අරවින්දට - බිරියට එරෙහි වරෙන්තු ආපසු කැඳවයි හිටපු ක්රිකට් ක්රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්රියංගි අනුෂ්කා විජේනායක ඇපකරුවන් දෙදෙනාට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළේය. 17 September 2026
ආයතන වලට ආචාර ධර්ම සංග්රහයක් ආයතනික ආචාරධර්ම සංග්රහය සකස් කිරීම පිළිබඳ එක්දින වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණ. 17 September 2026
ලංකාවේ ඛනිජ තෙල් හොයන්න පාර්ලිමේන්තු කමිටු අනුමැතිය ශ්රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම හා අදාළ ක්රියාවලිය විධිමත් කිරීම සඳහා වන නියෝගයට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය. 17 September 2026
ඉරාන විදෙස් ඇමැති චීනයේ නිල සංචාරයක ඉරාන විදේශ අමාත්ය අබ්බාස් අරග්චි, චීනයේ සංචාරයක නියැලෙයි. චීනයට පැමිණි ඉරාන විදේශ අමාත්යවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවුණු බව ද පැවැසෙයි. 17 September 2026
දුම්රිය මගීන්ට AC දුම්රිය මැදිරි වෘත්තීය සමිති ක්රියාමාර්ගය හමුවේ වුවත්, යම් යම් අඩුපාඩු පැවැතියත්, දුම්රිය මගීන් අපහසුතාවට ලක් නොකර, උදෑසන කාර්යල දුම්රිය ධාවනය සිදුවුණු බව දුම්රිය සාමාන්යාධිකාරී රවීන්ද්ර පත්මප්රිය මහතා පවසයි. 17 September 2026
නවක වදය ගැන අගමැතිනිය තදින් සිටී විශ්වවිද්යාලවල සිදු වන නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු පිළිබඳව වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති වන ආකාරයෙන් විශ්වවිද්යාල මඟින් අවශ්ය ක්රියාමාර්ග ගත යුතු බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය. 17 September 2026
නුගේගොඩ දුම්රිය ස්ථානයේ දොරටු වැසේ : මගීන් ඇතුළේ කොටුවේ දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් අද උදෑසන නුගේගොඩ දුම්රිය ස්ථානයේ පිටව යන දොරටුව ඉබි යතුරු දමා වසා තිබීම නිසා අවිස්සාවේල්ල සිට කොටුව දක්වා ධාවනය වූ දුම්රියකින් නුගේගොඩට පැමිණි මගීන්ට දුම්රිය ස්ථානයෙන් පිටව යෑමට නොහැකි වීමෙන් දැඩි අපහසුතාවයකට පත් වූ බව මගීහු පවසති. 17 September 2026
නව චීන තානාපති - අගමැතිනිය හමුවෙයි ශ්රී ලංකාවේ නව චීන තනාපති ලෙස පත් වූ වේයි හුවාෂියැං මහතා සහ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 17 September 2026
නිලධාරීහු 360ක් හොර සහතිකයෙන් සමෘද්ධියට රිංගලා : 77 ක් දොට්ට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කීපදෙනෙකු ඇතුළු විවිධ තරාතිරම්වල නිලධාරීන් 360 දෙනෙකු එම තනතුරු ලබාගෙන ඇත්තේ ව්යාජ අධ්යාපන සහතික ඉදිරිපත් කිරීමෙන් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 17 September 2026
අක්කරේට වී බුසල් 120ක් ගන්න බැරිනම් සහනාධාර දීලා වැඩක් නෑ අඩුම තරමින් අක්කරයකට වී බුසල් 120ක් වත් ගන්න බැරි නම් වාරිමාර්ග වලට,පොහොර සහනාධාරයට වෙන්කරන මුදල් වලින් තේරුමක් නැති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවැසීය. 17 September 2026
දුම්රිය ටිකට් නෑ : නිවේදනත් නෑ මගීන් නනත්තාරයි දුම්රිය සාමාන්යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති 26ක් ආරම්භ කළ වැඩවර්ජන හේතුවෙන් දුම්රිය ගමන් වාර කීපයක් අවලංගු කර ඇති අතර දුම්රිය ස්ථානවලින් ප්රවේශපත්ර නිකුත් කිරීම ද අත්හිටුවා තිබේ. 17 September 2026
වර්ජනය මැද්දේ කාර්යාල දුම්රිය ධාවනය සාමාන්ය පරිදි දුම්රිය සේවකයන් ඊයේ මධ්යම රාත්රීයේ සිට පැය 48 වර්ජනයක් ක්රියාත්මක කළ ද අද පෙරවරු කාලයේ සියලුම මාර්ග වල කාර්යාල දුම්රියන් සාමාන්ය පරිදි ධාවනය වූ බව කාර්යාල සේවකයෝ පවසති. 17 September 2026
මට්ටක්කුලියේ අනතුරකින් තුනක් මරුට : අටක් රෝහලට මට්ටක්කුලිය රාශපුලම් කන්ද හතරමං හන්දියේදී මෝටර් රථයක් වාහන හතක ගැටී පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත් අට දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කරයි. 16 September 2026
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ස්ථාන යළි නාය යාමේ අවදානමක් පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක්වූ ඇතැම් ස්ථානවල නායයෑම් පූර්ව ලක්ෂණ මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි. 16 September 2026
ත්රි’ මලේට හෘද රෝග ඒකකයක් නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන හෘද රෝග සත්කාර සේවාවන් ලබා දීමේ අරමුණින් ත්රිකුණාමලය දිස්ත්රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් අද (16) සිදු විය. 16 September 2026
දූෂණ විරෝධී කෙටුම්පත මැතිසබා න්යාය පුස්තකයට දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්යාය පුස්තකයට ඇතුළත් කර ඇත. මෙම කෙටුම්පත ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 16 September 2026
හිස්බුල්ලා මුස්ලිම් කොංග්රසයේ සභාපති පුටුවට පාර්ලිමේන්තු මන්ත්රී එම් එල් ඒ. එම් හිස් බුල්ලා මහතා ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ නව සභාපතිවරයා ලෙස ඒකමතිකව තෝරා පත් කරගෙන ඇත. 16 September 2026
අරවින්ද ද සිල්වාට, බිරියට වරෙන්තු ශ්රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් ලක්ෂ 20ක මුදලක් ලබා ගැනීමේ සිද්ධියේ ප්රධාන සැකකාර මියගිය කපිල චන්ද්රසේන සැකකරුගේ බිරිඳට ඇප තැබූ අරවින්ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා වරෙන්තු නිකුත් කළේය. 16 September 2026
පැය 48 දුම්රිය වර්ජනය අද මැදියන් රැයේ සිට අරඹයි දුම්රිය සාමාන්යාධිකාරීවරයා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති 26 ක් එකතුව ක්රියාත්මක කරන දෙදින වැඩවර්ජනය අද (16) මාධ්යම රාත්රී සිට ආරම්භ කරන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු, දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි. 16 September 2026
රුමේෂ් තරංගට ඩඩ්ලිගෙන් ලෝකයේ හොඳම හෙල්ල ලෝක ශූර රුමේෂ් තරංග ක්රීඩකයාට මෙතැන් සිට සෑම වසරකම ලෝකයේ හොඳම තත්වයේ හෙල්ල ලබා දීමට කටයුතු කරන බව අරලිය ව්යාපාරයේ නිර්මාතෘ ව්යවසායක ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. 16 September 2026
තාරුණ්යයට නව ජාතික ප්රතිපත්තියක් ශ්රී ලංකාවේ තරුණ සංවර්ධනය වෙනුවෙන් නව ජාතික ප්රතිපත්තිය ලබන වසරේ මුල් කාර්තුවේදී ක්රියාත්මක කරන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය. 16 September 2026
දුම්රිය ගමන් වාර 7 ක් අවංගු කරයි ධාවනය කිරීමට නියමිතව තිබු රාත්රී තැපැල් දුම්රිය ගමන් වාර 6 ක් සහ තවත් දුම්රිය ගමන් වාරයක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. 16 September 2026
ලක්ෂ දෙකහමාරක අල්ලස් ගත් විදුහල්පතිට ඇප ගාල්ල උණවටුන රූමස්සල පිහිටි ප්රසිද්ධ විද්යාලයකට දරුවන් දෙදෙනකු ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ හයක මුදලක් ඉල්ලා රුපියල් ලක්ෂ දෙකහමාරක අල්ලසක් ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි විදුහල්පතිවරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය. 16 September 2026
මන්නාරම රෝහලට ඉන්දීය රජයෙන් ලොකු තෑග්ගක් මන්නාරම දිස්ත්රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් අද (16) පෙරවරුවේ ආරම්භ කෙරිණි. 16 September 2026
එයාර් බස් ගනුදෙනුවට නාමල් 23 තෙක් රිමාන්ඩ් ශ්රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් 10ක් මිලදී ගැනීමේ දී අමෙරිකානු ඩොලර් ලක්ෂ 20ක් පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කළැයි අධිකරණයට ප්රධාන සැකකරුවකු ලෙස ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ එළැඹෙන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය. 16 September 2026
නාරාහේන්පිට මෝටර් රථ කාර්යාලය අසල සුද්ද කිරීම අරඹයි නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලය අසළ ජනතාවට හින්සාකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් සහ රථ ගාල් ඉවත්කර එහි ආරක්ෂාව පොලිසිය යෙදවීමට මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්, විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉදුනිල් ප්රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව පියවර ගත් බව කොළඹ ප්රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 16 September 2026
රුමේෂ්ගේ හෙල්ලවලට අලාභය ගෙවන්න තුර්කි ගුවන් සමාගම තීරණය කරයි ලෝක මලල ක්රීඩා අවසාන ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනූ රුමේෂ් තරංග ක්රීඩකයාගේ හෙල්ල පහට ගුවන් යානයේ දී සිදු වූ අලාභය කඩිනමින් ප්රතිපූරණය කිරීමට තුර්කි ගුවන් සේවය තීරණය කර ඇතැයි වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්යංශය පවසයි. 16 September 2026
කුරුඳුවත්තේ ඉඩම් වංචාවේ ප්රධාන සැකකරු මාට්ටු කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි පර්චස් 79.71 ක වටිනා ඉඩමකට ඉඩමකට ව්යාජ ඔප්පුවක් සකස් කර කෝටියක මුදලකට ප්රසිද්ධ සමාගමකට විකිණීමට සම්බන්ධ වූයේ යැයි කියන ප්රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. 16 September 2026
හෝමාගම දුම්රිය හරස් මාර්ගය දින දෙකක් වැසෙයි දියගම සිට වල්ගම දක්වා අතුරුගිරිය මාර්ගය පුළුල් කිරීමේ සංවර්ධන ව්යාපෘතිය යටතේ හෝමාගම දුම්රිය හරස් මාර්ගය පළලින් වැඩිකොට නවීකරණය කිරීමේ අරමුණින් එළඹෙන 19 දා පෙ.ව 08 සිට 20 දා පෙ.ව 05 දක්වා එම මාර්ගය හෝමාගම දුම්රිය ස්ථානය අසලින් තාවකාලිකව වසා දමන බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරි ඉංජිනේරු ඩබ්ලිව් .ඒ.පී.ධර්මසේන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි. 16 September 2026
අලුත් චීන තානාපති රනිල් බලන්න එයි ශ්රී ලංකාවේ නව චීන තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ දී අද(16) පැවැත්විණි. 16 September 2026
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026