(ඉන්දිකා රාමනායක)
විදෙස්ගත පාතාලයන්ගේ ගෝලයින් මර්ධන කිරීමේ මෙහෙයුම් වේගවත් සිදුකර ලෙසට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද (11) පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා වෙත උපදෙස් ලබා දුන්නේය.
එසේම දැනට විශේෂ කාර්ය බලකාය සිදුකරන මෙහෙයුම් තවත් පුළුල් කරන ලෙසත් සහ එම මෙහෙයුම් ලිහිල් නොකරන ලෙසටත් අමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත මෙම උපදෙස් ලබා දී ඇත.
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ පොලිස්පතිවරයා හා උසස් පොලිස් නිලධාරීන් පිරිසක් සමග අද රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.
සෑම දෙනාමට නිදහසේ ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීමේ වගකීම පැවැරී ඇත්තේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට බව පැවසු අමාත්‍යවරයා ඉන් පොලිසියට පැවරෙන වගකීම් අති විශාල බවත් එය නිසිලෙස අවබෝධ කරගතයුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට දැඩි අවදානය යොමුකළ යුතු බවත් විශේෂයෙන් පාසල් දරුවන් ඉලක්ක කරගෙන සහ , සමාජ මාධ්‍ය ජාලා උපයෝගි කරගෙන සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම්, වහා මැඩලිය යුතු බවද එහිදී අමාත්‍යවරයා පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබුණි.
මෙම කටයුතු සදහා පොලිස් නිලධාරීන්ගේ දායකත්වය සියයට සියයක් අවශ්‍ය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම පාතාලයක් මැඩගත්තාට කමක් නෑ, වැරදිලාවත් දේශපාලන ලොක්කන්ගේ කොන්ත්‍රාත් මිනීමරුවෝ, කප්පන් ගන්න අය, මහා පරිමානයේ හොරකම් කරන අය එහෙම අල්ලනවා එහෙම නොවෙයි....
පාතාලය කරන්නෙ තියන නීති කඩලා සාමකාමි ජනජීව්තය අවුල් කරන එකනේ .පොලිසිය එවෙනි පුද්ගලයින් අල්ලලා අදිකරණයට ඉදිරිපත් කරන්න ඕනේ. ඒක එම නිලධාරීන්ගේ රාජකාරිය .ඕකට ඉතින් නිතරම උපදෙස් දිදී මතක් කරන්න ඕනෙද? එක්කෝ යම් යම් තෑගි බෝග ලබල ඩියුටිය මග හරිනවා. නැත්නම් ඉහල බලපෑම් නිසා අහක බලාන ඉන්නවා .ඔය දෙකම නැවතුනොත් මාසෙන් බඩු පොලිෂ්. ආයි දෙකක් නැහැ.
සමහරු හිතාගෙන ඉන්නේඒ පාතාලය මර්ධනය කරන්න පුළුවන් ගෝඨාට විතරයි කියලනේ ! පුළුවන් නම් කරලා පෙන්වන්න. අඩුගානේ ඊළග ඡන්දයට ගිහිල්ලා කියන්නවත් දෙයක් තියනවනේ.
71 කැරැල්ල මැතිණියගේ සමයේ සිදු වුණත් එය වර්ධනය වෙන්නේ එ.ජා.ප අාණ්ඩුව කාලයේ. 83 කළු ජූලිය. 88/ 89 කැරලිත් එහෙමයි. කොටි සංවිධානය බිහි වුනෙත් වර්ධනය වුනෙත් සන්නාහ සන්නද්ධ වුනෙත් එ.ජා.ප අාණ්ඩුව යටතේ. කොටින්ම කිව්වොත් අවි අයුධවලින් සිදුවෙන සංවිධානාත්මක අපරාධ සියල්ල සිදු වුනෙත් වර්ධනය වුනෙත් මොවුන් යටතේ. ඔවුන්ට පව් සෝදා ගැනීමට තිබූ එකම අවස්ථාවත් නැවත අහුරා ගනිමින් නැවත එ්කාධිපතියන්ට පාර කපලා තියනවා. එ.ජා.ප ගනිමින් සිටින්නේ මේ අවසන් හුස්ම කියලා දැන් පේනවා. සිරිසේන මහතා ඉදිරි යම් දිනක පවසාවි මහින්ද මහතාගේ අනින් එ.ජා.ප අවසන් ගමන යැවීමේ කොන්ත්‍රාත්තුව ඉටු කළා කියලා..
නිකන් තොත්ත බබා වගෙයි කතාව . පාතාලය දේශයට දායාද කලේ ඔබලා වගේ දේසපලකයෝ. වගකීම ගන්න ඕනේ දෙසපලකයෝම තමයි . පාතාල නායකයන්ට මුළු දිව ඉනට බලපාන අයුරින් සාමවිනිසුරු පදවි දුන්නේ පොලිසියෙන් නොව දෙසපාලකයෝයි.
පොලිසියට උපදෙස් දෙන්න තරම් අපරාධ මර්ධනය සදහා මේ ඇමති තුමාට තිබෙන දැනුම මොකක්ද ? මේක නතර කරන්න නම් මෙම අමාත්‍යංශය ෆොන්සේකාට ලබාදිය යුතුය , එහෙම කලොත් හොඳින් හෝ නරකින් මේක ඉවරයක් කරලා දමාවි.
මාධ්‍ය ඉදිරියේ පාතාල මර්ධනය ගැන කතා කිරීම විහිළුවකි.දේශපාලුවන්ගේ සම්බන්ධකම් නිසා තමයි මේවා සිදුවන්නේ.පොලිසියේ රාජකාරිය හරියට කරනවානම් පාතාලයින් සහ පාතාල දේශපාලනයද නිම කල හැකියි.එනිසා නිවට රුකඩ රටේ දියුණුවට කොහෙත්ම සුදුසු නැත.
ඔය දැනුම් දීම තමා අඩු වෙලා තිබුනේ. දැන් ඉතින් බය වෙන්න එපා. ඔක්කොම හරි.
පසුගිය දිනවල පාතාලයේ අය මරාදමා අත්අඩංගුවට ගැනීම් රැසක් සිදුවුණා. මේ සඳහා අදාළ ඇමැති තුමා, පොලිස්පතිතුමා ඇතුළු සියලු වගකිවයුතු නිලධාරීන්ට අපගේ ස්තුතිය...!!!