රංජන් කස්තුරි
රජයේ ඉහළ නිලධාරීන්ට සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයට අදාල නීති ඉකුත් 8 වැනිදින සිට සංශෝධනය කර තිබේ.
ඒ අනුව මෙතෙක් රජයේ නිලධාරීන්ට වසර 10කට වරක් හිමිව තිබූ බදු සහන යටතේ වන මෝටර් රථ බලපත්‍රය මින් ඉදිරියට වසර පහෙන් පහට ලබාදීමට පියවර ගෙන තිබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අමතරව බදු සහන හිමි නිලධාරියා ආනයනය කරන මෝටර් රථයේ වටිනාකම හෝ එන්ජින් ධාරිතාවය කුමක් වුවද ඔහුට හිමිවන්නේ රුපියල් මිලියන 3.6 ක බදු සහනයක් පමණක් බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛනයේ සඳහන් වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහල නිලධාරී, ඉහල නිලධාරී. මේ රට නම් කවදාවත් දියුණුවක් නෑ.
පළමුව අපගේ අදහස් වලින් කිසියම් පිරිසකට අපහසුතාවයක් ඇතිවන්නේනම් අප කනගාටු වන්නෙමු. අප රටේ ආර්ථිකය ඉතාමත්ම බැරෑරුම් අඩියක තිබියදී මෙසේ මුදල් සොයාගත්තේ කෙසේද ? අපගේ බදුමුදල් වලින් සුරසැප විදින " මුදල් ඇමති" විසින් මේ පිලිබදව ඉක්මනින්ම ලක්ජනතාව දැනුවත් කරනු ඇතැයි අප විස්වාස කරනවා. කිසිවකුට වාහන බලපත්රදීමෙන් රටේ ආර්ථිකයට ඇති වූ සේවය කුමක්ද? හරකුන් 225 ටත් මෙසේ තිරුබදුසහිත බලපත්‍ර ලබාදීමත් වෛද්‍ය වෘත්තිකයන්ටත් මෙසේ ලබාදීම කිසිදු සාධාරනයක් නැතිබවත් අපගේ හැගීමයි. මක්නිසාදයත් ඔයකියන කිසිවකු තම මවුබිමට අවංකව තම සේවය කරන්නේද යන්න අප පක්ෂ බේදයන් තොරව අපගේ සිත්වලට එකගව සිතීමෙන් ලබන පිලිතුර නම් එසේ සේවයක් රටවෙනුවෙන් නොලැබෙන බවය. එබැවින් කිසිවකුට බලපත්‍ර අවශ්‍ය නැත යන්නය අප පිළිගත යුතුය.
මේ චක්‍රලේකය අනුව, සංස්ථා නිලධාරීන්ට බලපත්‍රය හිමි වන්නේ අවුරුදු 9කින්. එකෙන් අලුත් නිලධාරීන්ට බලපත්‍ර අහිමි කරලා. එත් කලින් බලපත්‍ර දෙක තුන ගත්ත අයට අවුරුදු 5න් අලුත් එකක් ගන්න අවස්ථාව දීලා.
විදේශ රැකියා කරන ලාංකිකයන් එවන විදේශිය විනිමයන් යොදා ගනිමින් මේ ගොල්ල වාහන බලපත්‍ර ලබා ගෙන රටේ මුදල් පිට රටට දෙනවා විදේශිය රටවලින් හරි හම්බ කරන ලාංකිකයන්ට බල බලපත්‍ර දෙන්නේ නැහැ නුදුරුම අනාගතයේම මේ ප්රශ්නය ගැන නැගී සිටීමට විදේශ වල රැකියා කරන ලාංකිකයන් සුදානමින් සිටින බව ආරංචිය.
අපිට තමයි වාහනයක් ගන්න ගියාම ඔක්කොම තහංචි. යුරෝපයීදී කාර් තුනක් තරම් මුදලක් තරමට බදු ගහනවා. රජයේ සේවකයෝ පුටු රත් කරමින් අඩුවට වැඩ කරලා පඩිත් ගන්නවා අපි දස දුක් විදලා මුදල් එවනවා. අපිට උන සෙතේ මොකක්ද? අවරුදු ගණනක් පිටරට සිට මාගේ මවු බිමට බැංකු හරහා ගාස්තු ගෙවා මුදල් එවීමට අපිට සලකපු හැටි. ද්‍රවිඩයන් අදත් මුදල් එවන්නේ උන්ඩියල් ක්‍රමයටයි. වැඩි අනුපාතයක් අඩු මුදලකුත් ගෙවා. (මෙහෙන් යුරෝ දුන්නාම ලංකාවෙන් රුපියල් ගෙදරට ලැබෙනවා.) අදින් පස්සේ අපේ රට වලපල්ලට ගියත් මමත් මින් පසුව ද්‍රවිඩයන් එවන විධියටමයි මුදල් එවන්නේ. මොකකටද කිසිම සහනයක් නැති රටක මෙහෙම මුදල් එවන්නේ.
අවම වශයෙන් අවුරුදු 20 වඩා විදේශ රැකියාවල නියුතු රටට විදේශ විනිමය එවපු මහපොළොවට බරක් නොවී ජීවත්වුණු අපට වාහනයකට තීරුබදු සහනයක් දෙන්න ඔය නීති හදන අයට හිතෙන්නේ නැද්ද.
වැඩි හාරියක්ම පින් පඩි ගිලින රජයේ නිලධාරීන්ට අවුරුදු 5 කට වරක් වාහන, අපි අවුරුදු 25 කට වැඩිය පිටරට රැකියා කරලා රටට විදේශ විනිමය එවලත්, අපිට එකම සහන බලපතක් වත් නැත, හනේ මෙහෙම අසාධාරණයක්!
රජයේ ඉහළ නිලධාරීන්ට පමණක් බදු සහන දෙන එක සාධාරණ නැහැ කියලා තමයි මට හිතෙන්නේ. මේ රටේ ආර්ථිකයට නිෂ්පාදිත වර්ධනයක් එකතු කරන හැමට සහන දිය යුතුයි. රටට විදේශ විනිමය එක් කරන අයට සහන දිය යුතුයි. රජයේ ඉහළ නිලධාරීන්ට පමණක් බදු සහන දෙන එක හැන්ද අතේ තිබෙන අය පමණක් බෙදා ගැනීමක් වගෙයි.
ඇයි වසර පහකට වරක්? මාස හයකට සැරයක් දෙන්න. ඒගොල්ලෝ විතරනේ වැඩ කරන්නේ. පුද්ගලික අයගෙන් විතරක් පුළුවන් තරම් බදු ගහන්න. මරු ආර්ථික ක්‍රමේ.
දොස්තරලා දැගලුවේ ඕකට තමා.දැන් බලුකක්කෝ වගේ නිෂබ්දව වෙයි.
යහපාලන ආන්ඩුව ගත් ඉතාම වැදගත්, කාලෝචිත තීරනයක්.. රජයේ සේවකයෙකු වශයෙන් මාගේ උත්තමාචාරය...
මේවා ලෝකේ කොහෙවත් නැති සෙල්ලම්. ආණ්ඩුව රට කනවා.
මේ රටේ නිෂ්පාදන අංශයෙන් වැඩ කරන පුද්ගලික අංශයට මේ වගේ සහනක් දෙන්න ඕන මොකද රජයේ සේවකයාට විශ්‍රාම වැටුපත් හන්බ වෙනවා 8 සිට 4 වැඩ. රටට බදු වැඩිපුරම දායකත්වය ලබාදෙන්නේ පුද්ගලික ව්‍යාපාර.
සිලින්ඩර් ධාරිතාව 1400 ක ඉන්දියන් කාර් එකක අපි ලංකාවට ගෙනාවත් , ජපන් කාර් එකක ගෙනාවත් එකට ලක්ෂ 45 විතර අපි බදු ගෙවන්න ඕනේ , දේශපල්කයට , රජයේ නිලධාරියට බදු සහන මොකක්ද මේ විකාරය , දේශපල්කයෝන්ට රජයේ නිලධාරීන්ට මිලියන ගණනින් පගාව , කොමිස් එහෙමත් ලැබෙනවා , චැනෙල් දොස්තරලත් හොඳට ගර ගන්නවා , පුරවැසි අපි වහල්ලුද ?
ඉතාම හොඳ තීරණයක්.
විදේශ ගත අය ආණ්ඩුවට බැන්නට වැඩක් නැහැ , ඔබලාගේ ලක්ෂ ගණනක ඡන්ද ඔවුන්ට ලැබෙන්නේ නැහැනේ , දේශපාලකයට වටින්නේ වැටෙන ඡන්ද ගණන පමණයි , ඔවුන් ගන්න ගොන් තීරණ ක්‍රියාත්මක කරන්නනම් රජයේ සේවකයෝ සතුටු කරන්න ඕන , ඔන්න ඇත්ත.
අවුරුදු 10ට වරක් දුන්නු බලපත්‍රය ලක්ෂ 50ක් වටිනවා. දැන් එ්ක ලක්ෂ 36 යි. නමුත් දැන් සෑම අවුරුදු 5 කට සැරයක් විශ්‍රාම යනතුරු වාහන බලපත්‍ර ලැබෙනවා. විශ්‍රාම යනකොට ලක්ෂ 220ක බලපත්‍රයක් ලැබෙනවා.