පාර්ලිමේන්තුව පිටුපස ලඳු කැලයේ කොළ දිවි රංචුවක් පාර්ලිමේන්තු සංකිර්ණය පිටුපස ලඳු කැලයේ කොළ දිවි රංචුවක් මේ දිනවල නිතර සැරිසරන බව වාර්තා වේ. 31 August 2018
තිරිඟු පිටි මිල නගී තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම පියවර ගෙන තිබේ. අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට මෙම මිල ඉහළ දැමීම ක්‍රියාත්මක වේ. 31 August 2018
ඒකාබද්ධයේ උද්ඝෝෂණය පවත්වන ස්ථානය 4 වැනිදා ප්‍රකාශයට ආණ්ඩුවට එරෙහිව ලබන 5 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය පවත්වන ස්ථානය 4 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත. 31 August 2018
පාර්ලිමේන්තුවට පුටු 232ක් අලුතින් ගන්න යෝජනාවක් පාර්ලිමේන්තු සභා ගර්භය සඳහා පුටු 232ක් අලුතින් මිලදී ගැනීමට යෝජනාවක් ඉදිරිපත්වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 31 August 2018
සේරුවිල පුදබිම නව සැලසුම් අනුව දියුණු කරන බව අගමැති කියයි සේරුවිල පුදබිමේ පෞරාණික අගය ආරක්ෂා කර ගනිමින් නව සැලසුම් අනුව දියුණු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සේරුවාවිලදී අද (31) පැවැසීය. 31 August 2018
රට රැකියා දෙනවායැයි කියා සල්ලි ගත් අයෙක් අත්අඩංගුවට විදෙස් රැකියාවන් ලබාදෙන බව පවසා කාන්තාවන් විශාල පිරිසක් රවටා මුදල් වංචා කළ පුද්ගලයකු පොලිසියට ලැබුණු තොරතුරක් මත පේරාදෙණිය පොලිසිය විසින් අද (31) අත්අඩංගුවට ගනු ලැබීය. 31 August 2018
ඉන්දීය රුපියල කඩා වැටේ ආසියානු කලාපයේ සියලු මුදල් ඒකක පහත වැටෙද්දි ඊට සමගාමීව ඉන්දීය රුපියල ද වාර්තාගත අයුරින් අද (31) නැවත වරක් පහත වැටිණි. 31 August 2018
රාජ්‍ය දේපළට හානි කළැයි හිමිවරු සිව්දෙනෙක් අත්අඩංගුවට ගන්න නියෝග ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයක් අතුරතුර රාජ්‍ය දේපළවලට හානි කළැයි කියන සිද්ධියකට අදාළව භික්ෂූන් වහන්සේ සිව් නමක් ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (31) නියෝග කළාය. 31 August 2018
මැණික් වලින් වතුර පෙරණ ෆිල්ටරයක් ජලයේ බැර ලෝහ ඉවත් කිරීම සඳහා මැනික් ගල් යොදා ගනිමින් ජල පෙරණයක් නිපදවීමට ශ්‍රී ලාංකික මැණික් විද්‍යාඥයෙක් සමත්ව ඇත. 31 August 2018
නැ’හිර මුස්ලිම් දේශපාලකයින් සතුව ආයුධ ඇතැයි කියන චෝදනා ගැන පරීක්ෂණයක් ඉල්ලයි නැගෙනහිර පළාතේ මුස්ලිම් දේශපාලඥයින් සතුව අවි ආයුධ ඇති බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් කඩිනම්, පුළුල් පරීක්ෂණයක් පවත්වා සත්‍ය හෙළි කරන්නැයි ඉල්ලා මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එම්. එල්. ඒ.එම්. හිස්බුල්ලාහ් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කර තිබේ. 31 August 2018
යුද අපරාධ සිදු වු බව පිළිගන්නා ලොව එකම ඇමැතිවරයා ලංකාවේ විදේශ ඇමැතිවරයායි යුද අපරාධ සිදු වූ බව පිළිගන්නා විදේශ ඇමැතිවරයෙක් ලොවෙහි සිටී නම් ඒ ශ්‍රී ලංකාවේ විදේශ ඇමැතිවරයා පමණක් යැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ කැඳවුම්කරු හිටපු රියර් අද්මිරාල් හිටපු නියෝජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා පැවසීය. 31 August 2018
කොළොන්නාව ගබඩාවේ දැවි තෙල් අතුරුදන්වීම ගැන පරික්ෂණයක් කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් පරිශ්‍රයේ (සී.පී.එස්.ටී.එල්) තිබූ රුපියල් දසලක්ෂ පනස්දහසක් වටිනා දැවි තෙල් ලීටර් 13,200ක් අතුරුදන්වීම සම්බන්ධව එම ආයතනය පරීක්ෂණයක් අරඹා තිබේ. 31 August 2018
ආණ්ඩු විරෝධි රැළියට එන්නැයි ගෝඨාගෙන් නිවේදනයක් අරාජික දේශපාලන තත්ත්වය ඉදිරියට ගෙන යාමට ඉඩදී රටේ අනාගතය විනාශ වන අයුරු බලාසිටීමට නොහැකි බැවින් දේශපේ‍්‍රමී බලවේග විසින් ලබන 5 වැනි දා සංවිධානය කරන ජනබලය කොළඹට ආණ්ඩු විරෝධී රැළියට එක්වන්නැයි 31 August 2018
ඥානසාර හිමිගේ ඇපෑල ඉල්ලීම ඉවත දමයි අධිකරණයට අපහාස කිරීමෙ චෝදනාවට වරදකරු වෙමින් වසර හයක සිරදඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිය නීතීඥවරයා මාර්ගයෙන් කළ ඉල්ලීම අභියාචනාධිකරණය අද (31) ප්‍රතික්ෂේප කරනු ලැබීය . 31 August 2018
‘මෑන් පවර්‘උද්ඝෝෂණයෙන් ගුවන්තොටුපොළ කටයුතු අඩාලයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාගෝ අංශයේ සේවය කරන ‘මෑන් පවර්‘ සේවකයින් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සේවයෙන් ඉවත් වීම හේතුවෙන් මේ වන විට කටුනායක ගුවන්තොටුපොළ කටයුතු ආඩාල වී තිබේ. 31 August 2018
‘ ප්‍රමාද නොකර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි‘ සීමා නිර්ණයේ අඩුපාඩු හඳුනාගෙන අලුත් ක්‍රමයට පළාත් සභා මැතිවරණය ප්‍රමාද නොකර පැවැත්විය යුතු යැයි රජයට යෝජනා කරන බව එක්සත් ජාතික පක්ෂය පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ‘ලංකාදීපය’ට පැවැසූහ. 31 August 2018
ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෙක් ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ඕස්ට්‍රේලියාව තුළ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ වී ඇතැයි කියන චෝදනා යටතේ එරට සිඩ්නි නගරයේදී ශ්‍රී ලාංකික තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ද ගාඩියන් පුවත්පත් වෙබ් අඩවිය (31) වාර්තා කළේය. 31 August 2018
අද සිට ගොවියකුගෙන් වී කිලෝ 3000 ක් මිලට ගැනීමේ තීරණයක් වී අලෙවි මණ්ඩලය මගින් අද (31) සිට ගොවියකුගෙන් වී කිලෝග්‍රෑම් 3000 ක් මිලදී ගැනීමට තිරණය කළ බව කෘෂිකාර්ම සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අම්බලන්තොට වී අලෙවි කිරීමේ ගබඩා සංකීර්ණයේ වි මිලදි ගැනීමේ අවස්තාවට සහභාගි වීමෙන් අනතුරව පැවසීය. 31 August 2018
කත ඝාතනය කළ යතුරුපැදිකරු අත්අඩංගුවට සිය සැමියා ඝාතනය කිරීමේ සිද්ධියට සැකකාරියක වූ කාන්තාවක් අධිකරණ කටයුතු සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී කඩවත රන්මුතුගල දී ඇයට වෙඩි තබා ඝාතනය කළ බව කියන යතුරුපැදිකරු බියගම ටෙලිකොම් ආයතනය ඉදිරිපිට දී අද (31) අත් අඩංගුවට ගත් බව පෑලියගොඩ දිසා අපරාධ ස්ථානය කියයි. 31 August 2018
කෝටි 15 ක රන් සමඟ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට රුපියල් කෝටි 15 කට වඩා අධික වටිනාකමකින් යූත් රත්තරන් කිලෝ ග්‍රෑම් 20 ක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (31) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ. 31 August 2018
‘ඌරු ජුවාගේ’ ගෝලයන් දෙදෙනකු අත්අඩංගුවට මිනීමැරුම් කප්පම් ගැනීම් ගණනාවකට සම්බන්ධ පාතාල සාමාජික ‘ඌරු ජුවා’ නමැත්තාගේ ගෝලයන් දෙදෙනෙකු රුපියල් එක් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සමඟ ඔරුවල දී අත් අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි. 31 August 2018
යුද අපරාධ විභාගයට උතුරු සභාව විශේෂ අධිකරණයක් ඉල්ලයි ශ්‍රී ලංකාවේ සිදුවීයැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් පිළිබඳ නඩු විභාග කිරීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය යටතේ හෝ ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ හෝ විශේෂ අධිකරණයක් මෙරට පිහිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටින යෝජනාවක් උතුරු පළාත් සභාවේදී ඊයේ (30) ඒකමතිකව සම්මත විය. 31 August 2018
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ එයි විදේශීය ණය සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත ජුවාන් පැබ්ලෝ බොලොස්කි මහතා නිල සංචාරයක් සඳහා ලබන 3 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය. 31 August 2018
කාබනික පොහොර නොමිලේ ලබා දීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ කාබනික ගොවිතැනෙහි නිරතවන ගොවීන් සඳහා කාබනික පොහොර නොමිලයේ ලබාදීම සඳහා වන චක්‍රලේඛය කෘෂිකර්ම ආමත්‍යංශය විසින් නිකුත් කර තිබේ. 31 August 2018
මන්නාරම් සමුහ මිනිස් වළෙන් කුඩා ළමයින්ගේ සිරුරු 12 ක් හමුවෙයි මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවළ අදාළ සමූහ මිනිවලේ සිදු කරන ලද කැනීම් තුළින් ඊයේ (30) දිනය අවසන් වන විට කුඩා ළමුන්ගේ බවට සැකකෙරෙන සිරුරු කොටස් 12 ක් හමු 31 August 2018
පෝරකයට නියමවී සිටින ‘සර්පයා’ හිරේ ඉඳන් මුහුණු පොතෙන් රට පුරා කතා කරලා ත්‍රිපුද්ගල ඝාතනයකට මරණ දඬුවම නියමවී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පුද්ගලයකුගේ මුහුණුපොත(Face Book) යාවත්කාලීන වන්නේ කෙසේද? ඒ කොහි සිටද? යන්න පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වාවාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය රහස්පො ලිසියට පෙරේදා (29) නියෝග කළාය. 31 August 2018
මැති ඇමැතිවරුන් 20ක් විදේශ සංචාරවල මැති ඇමැතිවරුන් 20කට ආසන්න පිරිසක් මේ දිනවල විදේශ සංචාරවල යෙදී සිටිතියි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 30 August 2018
රුපියල තවත් පහළට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ යමින් තිබෙන ශ්‍රී ලංකා රුපියල වාර්තාගත අයුරින් අද (30) තවදුරටත් පහළ ගියේය. 30 August 2018
ලංගම සේවකයින්ට වැටුප් වර්ධකයක් ලංගම සේවකයින්ට වැටුප් වර්ධකයක් ලබාදීමට ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කර ඇත. 30 August 2018
ජනපති - අගමැති මෝදි හමුවෙයි බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහා නේපාලයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡාවක් අද ( 30 ) පැවැත්වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් යොදමින් සඳහන් කර තිබිණි. 30 August 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026