හර්ෂණ තුෂාර සිල්වා
වෙරළ තීරයේ ඉදි කර ඇති අනවසර ඉදි කිරීම් 1,540ක් මේ වනවිට හඳුනාගෙන ඇතැයි වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අද (11) පැවැසීය.
එම අනවසර ඉදි කිරීම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිට ඉවත් කර ඇතැයි ද චන්ද්‍රකීර්ති මහතා කීවේය.
වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් චන්ද්‍රකීර්ති මහතා එම කරුණු කීය.
පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට පත්වූ මිරිස්සේ පමණක් වෙරළ තීරවල ඉදි කර තිබෙන අනවසර ඉදි කිරීම් 21ද තංගල්ලේ අනවසර ඉදි කිරීම් 14ක් ද ඉවත් කර ඇතැයි ද චන්ද්‍රකීර්ති මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහොතක් ප්‍රමාද වෙන්න එපා ඩෝසර් කරන්න.
ඔක්කොම දෙසපාලුවන්ගේ හෙන්චයලාගේ, ඕවා ඉවත්කරන්න කාටවත් බෑ, දෙපැත්තම අල්ලගන ඉන්නේ.