දුම්රිය සේවකයෝ හදිසියේ වැඩ වරති දුම්රිය රියදුරු, නියාමක,ස්ථානාධිපති සහ දුම්රිය පාලකවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරිමේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය මගින්ම තාවකාලිකව නතර කිරිමට විරෝධය පා අද (8) සවස 3 සිට දුම්රිය රියදුරන් සහ නියාමකවරු වර්ජනයක් ඇරඹුහ. 08 August 2018
අග්‍රාමාත්‍ය ක්‍රීඩා අරමුදලක් අරඹයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රිඩීකාවන්ට අතදීමේ අරමුණින් අග්‍රාමාත්‍ය ක්‍රීඩා අරමුදලක් ආරම්භ කර තිබේ. 08 August 2018
සීනි ආනයනය නිසා දේශීය සීනි නිෂ්පාදනයට පාඩුවක් පෞද්ගලික වෙළදුන් විසින් අඩු මිලට සීනි ගෙන්වීම නිසා ලංකාවේ සිනි නිෂ්පාදනයට විශාල පහරක් වැදී ඇති බව ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී නන්දන ජයසිංහ මහතා පැවසීය. 08 August 2018
පාර්ලිමේන්තුවේ නොසිටි මැති ඇමැතිවරුගේ නාම ලේඛනයක් අගමැති කාර්යාලයට සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ඡන්ද විමසිමට ගැනීමට තිබු ඊයේ (7) සවස පාර්ලිමේන්තුවේ නොසිටි සියළු මැති ඇමැතිවරන්ගේ නාම ලේඛනයක් සභානායක කාර්යාලය විසින් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත බාරදී තිබේ. 08 August 2018
’ මන්ත්‍රීන්ට පහසුකම් සැලසීමේ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉවත දමා නෑ’ ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරිම සඳහා නම් කෙරුණු අධීක්ෂණ මන්ත්‍රීන්ට පහසුකම් සැලසීමේ අමාත්‍ය මණ්ඩල සංදේශය කුමන අකාරයෙන්වත් ඉවත දමා නැතැයි සභානායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 08 August 2018
ඥානසාර හිමි අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායමක් රෝහලට සිර දඩුවම් නියමුවූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් මීට සුළු වේලාවකට පෙර ජයවර්ධනපුර රෝහලට පිටත්ව ගිය බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 08 August 2018
ගලගොඩඅත්තේ හිමියන්ට අභියාචනයක බලාපොරොත්තුවක් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හයක සිරදඬුවම් ලබා සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අද (8) විවෘත අධිකරණය හමුවේ දන්වා සිටියේය. 08 August 2018
රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න දිවි රඟමඩලින් සමුගනී ප්‍රවීණ රංගන ශිල්පියකු හා ප්‍රකට කලාකරුවෙකු වූ , නිකවැරටියේ පදිංචි එස්.එම්.ඉන්ද්‍රජිත් නාවින්න මහතා අද (8) නිකවැරටිය රෝහලේදී අභාවප්‍රාප්ත විය. 08 August 2018
ගලගොඩඅත්තේ හිමියන්ට වසර 6 ක සිරදඬුවම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවන්ට වරදකරු කරමින් බරපතල වැඩසහිත වසර හයක සිරදඬුමක් අභියාචානාධිකරණය අද (8) නියම කළේය. 08 August 2018
සුනාමියෙන් වු හානියට වඩා වැඩි හානියක් ගංවතුරින් හා නායයෑමෙන් ඉකුත් වසර 7ක කාලයේ දී මෙරට ඇතිවූ ගංවතුර හා නායයෑම් වලින් සිදුවූ ආර්ථික හානිය සුනාමියෙන් සිදුවූ ආර්ථික හානියටත් වඩා වැඩි බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල පවසයි. 08 August 2018
හොර ගමන් බලපත් 95 ක් සමඟ අයෙක් අත්අඩංගුවට ගලංගම බෝධිය පාර නිවසකදී ව්‍යාජ ලෙස සකස් කරන ලද අන්සතු විදේශ ගමන් බලපත්‍ර 95 ක් ලැප්ටෝප් පරිගණකයක් හා ස්කෑන් යන්ත්‍රයක් සමඟ වයස අවුරුදු 61 පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි. 08 August 2018
හොරෙන් හරක් පටවාගෙන වෑන් රියට වෙඩි පොලිස් අණ නොතකා හොර හරක් පටවාගෙන යමින් තිබු ඩොල්පින් වර්ගයේ වෑන් රථයකට පොලිසිය විසින් වෙඩි තබා එය නතර ගෙන ඇති අතර එම වෑන් රථය හා එළ හරක් පස් දෙනෙකු පොලිස් බාරයට ගත් බව අක්මිමන පොලිසිය කියයි. 08 August 2018
පැන ගිය රැඳවියන් සිව් දෙනාගෙන් දෙදෙනෙක් අත්අඩංගුවට මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේ සිරකුටිය බිඳ පැනගිය සිරකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනකු මුලතිව් සෙල්වපුරම් කැළෑ ප්‍රදේශයක සැඟවී සිටියදී අද (8) අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලිසිය කියයි. 08 August 2018
මහාධිකරණ විනිසුරු සංගමයේ නව නිලධාරි මඩුල්ල තෝරා ගනී මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ 2018/2019 වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩය පසුගියදා පැවැත්වු වාර්ෂික මහාසභා රැස්වීමේදී තේරී පත්විය. 08 August 2018
ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න සමුගනී ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්.ප්‍රේමරත්න මහතා කොළඹ ජාතික රෝහලේ දී අද (8) උදෑසන අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට 75 වැනි වියේ පසුවිය. 08 August 2018
උතුරු - නැගෙනහිර හමුදා කඳවුරු වෙනස් කරන්න කෝටි 10 ක පරිපූරක ඇස්තමේන්තුවක් උතුරු නැගෙනහිර පළාත්වල ඇතැම් යුද හමුදා කඳවුරු වෙතත් ස්ථානවලට ගෙනයෑමේ වියදම් වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන වශයෙන් රුපියල් කෝටි දහයක මුදලක් අනුමත කරවා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (7) ඉදිරිපත් කෙරිණ. 08 August 2018
‘‘අර්ජුන් මහේන්ද්‍රන් ගැන මගෙන් අහන්න එපා‘‘ - අධිකරණ ඇමැතිනී ‘‘අර්ජුන් මහේන්ද්‍රන් ගැන මගෙන් අහන්න එපා, ඒ ගැන පරීක්ෂණ කරන අයගෙන් අහන්න‘‘ යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසුවාය. 07 August 2018
අධීක්ෂණ මන්ත්‍රීවරු ඉල්ලූ පහසුකම් කැබිනට් යෝජනාවෙන් ප්‍රතික්ෂේප වෙයි ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන පිළිබඳව සොය බැලීම සඳහා අමාත්‍යාංශවලට පත්කර ඇති අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට හත් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් , නිල වාහනයක් ඇතැළු පහසුකම් ලබා දිය යුතු බවට ඉදිරිපත් වූ කැබිනට් යෝජනාවක් අද (7) පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 07 August 2018
හිටපු ඇමැතිනි විජයකලා මාසයකට පමණ පසු මැතිසබයට එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගෙන ආ යුතු බවට ප්‍රකාශ කළ හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය ඒ ප්‍රකාශය කර මාසයකට පමණ කාලයකට පසුව මුල්ම වතාවට මැතිසබයට අද (7) පැමිණියාය. 07 August 2018
රජයේ වියදමින් ඇමතිවරුන්ට නීතිඥයන් ඉල්ලූ කැබිනට් පත්‍රිකාව ඉවතට ඇමැතිවරුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරෙන මූලික අයිතිවාසිකම් නඩුවලදී ඇමැතිවරුන්ට රජයේ වියදමින් පෞද්ගලික නීතිඥවරුන්ගේ සහය ලබා ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (7) ප්‍රතික්ෂේප කරන ලැබූ බව වාර්තාවේ. 07 August 2018
පොලිස් කොමිසම අමතර රැස්වීම් කැඳවයි ජාතික පොලිස් කොමිසම රැස්වන සභා වාර ගණන වැඩිකිරීමට තීරණය කර ඇතැයි එහි සභාපති පී.එච් මනතුංග මහතා ලංකාදීපයට පැවසීය. 07 August 2018
ඉරානය සමඟ වෙළෙදාම් කරනවා නම් ඇමෙරිකාවෙන් තහංචි ඉරානය සමඟ වෙළඳාම් කරන කිසිවකුට ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ වෙළෙඳාම් කළ නොහැකි යැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 07 August 2018
දුම්රිය වැටුප් වැඩි කිරිමට මංගලගේ විරෝධය දුම්රිය සේවයේ වැටුප් වැඩි කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අද (7) පැවති කැබිනට් රැස්වීමේ දී මුදල් ඇමැති මංගල සමරවීර මහතා විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ. 07 August 2018
කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීහු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙති ප්‍රදේශීය සභා 149ක සේවය කරන කළමනාකරණ සහකාර සේවයේ අධි පන්තියේ පරිපාලන නිලධාරීන් ඉවත් කර ඒ සඳහා ශ්‍රි ලංකා පරිපාලන සේවයේ නවක නිලධාරීන් පතිකිරීමේ උත්සාහයක රජය නිරත වන බව සමස්ත ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ලලිත් ධර්මසේන මහතා කොළඹදී අද (7) පැවසීය. 07 August 2018
කොළඹ ආරක්ෂක සමුළුව මේ මස 30 සහ 31 2018 කොළඹ ආරක්ෂක සමුළුව මෙම මස 30 සහ 31 වැනි දින දෙක තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානාත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. 07 August 2018
ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය ගැනීම පනතට පටහැනිලු එස් ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඇතිකර ගෙන තිබෙන ගිවිසුම පනතට පටහැනි එකක් වන අතර එමගින් මණ්ඩලයට විශාල මූල්‍යමය පාඩුවක් සිදුව ඇතැයි අද (7) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ අනාවරණය වී තිබේ. 07 August 2018
විජයකලාගේ ප්‍රකාශය ගැන නීතිපති වාර්තාව තවම ලැබී නෑ එල්.ටී.ටී.ඊය ප්‍රවර්ධනය කිරීම සඳහා යාපනයේදී කතාවක් කළ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් පියවර ගැනීමට අවශ්‍ය වාර්තා නීතිපති වෙතින් තවමත් ලැබී නැතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය. 07 August 2018
කිරිල්ලවල වෙඩි තැබීමෙන් තුවාල ලැබු කාන්තාව මරුට කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ අද (7) දහවල් සිදු වු වෙඩි තැබීමෙන් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව මිය ගිය බව පොලිසිය පවසයි. 07 August 2018
‘වාද්දුව වෙරළ සාදය පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙනවා’ පුද්ගලයන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ වාද්දුව වෙරළ සාදය පිටුපස ප්‍රබල දේශපාලන හස්තයක් ක්‍රියාත්මක බවත් එහි බලපෑම මත මෙතෙක් කිසිදු සංවිධායකයකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා කොළඹදී අද (7) පැවසීය. 07 August 2018
ජනාධිපති නියමයෙන් මොරගහකන්ද ව්‍යාපෘතියේ දුෂණ හොයන්න විශේෂ ඒකකයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මොරගහකන්ද - කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට අදාලව දුෂණ වංචා හා අක්‍රමිකතා සොයාබැලීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ. 07 August 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026