තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
කාන්තාවන්ට මත්පැන්හල් වල සේවය කිරීම හා මිළදී ගැනීමට තිබූ තහංචි ඉවත් තරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට ගත් තිරණයෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි පවසමින් විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන මස 16 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
පෙත්සම ප‍්‍රියන්ත ජයවර්ධන , ප‍්‍රසන්න ජයවර්ධන සහ ඇල්.ටී.බී දෙහිදෙණිය මහත්ම මහත්මීන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී මෙම පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබිණි.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම කරුණට අදාළව විවිධ ආගම් සහ ජාතීන්ට අයත් කාන්තාවන් එකොළොස් දෙනෙකු විසින් ගොනු කළ පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද යන්න පිළිබද නියෝගය ලබා දීමට නියමව සිටින බැවින් මෙම පෙත්සම පිළිබද වැඩිදුර කරුණු සලකා බැලීම කල් ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබිණි.
විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ගොනු කරන ලද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා ,එම අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්.සමරතුංග සහ නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හරිම වටිනා දෙයක්නේ... මේ අයට මේ මිලට ගන්න බැරි වෙලා තියෙන්නේ... කවුද දන්නේ නෑ මේ බොහොම වැදගත් කාන්තාවන් ටික. අනේ පින් සිද්ධ වෙයි මේ අපේ රටේ ඉන්න කාන්තාවෝ ටික ඔය මත්පැනුයි, අනෙක් ඒවයි, වැට් බදුයි එකතුකරලා හොඳට අච්චාරු දාලා ටින්වල බෝතල්වල දාලා රට යවන්න.
ලංකාවේ කිසිම රැකියාවකට ලිංගභේදය බලපාන්නේ නැති බවට රජය වගබලාගතයුතුයි. මෙහිදී මංගල සමරවීර මහතා නිවැරදියි.
අපේ රටේ කාන්තාවන්ගේ වැදගත්කම පසුගිය කාලයේ හොඳට ලෝකෙටම පෙනුනා. මත්පැන් බලපත්‍ර නෙවෙයි , ප්‍රසිද්ධියේ ගණිකාවෘත්තියට බලපත්‍ර ඉල්ලා පාරට බහින්නත් තරුණ අන්ගනාවන් කොට්ටාශයක් දැන් සැදී පැහැදී ඉන්නවා වගේ පෙනෙන්නේ. ප්‍රසිද්ධ මාධ්‍ය වල තමන්ගේ ගැහැනුකම විකුණන ලජ්ජා නැති බවලතුන් ඒකට සමාජයට දොස් කියා ඇත්තෙත් අසභ්‍ය විදියට . කාන්තාවන් හැටියට අපි කාගේත් වැරදි අඩුපාඩු තිබෙනවා තමයි. එත් සමාජ සාර ධර්ම වලට පටහැනි විලිලජ්ජා නැතිකම නම් ඒ සඳහා තමන්ගේ පුද්ගලික කැමැත්තක් මිසක් , සමාජයේ වැරද්දක් නෙවෙයි.