මේජර් ජනරාල් අමල් කරුණාසේකර යළි රිමාන්ඩ් මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීමට ආධාර අනුබල දුන්නැයි රිමාන්ඩ් බාරයේ සිටි යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී සහ ජාතික ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා මැයි මැයි දෙවැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය. 18 April 2018
සීදුව බැංකුවකින් ලක්ෂ 07ක් කොල්ලකාලා සීදුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට (18) පැමිණි පුද්ගලයකු එහි කවුන්ටරයක තිබූ රුපියල් ලක්ෂ 07 මංකොල්ලකා පලා ගොස් ඇතැයි සීදුව පොලීසිය කියයි. 18 April 2018
රට දියුණු කරන්න අලුත් වැඩසටහනක් - අගමැති ජනපති දිවයිනට පැමිණි පසු රට ඉදිරියට ගෙනයෑම සඳහා අලුත් වැඩසටහනක් ඇති කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 18 April 2018
ලක්ෂ 50 ක කේරල ගංජා සමඟ තිදෙනෙක් සැකපිට යාපනය සිට පුත්තලම දක්වා රුපියල් ලක්ෂ 50 ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 37 ක ලොරි රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයින් තිදෙනකු අද (18) පුනරින් සංගුපිට්ටි පාලම අසලදී අත්අඩංගුවට ගත් බව පුනරින් පොලිසිය කියයි. 18 April 2018
ඊශ්‍රායල් ජාතිකයන්ට පහර දුන් අයෙක් වැලිගම දී අත්අඩංගුවට වැලිගම මිදිගම ප්‍රදේශයේදී ඊශ්‍රායල් ජාතිකයින් පස් දෙනෙකුට පොලු වලින් හා අතින් පයින් පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයකු ඊයේ (17) රාත්‍රී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි. 18 April 2018
විශාලතම ගුවන් යානය මත්තලට ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වශයෙන් සැළකෙන අන්ටනොව් 225 (AntonoV– 225 MPIR) නම් යානය අද (18) පෙරවරු 6.55ට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබැස්ස වූ බව ගුවන් තොටුපල නිළධාරියෙකු පැවසීය. 18 April 2018
උතුරු මහඇමැති නව පක්ෂයකින් මහඇමැති පුටුවට තරග කිරීමේ සූදානමක් දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් සභාවේ මහඇමැති අපේක්ෂකත්වය සී.වී.විග්නේෂ්වරන් මහතාට නොදෙන හේතුවෙන් නව පක්ෂයකින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය තනතුරට තරග කිරීමට සූදානමක් ඇති 18 April 2018
රසායන අවි විමර්ශන නිලධාරින් සිරියාවේ ඩුමා ප්‍රදේශයට ජාත්‍යන්තර රසායන අවි විමර්ශන නිලධාරීන් බදාදා (20) සිරියාවේ ඩූමා ප්‍රදේශයට ඇතුළුවීමට නියමිත යැයි වාර්තා වේ. 18 April 2018
යාපනයේ මාදැලකට රුපියල් කෝටියකට අධික පරා ඉල්ලමක් යාපනය වඩමාරච්චි ප්‍රදේශයේදී ඊයේ (17) සවස එලන ලද මාදැලකට පරා මාළු කිලෝ දසදහසකට වැඩි ප්‍රමාණයක් හසු වූ බවට වඩමාරච්චි ධීවරයෝ පවසති. 18 April 2018
මීගස්වැව යතුරුපැදි අනතුරකින් හමුදා සෙබළෙක් මරුට මැදිරිගිරිය පොලිස් වසමේ මීගස්වැව ප්‍රදේශයෙදී අද (18) මධ්‍යම රාති‍්‍රයේ දී සිදු වු යතුරුපැදි අනතුරකින් යුදහමුදා සෙබළෙකු මැදිරිගිරිය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 18 April 2018
අනියම් බිරිඳට පහර දී කෙස් වැටිය කැපු කොස්තාපල් ගැන විමර්ශනයක් තම අනියම් බිරිඳගේ කෙස්වැටිය කපා දමා ඇයට පහර දුන් බව කියන කල්පිටිය ප්‍රදේශයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි. 18 April 2018
ඉරාන ගුවන් හමුදාවලට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරන බවට ඉඟියක් අසල්වැසි සිරියාවේ රඳවා සිටින ඉරාන ගුවන් හමුදාවලට ප්‍රහාර එල්ල කරන බවට ඉඟියක් ඊශ්‍රායලය විසින් පළ කරනු ලැබ ඇතැයි වාර්තා වේ. 17 April 2018
සැසිය කල් දාන ගැසට්ටුවේ හිලක් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ අලුත් සැසිවාරය පටන් ගන්නා දිනය සටහන් වුවත් වේලාව සඳහන් නොවීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇත. 17 April 2018
මිල සූත්‍රය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉන්ධන මිල තීරණය කිරීම සඳහා සකස්කරන ලද මිල සූත්‍රය අනුමැතිය සඳහා ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 17 April 2018
ගාලු මුහුදෙන් හමු වූ පිළිමයේ සුල මුල හෙළිවේ ගාල්ල කොටුව ආසන්න මුහුදේ තිබී හමුවූ පිළිමය තමන් විසින් ගිල්වන ලද පිළිමයක් බව කොටුව ලේන්බාන් වීදියේ චිත්‍ර හා මූර්ති කලාගාරයක් පවත්වගෙන යන ජනක ද සිල්වා මහතා පවසයි. 17 April 2018
ලක්ෂ 14ක හෂීස් තොගයක් රේගුව අල්ලයි ක්‍රීඩා උපකරණයක් තුළ ඉතා සූක්ෂම ලෙස සගවා මෙරට නිදහස් මාධ්‍යවේදියකු වෙත ස්පාඤ්ඤයේ සිට එවා තිබූ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගුවන් බඩු පාර්සල් අංශයේ දී අද (17) රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 17 April 2018
වැලිමඩ අනතුරිකින් අයෙක් මරුට - 16 ක් රෝහලට වැලිමඩ ප්‍රදේශයේ දී අද සවස සිදුවූ රිය අනතුරකින් 16 දෙනකු තුවාල ලබා එක් අයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 17 April 2018
20 සිට ත්‍රීරෝද රථ සඳහා ටිකට්පතක් ත්‍රීරෝද රථ සඳහා බිල්පතක් මගියාට නිකුත් කළ හැකිවන සේ මීටරයක් සවිකළයුතු බවට පැනවූ නීතිය අප්‍රේල් මස 20 වන දින සිට බලාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසීය. 17 April 2018
කැළණි ගඟේ දිය නෑමට ගිය තරුණියක් දියේ ගිලි මරුට කැළණි ගඟේ දිය නෑමට ගිය මහනුවර උගුරැස්ස ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි එක් දරු මවක් දියේ ගිලි මියගොස් ඇතැයි ගිනිගත්හේන පොලිසිය කියයි. 17 April 2018
කරාපිටියේ රජයේ වෛද්‍ය නිලධාරීහු බ්‍රිතාන්‍ය වෛද්‍යවරයාට එරෙහි වෙති කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් සිදුකරන සුදුසුකම් සම්පූර්ණ කර නොමැති විදෙස් වෛද්‍යවරයකු සම්බධයෙන් තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව විරෝධතාවයක් දැක්වූවද මෙතෙක් ඒ සම්බන්ධ කිසිම පියවරක් ගෙන නොමැති බවත් 17 April 2018
ශ්‍රී ලන්කන් වසරක ආදායම කෝටි 12,690 යි - පාඩුව කෝටි 1560 යි 2017-2018 මූල්‍ය වර්ෂයේදී රුපියල් කෝටි 12,690ක (රුපියල් බිලියන 126.9ක) වාර්තාගත ආදායමක් ලබා ඇතැයි ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ ගුවන් සමාගම කියා සිටී. 17 April 2018
මහැදුරු රොහාන් සමරජීව තොරතුරු තාක්ෂණ ආයතනයේ මුල් පුටුවට විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපතිවරයා ලෙස මහාචාර්ය රොහාන් සමරජීව මහතා පත්කර ඇත. 17 April 2018
ජනගහනයට සාපේක්ෂව ලංකාව මන්දපෝෂණය අතින් දෙවැනි තැනට ජනගහනයට සාපේක්ෂව ඉහළම මන්දපෝෂණයක් තිබෙන දකුණු ආසියාවේ දෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ “ලෝකයේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය 2017” වාර්තාවේ සඳහන්ව තිබේ. 17 April 2018
ක්‍රම සම්පාදන සේවා විභාගය යළි ඉල්ලති ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ තුන් වැනි පංතියට බදවාගැනීමේ සීමිත තරග විභාගය (2017/2018) ගැසට් නිවේදනයට පටහැනිව දෝෂ සහිතව පවත්වා ඇති බැවින් එම විභාගය යළි පවත්වන ලෙස විභාග අපේකෂයෝ ඉල්ලා සිටිති. 17 April 2018
විශ්වාභංගයක් ආවොත් මුහුණ දෙන්න සූදානම් - විපක්ෂ නායක රටක විපක්ෂ නායකවරයකු නෙරපීම සඳහා විශ්වාසභංගයක් ගෙන ඒම යනු සාධාරචාර සම්පන්න නොවන ක්‍රියාවක් බවත් එවන් යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් ඊට මුහුණ දීමටද තමා සූදානම් බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂනායක ආර්.සම්පන්දන් මහතා පවසයි. 17 April 2018
පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් සමුළුව 2019 ලංකාවේ 2019 පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන නියෝජිත සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට පොදු රාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සංසදයේ කාරක සභාව තීරණය කර තිබේ. 17 April 2018
රුසියාවෙන් බ්‍රිතාන්‍යයට සයිබර් ප්රහාරයක සුදානමක් සිරියාවේ ඉලක්ක වෙත මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස රුසියාව බ්‍රිතාන්‍යයට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරයි. 17 April 2018
දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට කැබිනට් පත්‍රිකාවක් බෞද්ධ ඇතුළු සියලූ ආගම්වල දරුවන්ට ඉරිදා උදයවරුවේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්යය කිරීමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බුද්ධශාසන අමාත්‍යංශය තීරණය කර ඇත. 17 April 2018
වගා හානි වෙනුවෙන් අක්කරයකට 40,000 ක් ගානේ ගෙවනවා - කෘෂිකර්ම ඇමැති හොඳ වැඩ කරලා බැනුම් ඇහුවත් අපි ඒක සන්තෝෂයෙන් බාර ගන්නවා. මොකද අපි දෙන දේත් ප්‍රයෝජනයක් ගන්න ගමන් 17 April 2018
‘කොට්ඨාස මැතිවරණ ක්‍රමය දෝෂ සහගතයි’ - සුමන්තිරන් කොට්ඨාස මැතිවරණ ක්‍රමය ඉතාමත් දෝෂ සහගත බවත් වව්නියාව නගර සභාවේ බලය දෙමළ විමුක්තිකාමී සන්ධානය නතුවීම මීට නිදසුනක් බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන් කරයි. 17 April 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026