කතක් ගුවන්තොටෙන් හොර බඩු පන්නන්න හදලා රුපියල් ලක්ෂ තිහක් වටිනා විදේශීය නිෂ්පාදිත භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික කාන්තාවක අද උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 01 January 2026
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි. 01 January 2026
අද ටිකක් වැස්ස වැඩි වේ නැගෙනහිර,මධ්‍යම,උතුරු-මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 January 2026
2026 නව වසර සැමට සුබ වේවා ලැබුවාවූ 2026 නව වසර ලංකාදීප පාඨක සැමත්, රටවාසී ලෝක වාසී සියලු දෙනාටත් සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා. 31 December 2025
ගාල්ල නගරසභා කලබලයට අත්අඩංගුවට ගත් පිරිසට ඇප ගාල්ල මහ නගර සභාවේ නාගරික ලේකම්වරිය ඇතුළු රජයේ නිලධාරීන්ට සාපරාධී බලහත්කාරිය පෑම හා රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම නගර සභාවේ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරිය ඇතුළු පස්දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප මත මුදා හැරීමට ගාල්ල මහෙස්ත්‍රාත් මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා අද (31) නියෝග කළේය. 31 December 2025
කොළඹ නගර සභා අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි ජාතික ජනබලවේගය කොළඹ මහ නගර සභාවේ 2026 වසරේ අයවැය වැඩි ඡන්ද 2 කින් ජයග්‍රහණය කිරීමට අද (31) සමත් විය. 31 December 2025
ජොන්ස්ටන්ගේ පුතා රිමාන්ඩ් රජයේ දේපළ අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ ඊයේ (30) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු සහ මොහොමඩ් ෂකිර් යන අය ජනවාරි 9 වෙනිදා දක්වා මහර රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට වත්තල අතිරේක මහෙස්ත්‍රාත්, සංජය ශ්‍රී විභූෂණ මහතා අද (31) නියෝග කළේය. 31 December 2025
ඉසෙඩ් ඇළට වැටුණු අලියා මිය යයි පොළොන්නරුව මාදුරුඔය ඉසෙඩ්. ඩි. ඇළට වැටුණු වන අලියෙකු ජලයේ සැඩ පහරට, ගොස් බෝක්කුවක් යට සිරවී පසුව ඇල්ලේවැව ප්‍රදේශයට ගසා ගෙන ගොස් එම ඇලේ සොරොව්වක සිර වී මියගොස් ඇති බව පිඹුරත්තෑව අඩවි වන කාර්යාලය සඳහන් කරයි. 31 December 2025
ඉන්දියාව ජපානය අභිබවා යයි ජපානය අභිබවා යමින් ලෝකයේ සිවුවැනි විශාලතම ආර්ථිකය වීමට ඉන්දියාව හැකියාව ලැබී තිබෙන බව ඉන්දීය රජය පසුගියදා නිකුත් කළ වසර අවසාන ආර්ථික සමාලෝචන වාර්තාවේ දැක්වේ. 31 December 2025
බසයට යට වූ කත මරුට මීරිගම බස් නැවතුම්පලේදී අද (31 )දහවල් බස් රථයකට යටවූ කාන්තාවක් මරණයට පත්ව ඇතැයි මීරිගම පොලිසිය කියයි. 31 December 2025
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන් ප්‍රකාශ කළේය . 31 December 2025
කුඩු ජාවාරම් කළ හිටපු බන්ධනාගාර ගබඩා පාලක මාට්ටු බන්ධනාගාර ගතවී සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු මෙහෙයවන මත්කුඩු ජාවාරමකට සම්බන්ධ බන්ධනාගාරයේ හිටපු ගබඩා පාලකවරයෙකු සමඟ පස්දෙනෙකු යබරලුව , කිරිඇලමුල්ල ප්‍රදේශයේ නිවෙසකදී අත් අඩංගුවට ගෙන ඇතැයි බියගම පොලිසිය පවසයි. 31 December 2025
ලොරි අනතුරින් හයක් රෝහලේ කොළඹ මඩකලපුව ඒ 4 ප්‍රධාන මාර්ගයේ රත්නපුර තිරිවනාකැටිය ප්‍රදේශයේදී අද(31) සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්ෂණ මහ රෝහලට ඇතුළත් කළ බව රත්නපුර පොලිසිය පැවසුවේය. 31 December 2025
ගුරුවරයාගේ පිළිස්සුණ සිරුර කුලී නිවසින් හමුවෙයි කොස්ගම මූණමලේවත්ත අත්පන්දු ක්‍රීඩාංගණය අසල නිවසක තිබී ගිනිගෙන දැවී පිළිස්සුණු පාසල් ගුරුවරයෙකුගේ මළ සිරුරක් අද (31) දින හමු වූ බව කොස්ගම පොලිසිය පවසයි. 31 December 2025
කොහුවල වෙඩි තැබීමකින් තරුණියක් රෝහලේ කොහුවල , සරණංකර බෝධියවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු නිවසක සිටි කාන්තාවක් ඉලක්කකර සිදු කළ වෙඩි තැබීමකින් නිවස අසළ සිටි 17 හැවිරිදි වෙනත් තරුණියක් තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි කොහුවල පොලීසිය කියයි. 31 December 2025
නාගොඩ රෝහලේ වෙඩි තැබීමක් කළුතර නාගොඩ මහ රෝහලට කඩා වැදුණු නාදුනන තුවක්කුකරුවෙකු විසින් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ සිටි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුට වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. 31 December 2025
අපේ තීරු බදු අඩු කරන්න; හිටපු ඇමති ඩලස්ගෙන් ට්‍රම්ප්ට ලිපියක් මෙරටින් ඇමරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා දැනට පවතින තීරුබදු මට්ටම සියයට 20ක ප්‍රතිශතය 2026 ට පමණක් අදාළ වන ලෙස සියයට 12ක් දක්වා තාවකාලිකව අඩු කරන ලෙස ඉල්ලීමක් කරමින් නිදහස ජනතා සභාවේ නියෝජිත හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යොමු කර ඇත. 30 December 2025
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය. 30 December 2025
නොරොච්චෝලේ යන්ත්‍ර දෙකක් නවතයි නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් නඩත්තු කටයුතු හේතුවෙන් නවතා දමා ඇතැයි විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවැසීය. 30 December 2025
වැලිමඩ උසාවියේ රෙජිස්ට්‍රාර් අල්ලස් දැලේ පැටලේ වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා බෙදුන් නඩුවක පාර්ශවකරුවකුගෙන් රුපියල් ලක්ෂ 05 අල්ලස් ගනිද්දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිළධාරින් විසින් අද සවස අත් අඩංගුවටගෙන ඇත. 30 December 2025
එජාප - සජබ ලොකු පුටු හමුව සමගි ජනබලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අතර හමුවක් කොළඹ ටාජ්සමුද්‍රා හෝටලයේදී අද සිදු විණි. 30 December 2025
කොළඹ හෙට යන්නේ මෙහෙමයි 2026 නව අවුරුදු උදා වීමට පෙර 2025 අවසන් දිනය වන හෙට දින කොළඹ නගරයේ පැවැත්වීමට නියමිත උත්සවවල ආරක්ෂාව සහ රථ වාහන මෙහෙයවීම සඳහා පොලිස් නිලධාරීන් 1200 ක් යෙදවීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි. 30 December 2025
දාහත් වසරක් කොළඹ සේවය කර ගමට මාරුව ලද පී.සී අනතුරින් මරුට කඩුවෙල බෝමිරිය ඩඩ්ලි ගුණසේකර මාවත ආසන්නයේදී සිය යතුරු පැදිය ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙහි අධිකරණ පොලිස් නිළධාරී ලෙස රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයා අද (30) දින අලුයම මියගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 30 December 2025
කෝටි 200ක කුඩු සිද්ධියේ ධීවරයන් පස් දෙනා රිමාන්ඩ් රුපියල් කෝටි 200ක් පමණ වීදි වටිනාකමක් ඇති මත්කුඩු සමග දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් ධීවරයන් පස් දෙනා ලබන 6 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මිගාර මහාරච්චි මහතා අද නියෝග කළේය. 30 December 2025
නල්ලූර් පුංචි මන්ත්‍රී ගංජා සමග මාට්ටු කේරල ගංජා ජාවාරම් කළ බව කියන නල්ලූර් ප්‍රාදේශීය සභාවේ ඉලංගෙයි තමිල් අරසු කච්චු පක්ෂයේ මන්ත්‍රීවරයකු අලුයම අත්අඩංගුවට ගත් බව යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 30 December 2025
කිරිබත්ගොඩ ගින්නක් කිරිබත්ගොඩ නගරයේ නිමි ඇඳුම් ආයතනයක ගින්නක් හටගෙන ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය කියයි. 30 December 2025
මතුගම සභාවේ අවුලක්, ලේකම් රෝහල් ගත වෙයි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පහරදුන්නැයි කියමින් මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය මතුගම වෑත්තෑව රෝහලට ඇතුළත්ව සිටින්නීය. 30 December 2025
ජජබ අපේක්ෂකට පහරදුන්නැයි සජබ ප්‍රා.ස. මන්ත්‍රී අල්ලයි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රීධූර අපේක්ෂකයකුට පහර දුන් බව කියන දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව දොඩංගොඩ පොලිසිය කියයි. 30 December 2025
හිටපු ඇමැති ජොන්ස්ටන්ගේ පුත් අත්අඩංගුවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා අද (30) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවපවසයි. 30 December 2025
වැසිකිලි වළට වැටී දරුවා මරුට ආණමඩුව වඩත්ත ගම්මානයේ තුන් හැවිරිදි දරුවෙකු වැසිකිලියක් සදහා කපා තිබු ජලය පිරි තිබු වළකට වැටිමේන් ඊයේ( 29) මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය පවසයි. 30 December 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026