුයි ආබාධිත පුද්ගලයකුට නිවාස සෑදීම සදහා රජයේ මුදල් ලබාදීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා එයින් රුපියල් 25000ක් ලබා ගැනීමේ චෝදනාවට කොළඹ මහාධිකරණය මගින් වරදකරු කොට බරපතළ වැඩ ඇතිව වසර පහක සිර දඬුවම් නියමව සිටි රත්නපුර කුඩාව ප්රදේශයේ හිටපු ග්රාම නිලධාරියකුට ලබා දුන් අදාළ සිර දඬුවම ශ්රේෂ්ඨාධිකරණය තහවුරු කළේය. 25 September 2026
හිටපු ඇමැතිගේ ලේකම් යළි රිමාන්ඩ් රජයේ නියමිත ප්රසම්පාදන ක්රියාවලියකින් තොරව පොස්පේට් ආනයනය කිරීම සඳහා සමාගම් තුනකට අවස්ථාව සලසා දෙමින් රුපියල් ලක්ෂ 81ක මුදලක් බැංකු ගිණුමකට බැර කරවා ගත්තේ යැයි සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන බව අල්ලස් කොමිසම කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දක්වමින් පැවැසීය. 25 September 2026
මේ මල් වට්ටියට අත ගහලා පිනක් දහමක් කරගන්න විසි දෙවෙනි ආණ්ඩු ක්රම ව්යවස්ථා සංශෝධනය නැමැති මල් වට්ටියට අත ගසා පිනක් දහමක් කරගන්නැයි විපක්ෂයේ මන්ත්රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්ය කේඩී ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 25 September 2026
ආරච්චිට අල්ලස් දුන් සරණගේ බිරිය අත්අඩංගුවට වසර 16 ක සිර දඬුවම් ලද හිටපු නියෝජ්ය ඇමති සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ වන කොළඹ 7 පදිංචි චිරාණි ලක්මන්ති හෙනරත් හෙට්ටිආරච්චි අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත. 25 September 2026
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026