ඩබ්ලිව් ඒ පියතිලක සහ ක.ග කරුණාරත්න
මෙයට වසර 16 කට පෙර එනම් 2002 වසරේදී පොළොන්නරුව, පුලස්තිපුර පොලිස් වසමේ පදිංචි 14 හැවිරිදි බාලවයස්කාර දැරියක පැහැරගෙන ගොස් අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළෙකු සහ වෙළෙන්දකු අද(11) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලොන්නරුව කොට්ඨාස පොලිස් බුද්ධි අංශය මගින් සිදු කළ විමර්ශනයකින් අනතුරුව එහි පොලිස් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
යාපනය, තිරික්කෝවිල් ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක සේවය කරන සෙබළා 42 හැවිරිදි අයෙකි. රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 50 හැවිරිදි අනෙක් සැකකරු සති පොළක වෙළඳාම් කිරීම රැකියාව වශයෙන් කරන බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුතුමාට නම් ප්‍රශ්නයක් නැහැනේ !
2002 වයස 16 නම් අද වයස 30ක්. මේවනවිට විවාහක ළමයින් සිටින මවක් විය හැක. සැකපිට අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව ඔවුන් කිසිම බලපුලුවන් කාර කමක් නැති දුප්පතුන් නිසා විය යුතුයි . වසර 16කට පසු කිසිදු අයුරකින් වෛද්‍ය වාර්තාවකින් මෙවැනි දෙයක් සනාථ කිරීමේ හැකියාවක් ලොවේ නැත. මහජන මුදල් මෙවැනි හාසය ජනක දේ වෙනුවෙන් නාස්ති කොට පාතාල කුඩු කරුවන් , මහා බැංකු කොල්ලකරුවන් , ජනතා දේපොළ මංකොල්ල කරුවන් අත්අඩංගුවට පත් නොවනිනේ ඔවුන්ගේ බලපුලුවන් කාර කම් නිසාද ?
බලහත්කාරයෙන් අපයෝජනයට ලක්වුන ගැහැණු ළමයි ජීවත්වෙන්නේ හරියට එදා තමන්ගේ පපුවට ඇන්න පිහිය තවමත් පපුව ඇතුලේ තියනවා කියලා හිතාගෙනයි.