(මනෝප්‍රිය ගුණසේකර)
“තාරුණ්‍යයට හෙටක්” සංවිධානයට ලබා දුන් රුපියල් ලක්‍ෂ 50ක මුදලක් සාවද්‍ය පරිහරණය කරන ලදැයි ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන ඔක්තෝම්බර් මස 16 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (11) නියම කළේය.
පෞද්ගලික හේතුවක් මත විත්තියේ නීතීඥවරයා නඩු විභාගය සඳහා නොපැමිණීම නිසා මෙම නඩු විභාගය කල් තැබීමට විනිසුරුවරයා නියම කළේය.
ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් හා කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා මහතාට අමතරව මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ධම්මික පෙරේරා සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රීඩා අධක්‍ෂක රෝනී ඊබ්‍රාහිම් යන මහත්වරුන්ය.
2013 අගෝස්තු මස 06 වැනිදාත් 2013 අගෝස්තු මස 18 වැනිදාත් අතර කාලය තුළ ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් හා කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැතිය යටතේ ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානයට මුදා හළ රුපියල් ලක්‍ෂ 50ක මුදලක් එම ගිණුමට බැර නොකොට සිලෝන් ප්‍රීමියර් ස්පොර්ට්ස් (සී.එස්.එන්) ගිණුමට බැර කොට එම රුපියල් ලක්‍ෂ 50ක මුදල සාවද්‍ය පරිහරණය කරන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් අදාල නියෝග නිකුත් කළ විනිසුරුවරයා මෙම පැමිණිල්ල ලබන ඔක්තෝම්බර් මස 16 වැනිදා යළි කැඳවීමටද විනිසුරුවරයා නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ කවුරු කවුරුත් කටයුතු කලේ මේ කපේදී ආණ්ඩුවේ වෙනසක් වෙන්නේ නැති බව හිතාගෙන නේ. දැන් තිතින් නඩු කල් දාගන්න එක තමා එකම ගැලවිල්ල. දැන් ඉන්න අඳුරු බිංගෙයි කෙලවරින් දීප්තිමත් එළියක් පෙනෙන්න පටන් අරගෙනනේ. ලොකු අයියත් කියල තිබ්බේ චුටි මල්ලි තමයි සුදුසුම කෙනා කියලා.
මොන ක්‍රමයකට හරි නඩු කල්යන එකයි කල්දාන එකයි වෙන්නේ තව දහාඅට මාසයකට නඩුව ඇදලා ඊළග ඡන්දයෙදී පෝහොට්ටුව දින්නම නඩුත් හාමුදුරවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා නඩු ටික වීසි කරලා දාන්නයි මේ හදන්නේ.
ඒවුනාට මොකද සාටක කරේ වෙලාගෙන රට ගැන කතා කරන්නේ ?මේවා හෙළිවෙන නිසා තමයි ජනවාරි 8 වෙනිදා පරාජය වෙලත් බින්න බහින්න උපරිම මහන්සි ගත්තේ .