
(සුජිත් හේවාජුලිගේ)
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිෂන් සභාව හිටපු බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් පසුගිය 23 වැනිදා බදාදා ප්‍රකාශයක් සටහන් කරගත්තේය.
කොමිසම ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් දෙවැනි අවස්ථාව මෙයයි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිස මේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පට බැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරු කටයුතු කරති.
පසුගිය දෙදහස් නවය වසරේ සිට මේ දක්වා සිදු වූ ගල් අඟුරු මිලදී ගැනීමේ ආක්‍රමිකතා විමර්ශන කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම කොමිෂන් සභාව පත් කරනු ලැබීය.
මෙම කමිටුවේ අවසන් වාර්තාව මේ වසර අග ජනාධිපතිවරයාට භාරදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd